සිංහල, Colombo, Democracy, Governance, Media

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම ආචාර්ය මර්වින් සිල්වාට..

අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා පත්කර තිබන අතර මෙම ධූරය සඳහා අමාත්‍යවරයෙකු මේවන විටත් පත්කර නොමැත. එහෙත් පසුගිය කාලයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පවරා ගත්තේ ය.

කෙසේ වෙතත් ආචාර්ය මර්වින් සිල්වා පසුගිය කාලය පුරාම ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට විවිධ අයුරින් බලපෑම් කිරිම සහ තර්ජනය කිරීම නිසා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිස්වල විවේචනයට ලක් වී ඇති හිටපු අමාත්‍යවරයෙකි.

ඔහු හිටපු කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා යි. කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි කාලයේ ජනමාධ්‍යයේ ප්‍රභල විවේචනයන්ට ලක් වුනු ආචාර්ය මර්වින් සිල්වා අලුත් ආණ්ඩුවේ දැනට අමාත්‍යවරයෙක් නැති ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති නි්ෙ‍යා්ජ්‍ය අමාත්‍යවරයා ය.