Colombo, Poems

මාර්කේස්ගේ සමුගැන්ම හෙවත් ‘ගොළු සවාරිය’

[ෆර්මිනා, ඔහු හුදෙකලා වී එක් වසක් නිහඬව ගෙවෙයි…]

පොතක් අරගෙන ඇසක් අද්දර පසක් කරගත් නුවානය
හිතක් පිළිගෙන අතක් පිරිමැද පෙමක් සිපගත් සුයාමය
ඇපත් නැති වී හිඳින විටෙකදි ඇවිත් සුව කළ තුවාලය
ෆර්මිනා, ඔහු එන පොරොන්දුව දී ගියා ගොළු සවාරිය

ඉන්ද්‍රජාලික සිහිනයක් යට මන්දහාසය සත්‍යයයි
මන්ද්‍ර ස්වර ගෙන දුගී හදවත පොහොසතෙක් කළ ප්‍රේමයයි
චන්ද්‍ර මණ්ඩල පීරුවත් හමු නොවන සුදු වත සාමයයි
ෆර්මිනා, ඔහු කලාවක හුදෙකලා වීමට කාලයයි

වසංගත වෙත ගොදුරු වූ හැටි ලෝක පූජිත යුග දෑත්
වසන් කරනට කිසිත් නොසිතුව මේ ඇඟිලි පහ නැත ඈත්
කතන්දරයක් කියාදෙන්නට සහෝදර රතු නෙතු මෑත්
ෆර්මිනා, ඔහු ෆිදෙල් අසබඩ සිනහවනු ඇත අද රෑත්

ආශාව අවසර පතයි මැහැලියක තරුණිය වී හැඩයි
භාෂාව වයසට නොයයි දුක් අකුරු කියවා දුර බලයි
ආකාස කොළඹත් තැවෙයි මේ නික්මයාමට සමු නොදෙයි
ෆර්මිනා, ඔහු ලෝකයක් බඳු සරල පපුවක සාරයයි!

10526161_625099914284290_1351076398723688294_nකසුන් මහේන්ද්‍ර හීනටිගල | Kasun Mahendra Heenatigala