සිංහල, Democracy, Features, Governance, Kandy, Media, Poems

සිරි….රජ… සිරි… අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය මර්වින් සිල්වා..පුවතක්..

අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ(23) දිවුරුම් දුන්නේ ය. ඒ දිවුරුම් දීම පිළිබදව ‛විකල්ප’ පාඨකයෙක් ඔහුගේ සිතිවිල්ල මෙසේ ලියා එවා තිබිණි.

හොම්බ අන්න වන්නට ලියනා උන්නේ
පුම්බා ඇමති පට්ටම ඔලුවට ගත්තේ
රිංගා රටාවට මුල් පුටුවට නැංගේ
අම්මා සිහිකරන්නට වේවි ද දුටුගැමුණුගේ වංශේ

සංදේස අරන් සැළලිහිණියා ගිය පුරයේ
සව්දන්ජෙමා නොවැ රජවැඩ කළ නිරයේ
මහපුටුවටත් වැඩි බලතල දැරු රජයේ
ලියනා කියන උන්ගේ නිරයේ දොර දෝ ඇරියේ

කට ඇරියොතින් වැනසේ දියවන්නේ ගරූ
යන එන තැනදී කටමැත වැඩකිඩ ද චුරූ
දිවුරුම් දිදී පෙන්නුවෙ පච්චා ද පිරූ
නූතන (නො)දුටුගැමුණු සිල් රෙදි අදි ද මරූ

ෙම්ඝ