සිංහල, Colombo, Human Rights, Human Security

ශ්‍රේෂ්ඨාධිකරණය දෙමළ ජනයා අත්අඩංගුවට ගැනීමට එරෙහි විභාගය අරඹයි

woman-and-child-arrested-31.jpg
දෙමළ ජනයා අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබා ගැනීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ලංකා කම්කරු කොංග්‍රසය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක අද (නොවැම්බර් 7) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලා ලංකා කම්කරු කොංග්‍රසයේ පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළා. නමුක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පෙත්සම ඉවත දැමුවේ නෑ. සිදුවූයේ දැනට ලංකා කම්කරු කොංග්‍රසයේ පෙත්සම පමණක් සලකා බැලීමයි.

දෙමළ ජනයා අත්අඩංගුවට ගැනීමත් රඳවා ගැනීමත් සිදුවූයේ දෙසැම්බර් 1 සහ 2 දිනවලදීයි. මෙහිදී සිදුවූ ධනාත්මක වර්ධනය නම් උල්ලංඝණයක් සිදු වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනීමයි. ශ්‍රේෂ්ඨාධිකරණය පියවරක් ඉදිරියට ගොස් ලබන සතිය වන විට අත්අඩංගුවට ගත් අය රඳවා තබාගෙන ඇති පොලිස් ස්ථාන හා රැඳවුම් කඳවුරු පිළිබඳ විස්තර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අදාල බලධාරීන්ට නියම කළා.

උවිඳු කුරුකුලසූරිය