සිංහල, Colombo, Democracy, Districts, Human Rights, Media

මාධ්‍යට ගිනි නොතබනු ….!


ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ මුද්‍රණාලයට ගිනි තැබීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද(නොවැම්බර් 23) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. දිනෙන් දින ඉහළ යන මාධ්‍යට එරෙහි මර්ධනය, පැහැරගෙනයාම් හා අතුරුදහන් කරවීම් නවතන ලෙසටත් මාධ්‍ය නිදහසට ඉඩදෙන ලෙසටත් උද්ඝෝෂකයන් එහිදී ආණ්ඩුවට බලකර සිටියා.මෙම විරෝධතාවයට මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිතයන් විශාල පිරිසක් සහභාගීවී සිටියා. ඉහතින් දැක්වෙනුයේ උද්ඝෝෂනයේ අවස්ථා ඇතුළත් විඩියෝ පටයයි.