සිංහල, Colombo, Human Security, News, Peace and reconciliation

මොනවද මේ වෙන්නෙ?

ඊයේ හවස (28) නුගේගොඩදී බෝම්බයක් පුපුරා යාමෙන් සාමාන්‍ය වැසියන් 17 දෙනෙකු මියයාමත් සමග ම දකුණේ සාමාන්‍ය ජනයා තුළ නැවතත් බෝම්බ පිළිබඳ බියක් මතුවී තිබේ. හතරවන ඊළාම් යුද්ධය උත්සන්න වීමත් සමගම උතුරේ මෙන්ම දකුණේද සාමාන්‍ය ජනයා යුද වදින දෙපාර්ශවයේ ගොදුරු බවට පත්වී තිබේ. රජයේ හමුදා ප්‍රහාර හේතුවෙන් උතුරේ සාමාන්‍ය ජනයාද එල්.ටී.ටී.ඊ යේ ප්‍රහාර හේතුවෙන් දකුණේ සමාන්‍ය ජනයාද ඝාතනයට ලක්වේ. ඇතිවී තිබෙන මෙම තත්වය පිළිබඳව මෙරට ප්‍රමුඛ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යකෂකවරයාද වන ආචාර්‍ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විකල්ප සමග දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වෙයි.