සිංහල, Colombo, Democracy, Health

ශ්‍රී ලාංකික දේශපාලන ප්‍රචණ්ඩත්‍වයේ මනෝ විද්‍යතේමක බලපෑම

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

රජයක මුලිකම කාය්‍යීභාරය වනුයේ තම පුරවැසියන් ප්‍රචණ්ඩත්‍වයෙන් ආරක්‍ෂා කිරීමයි. – ජෝන් ෆෝස්ටර් ඩල්ස් (John Foster Dulles).

ප්‍රචණ්ඩත්‍වය සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ තමාටම හෝ වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ යම් ජන සමාජයකට හෝ විරුද්ධවල හිතාමතාම බලය හෝ කායික ශක්තිය භාවිත කිරීම මඟින් ශාරීරික ආබාධල මානසික ආබාධ මරණය හෝ වියෝගය ඇති කිරීම හෝ ඇතිවිය හැකි ලෙසට ක්‍රියා කිරීම ලෙසය.
( Krug, Dahlberg, Mercy, Zwi & lozano, 2002)

දේශපාලන ප්‍රචණ්ඩත්‍වය යනු දේශපාලන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රචණ්ඩකාරී ක්‍රියා යොදා ගැනීමයි. දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ලොවපුරා මිනිසුන් සහ රජයන් බහුල ලෙස යොදා ගන්නා ක්‍රමයක් වන්නේ ප්‍රචණ්ඩත්‍වයයි. මෙී අර්ථයෙන් ගත් කල දේශපාලන ප්‍රචන්ඩත්‍වයෙන් අධික ලෙස බැටකන රටවල් අතර ශ්‍රී ලංකාවද සිටීග පසුගිය දශක කිහිපය පුරා ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්‍වයේ නිම් වලලු පුලුල් වී තිබේ. ඡන්ද සමයේදී මැර පිරිස් කලහකාරී ලෙස හැසිරීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත. ප්‍රචණ්ඩත්‍වය ශ්‍රී ලාංකික සමාජය හා සංස්කෘතිය වෙලාගෙන ඇත. දේශපාලන ප්‍රචණ්ඩත්‍වය මෙන්ම එහිලා සබැදුණු සාධකද සංකීර්ණ හා බහුවිධ වුවත් ශ්‍රී ලාංකීය ජන සමාජය විනිවිද යන සහ වෙලාගත් සාධකයක් බවට ප්‍රචණ්ඩත්‍වය පත්වෙමින් පවතී.

දේශපාලන ප්‍රචණ්ඩත්වයට මූලික හේතු පෙන්වා දෙන ඩන්කන් පීඩර්සන්ට අනුව අධික ලෙස ණය බරින් පීඩිත දුගී රටවල ආර්ථික හා පාරිසරික පරිහාණිය සම්පත් හීනවීම සහ ජීවිකා වෘත්තිවල ඛාදනය යනාදී සාධක ජන සමාජයේ විවිධ කොටස්වල දරිද්‍රතාව හා ආහාර අනාරක්‍ෂිතතාව ත්‍රීව්‍ර කරයි. විලෝපිත ක්‍රියාමාර්ගවල තරගකාරිත්‍වයද දේශපාලන ප්‍රචණ්ඩත්‍වය සහ අභ්‍යන්තර යුද්ධ හටගැනීම යන සාධකත් සම්පත් හීනවීම නිසා ත්‍රීව්‍ර වන වාර්ගික හා ආගමික ආතතියත් එකිනෙක හා බැදී පවතී ( ඩන්කන් පීඩර්සන් -දේශපාලන ප්‍රචණ්ඩත්‍වයල ජනවාර්ගික අර්බුදය සහ තත්කාලීන යුද්ධ සෞඛ්‍යය සහ සමාජ යහපැවැත්ම කෙරෙහි බලපෑම / Duncan Pedersen – political violence, ethnic conflict and contemporary wars : broad implication for health and social well – being )

සාමූහික ප්‍රචණ්ඩත්‍වය : Collective Violence

සාමූහික ප්‍රචණ්ඩත්‍වය යනු තමන් යම් ( තාවකාලික හෝ යාවජීව ) කණ්ඩායමක සාමාජිකයින් ලෙස හදුන්වා ගන්නා පුද්ගලයින් විසින් තමන්ගේ දේශපාලනල ආර්ථික හෝ සාමාජීය අරමුණු සාක්ෂාත් කර ගනු වස් තවත් කණ්ඩායමකට හෝ පුද්ගලයින් පිරිසකට විරුද්ධව ප්‍රචණ්ඩත්‍වය යොදා ගැනීමයි.

විලියම් කොනසර් (William Kornhauser ) සාමූහික ප්‍රචණ්ඩත්‍වය පිළිබද සමාජ සම්බන්ධතා න්‍යාය (Social Attachments Theory of Collective Violence) ඉදිරිපත් කළ අතර එය යම් පුද්ගලයෙකු ප්‍රචණ්ඩකාරි කණ්ඩායමකට බැදීමේ හැකියාව කෙරෙහි ඔහුගේ සමාජ සම්බන්ධතා වල බලපෑම පිළිබදව අවධානය යොමු කරයගි සමාජ සම්බන්ධතා නොමැති මිනිසුන් තමනුත් සමාජයට අයත්ය යන හැගීම ඇති කර ගැනිම සඳහා මෙවැනි කණ්ඩායමකට බැදීමට වැඩි ඉඩකඩක් ඇතිබව එම න්‍යාය පැහැදිලි කර දෙයි.

සාමූහික ප්‍රචණ්ඩත්‍වය බොහෝ විට කණ්ඩායමක් විසින් සමාජය හැසිරවීමකිග එය හැසිරීමට විචල්‍ය ලෙස දර්ශීයව ප්‍රතිචාර දක්වයිග ඒක පාර්ශ්වික සහ රාජ්‍ය මැදිහත් වීම් හෝ අනුග්‍රහ නොමැති වීම එය සතර මහා ආකරයකින් බාහිරට විද්‍යමාන වේග නඩු නොවිමසා දඩුවම් කිරීම කෝලාහල කිරීම අපරාධ වැලක්වීමට නීතිය අතට ගැනීම සහ ත්‍රස්තවාදය වශයෙනි. මේවා වගකීමේ ස්වභාවය :පුද්ගල හෝ සාමූහික ) සහ සංවිධාන මට්ටම ( ඉහල හෝ දුර්වල ) අනුව පැහැදිලිව වෙන් කොට ගත හැකිය. . ( Roberta Senechal De La Roche, Department of History, Washington & Lee University)

ශ්‍රී ලංකාවේදී සාමූහික ප්‍රචණ්ඩත්‍වය ප්‍රකාශයට පත්වී තිබෙන්නේ සිවිල් කෝලහාල විරෝධතා වධබන්දන පැමිණවීම් කොල්ල කෑම් හා මාෆියා කල්ලි යුද්ධ ආදී වශයෙනි. ශ්‍රී ලංකාවේදී එය දේශපාලනික හා වාර්ගික මුහුණු වරක් ගෙන ඇති අතර මානසික සෞඛ්‍ය මෙන්ම අර්ථිකය කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල තරයි.

ළමා අවධියේ මානසික ආතති සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම

යමකු ළමා කාලයේදී අත්විඳින පීඩා බුද්ධි වර්ධනයට දැඩිව බලපාන අතර එය යමෙකුගේ සමාජ හැසිරීම කෙරෙහි සෘණාත්මකව බලපෑ හැකිය. සාමූහික හෝ පුද්ගල ප්‍රචණ්ඩත්‍වයේ ගොදුරු බවට පත්වු ළමුන් සමාජය කෙරෙහි ක්‍රෝධය හා නොරිස්සුම් ගති දැක්විය හැකි අතර එය ප්‍රචණ්ඩකාරි ස්වභාවයකින් ප්‍රකාශයට පත්විය හැක. පර්යේෂණ වලට අනුව දේශපාලන ප්‍රචණ්ඩත්‍වයේ යෙදුණු ජර්මානු බාඩර් – මයින්හෝෆ් කන්ඩායමේ (German Baader – Meinhof group හිටපු සාමාජිකයින් බහුතරයකට ආතතීන්ට ලක්වූ ළමා කාලයක් තිබී ඇත. ළමා අවධියේ අත්විදින අයහපත් හා සෘණාත්මක අත්දැකිම් සහ සමාජ ප්‍රචණ්ඩත්‍වය අතර සම්බන්ධතාව බොහෝ පර්යේෂණ සනාථ කරයිග මිනිසුන් අත්විදින පීඩා හා ප්‍රචණ්ඩත්‍වය මීලග පරම්පරාවට උරුම විය හැකි අතර එය විෂම චක්‍රයකට මඟපාදයි. සමූල ඝාතන වලින් බේරුණු පුද්ගලයින්ගේ දරුවන්ට පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය Post Traumatic Stress Disorder / PTSD ) වැලදීමේ නැඔුරුව පිළිබදව ආර් යෙහූඩා ඇතුලු පිරිස ( R. Yehuda, at all ) 1998 දී කරණ ලද අධ්‍යයනය ( American journal of psychiatry , 155 (9) : 1163-1171 ) මගින් තහවුරු වූයේ සමූල ඝාතන වලින් දිවි රැකගත් PTSD සහිත දෙමාපියන්ගේ දරුවන්ට PTSD වැලදීමේ අධික අවධානමක් ජීවිත කාලයටම පවතින බවත් පීඩාකාරි සිදුවීම්වලට පසු අන්‍යයන්ට වඩා වැඩියෙන් ඔවුන් ආතතියට ලක්වන බවත්යග එබැවින් සමාජ දේශපාලන ප්‍රචණ්ඩත්‍වය ජන සමාජයට දැඩි හානිකර බලපෑම් ඇති කරයිග.

ආගමික මූලධර්ම වාදය සහ ප්‍රචණ්ඩත්‍වය

ආගමික මූලධර්මවාදය මහත් විවාදාත්මක සහ මතභේදාත්මක විෂයක් මෙන්ම නූතන ලෝකයේ සාමූහික ප්‍රචණ්ඩත්‍වයට හේතු වන සාධකයක්ද බවට පත්ව ඇත .
පසුගිය දශක කිපය තුල ආගමික මූලධර්ම වාදයේ පැතිකඩක් ලෙස ශ්‍රී ලංකාවේද සාමූහික ප්‍රචණ්ඩත්‍වය ක්‍රියාත්මක වී ඇති අතර එම නැඹුරුව තීව්‍ර වෙමින් පවතී තම ඇදහීම සහ විශ්වාස වල ප්‍රචණ්ඩකාරීත්‍වය වැලද ගන්නා පූජකයින් මානසිකව අසමතුලිත පුද්ගලයින් වන අතර ඔවුන් අන්‍යාගමිකයින් දකින්නේ විරුද්ධ වාදින් ලෙසය. මොවුහු තම ආගමෙන් පිටස්තර පුද්ගලයින් පිළිබදව කටයුතු කිරීමේදි අන්‍යොන්‍ය අවබෝධයෙන් තොර වන අතර අන්‍යාගමිකයින්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම බොහෝ විට සාධාරණීකරණය කරති. මොවුහු වෛරය දේශනා කරන අතර ප්‍රචණ්ඩත්‍වයට තම අනුගාමිකයින් උසි ගන්වති. සාමූහික ප්‍රචණ්ඩත්‍වය අනුමත කරන පූජකයින්ට බොහෝ විට ඇත්තේ පීඩිත ළමා අවධියක් වන අතර ඔවුන් සමහරෙකු ලිංගික අපචාර වලටද ලක්වූවන්ය. ඔවුන්ගේ ක්‍රෝධය හා වෛරය පොදුවේ පැතිර තිබීමට හෝ තම ඇදහීම් වලට හෝ වර්ගයාට පිටස්තර පුද්ගලයින් වෙත පමණක් යොමූ වී තිබීමට හෝ හැක. ඔවුහු තමන් ගේ අනාරක්‍ෂිත හැගිම් ආගමට එරෙහි තර්ජනයක් හෝ කුමන්ත්‍රණයක් හෝ ලෙස සලකන අතර ප්‍රචණ්ඩත්‍වය සාධාරණීකරණය කිරීමට එය යොදා ගනී.

ප්‍රචණ්ඩත්වයට හේතු වන දේශපාලන අන්තවාදය

ලාඩ් විල්කොක්ස් Laird Wilcox අර්ථ දක්වන පරිදි දේශපාලන අන්තවාදය යනු තම දේශපාලන මතිමතාන්තර ඉන් ඇති විය හැකි අවාසනාවන්ත ප්‍රතිවිපාකල ඒවායේ ප්‍රායෝගික නොවන ස්වභාවයන් හා ඒවාට විරුද්ධ මතවාද හා හැගිම් නොසලකාල තම මතයම මිස අන් කිසිදු මතයක් නොඉවසන ආකාරයෙන් අනුන්ගේ ජීවිත වලට නිදහසට සහ මානව හිමිකම් වලට ගරු නොකරන දේශපාලන ස්වභාවයක් වෙත ගමන් කරමින් තර්ක කිරීමට පමණක් නොව ප්‍රතිවාදින් විනාශ කිරිමේ අදහසද ඇතිවල අන්තගාමි ලෙස ක්‍රියාත්මක කිරීමයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන අන්තවාදය විවිධ මුහුණුවර වලින් ක්‍රියාත්මක වන අතර බොහෝ විට ජාතිකත්වය හා අගමික මතවාද උපයෝගී කරගනිමින් ප්‍රකාශයට පත වේ. දේශපාලන අන්තවාදියෙකු යනු විශේෂයෙන්ම දේශපාලන කටයුතු වලදී පොදු සම්මතයෙන් බැහැර ක්‍රියාමාර්ග අනුමත කරන හෝ තෝරා ගන්නා අයෙකි. මොහුගේ සමාජ විරෝධි ආකල්ප බොහෝ විට සැගවී පවතින අතර සුදුසු අවස්ථාව එළඹි කල්හි ඒවා පිටතට ප්‍රදර්ශනය වේග දේශපාලන අන්තවාදීහු බොහෝ විට ආගම හෝ ජනවර්ගය මත පදනම් වූ සර්වසම Homogeneous සමාජයක් නිර්මාණයෙහිලා උත්සුක වෙති.

බහු වාර්ගික හා බහු ආගමික ස්වභාවය නොසලකා හරිමින් සර්වසම සමාජයක් නිර්මාණය කිරීම පසුපස ඇති ගැඹුරු මනෝ විද්‍යාත්මක පසුබිම කුමක්ද රෑ මෙය අන්තවාදියා තුල ඇති කෘරතර සමලිංගික ආශයන් විදහා දක්වයි.

මෙය ඇඩොල්ෆ් හිට්ලර් තුල දක්නට ලැබුණිග ජර්මනියේ සර්වම සමාජයක් තැනීමට ඔහු අපමණ වෙහෙසක් දැරීයග අරියන් වර්ගය (Aryan Race) අනෙකුත් වර්ග අතර ශ්‍රේෂ්ඨ වන බව හිට්ලර් විශ්වාස කළ අතර ඔහු අන් ජන වර්ග නොඉවසුවේය. ඔහුගේ අන්තවාදය කාමුක ස්වභාවයක් ඉසලීය. හාවඩ් සරසවියේ ප්‍රකට පුද්ගල ලක්ෂණ විශේෂඥයකු Personality Specialist වූ හෙන්රි මුරේට අනුව හිට්ලර් තම ලිංගිකත්වය පිළිබද ව්‍යාකූල විය.

DSM 4 ට අනුව සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන නමුදු සමලිංගික ආශයන් කෘරත්වය සමග මිශ්‍රව තිබේනම් සහ අදාල පුද්ගලයා එමගින් අධික ලෙස අසහනයට පත්ව සිටී නම් එමගින් රෝගී තත්වයක් හටගත හැක. තම ලිංගිකත්වය පිළිබද දැඩි ලෙස ව්‍යාකූලව සිටින තම කෘරත්වය සමග මිශ්‍රව තිබේන සමලිංගික ආශයන් පාලනය කරගත නෙහැකි දෙශපාලන අන්තවාදියා සර්වසම සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ඕනෑම කැපකිරිමන් කරනු ඇත . ඔහු මෙම අන්තවාදී දර්ශනය තම ජීවිත අරමුණ බවට ජත් කර ගනීග ජර්මානුවන් වරක තම නිදහස එවන් පුද්ගලයෙකුට බාර කළහ.

දේශපාලන ප්‍රචණ්ඩත්‍වය සහ ප්‍රජාත්‍රන්ත්‍රවාදය

දේශපාලන ප්‍රචණ්ඩත්‍වය සමාජ සංවිධානයේ සියලු ස්ථර වලදී ප්‍රකාශයට පත්වේ. ශ්‍රී ලංකාවේ දීර්ඝ යුද්ධය විසින් දේශපාලන ප්‍රචණ්ඩත්‍වය සාධාරණීකරණය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය මහත් විප්ලවකාරී වෙනසකට බඳුන් කර ඇත. ගිනි අවි නිදහසේ සංසරණය වීම මෙම තත්වය තීව්‍ර කළ අතර ප්‍රචණ්ඩත්‍වය එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. බොහෝ දේශපාලකයින් එම තත්වයට උඩගෙඩි දුන් අතර එය බලය ලබා ගැනිම සහ විරුද්ධවාදීන් බිය ගන්වමින් පාලනය කිරීමට පහසු මාර්ගයක් ලෙස සැලකීය. දේශපාලන ප්‍රචණ්ඩත්‍වයේ විෂම චක්‍රය ශ්‍රී ලාංකික ජන සමාජයේ සියලු ස්ථරවලට බලපෑම් එල්ල කළේය.

Uppsela සරසවියේ සාමය හා ගැටුම් පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රිස්ටීන් හොග්ලන්ඩ් (Kristine Hoglund of the Dept. Of Peace and Conflict research – Uppsela University) ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්‍වයේ ස්වභාවය මෙසේ විස්තර කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කෝණයෙන් බලන කල ප්‍රචණ්ඩත්‍වය හා අනාරක්‍ෂිත බව මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි විවිධාකාරයෙන් බලපෑ හැකිය. ඡන්දදායකයින් ලියාපදිචි වීම අඩාල කිරීමට බිය වැද්දීම් හා තර්ජන භාවිත කල හැක. ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් ප්‍රචණ්ඩත්‍වයට ඇති බිය නිසා ඡන්දය දැමීමෙන් වැලකී සිටියහොත් එය අවසාන මුලු ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවට බලපෑ හැක. මැතිවරණ ව්‍යාපාරය තුල සිඳුවන පහරදීම්ල තර්ජනය කිරීම් සහ දේශපාලන ඝාතන දේශපාලන ප්‍රතිවාදින් ඡන්ද ව්‍යාපාරයෙන් බැහැරව යාමට හෝ මැතිවරණය පැවැත්වීම වැලැක්වීමට හෝ හේතුවිය හැකිය. (Electoral Violence in War – Ravaged Societies : The Case of Sri Lanka by Kristine Hoglund)

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන ප්‍රචණ්ඩත්‍වය

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය 1947 දී පැවැත්වුණු අතර එහිදී මහා පරිමාණ සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා : පදඉ ඩසදකැබජැ ( mob violence) ඇතිවිය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ( සොවියට් හිතවාදී පිල ) ක්‍රියාකාරී සාමාජිකයෙකු අබාධිත තත්වයට පත්විය. ඔහුගේ සිව් වියැති පුත්‍රයා මේ සිඳු වීම නිසා අධික කම්පනයට පත්වු අතර දේශපාලනය කරන මිනිසුන් නිසා තමන්ගේ ජීවන තත්වය පරිහාණියට පත්කරමින් තම පියා අබාධිතයෙකු වූ බව කුඩා දරුවකු ලෙස ඔහු දිටීය. පසු කලකදි මෙම ආබාධිත පුද්ගලයාගේ පුත්‍රයා ශ්‍රී ලංකාවේ සමූහ පීඩා (Collective Trauma ඇති කරමින් කැරලි දෙකක් දියත් කළේය. මෙම අවස්ථා දෙකේදී හැත්තෑ දහසකට ආසන්න පිරිසක් තම ජීවිතවලින් වන්දි ගෙවූහ.

ප්‍රභාකරන් සාධකය

ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්‍වයේ කොටසක් ලෙස වාර්ගික කෝලහල ඇතිවිය. සමහර ප්‍රාදේශීය දේශපාලකයින් ලාභ ජනප්‍රියත්වය සඳහා ද්‍රවිඩ ජාතිකයින්ට විරුද්ධව සමූහ ප්‍රචණ්ඩත්‍වය (Gang violence) සංවිධානය කළහ. මෙසේ දෙමළ සහ සිංහල ජාතීන් අතර ආතතිය වැඩි වූ විට සමහරු වාර්ගික චිත්තවේග පවත්වා ගැනීම සඳහා භයංකර කථා නිර්මාණය කළහ.

බොහෝ දෙනෙකුට මරු කැදවමින් කැරලි කණ්ඩායම් විසින් දෙමල වැසියන්ට ම්ලේච්ඡ ලෙස ප්‍රහාර එල්ල කළ 1956 ගල්ඔය කැරලි සහ 1958 වාර්ගික කෝලහල වටා ගෙතුණු මෙවන් භයංකාර කථාවලට සවන්දීමට ළමා ප්‍රභාකරන් පුරුදුව සිටියේය. විමර්ශනාත්මක මාධ්‍යවේදියෙකු වූ එම් ආර් නාරායන් ස්වාමි විස්තර කරණ ආකාරයට පානදුර හිංදු පූජකවරයෙකුගේ කෲර ඝාතනය පිළිබඳ තොරතුරු ඇසීමෙන් ඔහු අධික ලෙස කම්පනයට පත්වියග 1958 වාර්ගික කෝලහල වලදී කැරලිකරුවන් විසින් එම පූජකවරයා පණපිටින් පුලුස්සන ලදී. ප්‍රභාකරන් පලිගැනීමට අදිටන් කර ගත්තේය. සිංහලයින්ට විරුද්ධව සටන් කිරීමට තම ජීවිත අරමුණ බවට පත්කර ගත්තේය. දහසය වියේදී පොදු ප්‍රවාහන ( CTB) බස් රථයකට ගිනි තබමින් ඔහු සිය ප්‍රථම සමාජ විරෝධී ක්‍රියාව සිදු කළේය. LTTE නායකයා බවට පත්වූ පසු ඔහු 1985 අනුරාධපුර සමූල ඝාතනයල 1987 අරන්තලාව සමූල ඝාතනය සහ සිංහල වැසියන් ඉලක්ක කර ගනිමින් සිඳු කළ සිය ගනන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඇතුලු සමූහ ඝාතන ගණනාවක් මෙහෙය වීය. දශක තුනක කාලයක් පුරා ශ්‍රී ලාංකිකයින් 90 000 කට වැඩි ප්‍රමාණයකට මරු කැඳවමින් ප්‍රභාකරන් තම ත්‍රස්තවාදය මෙලෙස දියත් කළේය.

ශ්‍රී ලංකාවේ විප්ලවකාරී දේශපාලන කණ්ඩායම් විසින් දියත් කළ ප්‍රචණ්ඩත්‍වය

ශ්‍රී ලංකාවේ විවිධ විප්ලවකාරී දේශපාලන සංවිධාන තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ප්‍රචණ්ඩත්වය දියත් කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ 1971 සහ 1988 ලෙස කැරලි කෝලහල දෙකක් ක්‍රියාත්මක කළේය. 1970 ගණන්වල සිට දෙමළ සන්නද්ධ කණ්ඩායම් තම ප්‍රචණ්ඩකාරී ව්‍යාපාර දියත් කළ අතර, 2009 මැයි මස දක්වා ක්‍රියාත්මක වූ LTTE ඒ අතර ප්‍රධාන සන්නද්ධ කණ්ඩායම විය.

දෙමල ඊලාම් කොටි සංවිධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මූලාරම්භය හා ව්‍යාප්තිය 1960 ගණන් වල මුල සිට ශ්‍රී ලංකාවේ තිබු සමාජ ප්‍රසාරණයට සහ ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රවල වූ හීන වර්ධනයට සමීපව සම්බන්ධ බව මහාචාර්ය ගාමිණී සමරනායක මහතා පෙන්වා දෙයි. මූලිකවම මෙම කණ්ඩායම් දෙකම මතවාද කරපින්නාගත් ස්වභාවයක වඩා ප්‍රායෝගික ක්‍රියාකාරී ස්වභාවයක් දක්වන අතර සමාන සමාජ ආර්ථික පසුබිමක් ඇති තරුණ තරුණියන්ගෙන් සමන්විතය. (Political violence in Sri Lanka: A diagnostic approach by Gamini Samaranayake )

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මහ ලේකම් ලයනල් බෝපගේ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්‍වයේ මූලාරම්භය පහත අයුරින් විස්තර කරයි.

දිවයිනේ 1948න් පසු දේශපාලන නායකත්වය සියලු ජන කොටස් එක්සත් කරමින් අධිරාජ්‍ය විරෝධි සංගත සටනකින් බිහි වූවක් නොවේ. මෙම පශ්චාත් අධිරාජ්‍යවාදි සැකසුම විසින් එහි වැසියන්ගේ සංස්කෘතික හා භාෂා විවිධත්වයට පමණක් නොව, ඔවුන්ගේ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික අපේක්ෂාවනටද නොගැලපෙන්නා වූල අධිරාජ්‍යවාදී මොඩලයන්ම වූ ඒක සංස්කාතික සහ ඒකීය පරිපාලන ව්‍යුහයක ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයන ලදී.

වරප්‍රසාද නොලත් දුගී ජන කොටස්වල ගෞරවය හා ආරක්ෂාව තහවරු කිරීම වැදගත් යයි පශ්චාත් අධිරාජ්‍යවාදී ශ්‍රී ලංකා රජ්‍යය කිසිවිටක නොසිතුවේය. දේශීය ගැටලු සලකනු ලැබුවේ හා පිළියම් යොදනු ලැබුවේ අර්බුධ මානසිකත්වයක් (Conflict Paradigm) තුල සිටය. සමාජ සාමානාත්මතාවල අසාධාරණත්වය ආරක්ෂාව හා ගෞරවය වෙනුවෙන් වූ සාමකාමී ඉල්ලීම් නිරන්තරයෙන්ම නොසලකා හරින ලද හෝ කෲරලෙස මර්ධනය කරන ලදී. මෙම මර්ධන මගින් පුද්ගලයින්ගේ සහ ජන සමාජවල කායික හා මානසික අඛණ්ඩතාවයට ඇතිවූ අවමානය සහ අනාරක්ෂිත ස්වභාවය අවිආයුධ අතට ගැනීමට මෙලෙස ඔවුන් පොළබවන ලදී ( ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්‍වය – ලයනල් බෝපගේ )

වාර්ගික කෝලහල සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය

මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන රාජන් හූල් පෙන්වා දෙන්නේ ගාමිණී දිසානායක සිරිල් මැතිවි වැනි දේශපාලඥයින් දේශපාලන ප්‍රචණ්ඩත්වයේ කොටසක් ලෙස වාර්ගික කෝලහල දිරි ගැන්වූ බවයිග . (Sri Lanka : The Arrogance of Power : Myths Decadence & Murder – Rajan Hoole)

පහත දැක්වෙන්නේ දේශපාලකයින් විසින් ප්‍රචණ්ඩත්වය සැලසුම් කළ හැකි ආකාරය සහ ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ පූර්ණ විස්තරයක් ඉදිරි පත් කරණ එල්. පියදාස විසින් රචිත ශ්‍රී ලංකාවේ සමූල ඝාතන හා ඉනපසු ( Sri Lanka : The Holocaust and after by L. Piyadasa , inarram book, London 1984) යන්නෙන් උපුටා ගත් කොටසකිග

කර්මාන්ත අමාත්‍ය සිරිල් මැතිව්ගේ මැර කණ්ඩායම් කැළණිය ප්‍රදේශයේ ක්‍රියාත්මක විය. රජයේ වෘත්තීය සමිති වූ ජාතික සේවක සංගමයේ මහ ලේකම්වරයා විසින් මෙහෙය වූ මැර කණ්ඩායම් මුලු කෙළඹ පුරාම සහ විශේෂයෙන්ම වැල්ලවත්ත ප්‍රදේශයේ විනාශය සහ මරණය වපුරවන ලදී . දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවෙි එක්සත් ජාතික පක්ෂයේ එක්තරා නාගරික මන්ත්‍රීවරයෙකු ගල්කිස්ස ප්‍රදේශයේ මැර කණ්ඩායම් මෙහෙයවීය. කොළඹ පිටකොටුවේ ( කඩ සාප්පු 442 ක් විනාශකළ හා මිණීමැරුම් සිදුකළ බසාර් ප්‍රදේශයේ ) අණදෙන්නා ලෙස කටයුතු කළේ අග්‍රාමාත්‍යවරයාගේ ලඟම හිතවතතෙකු වු ඇලෝසියස් මුදලාලිගේ පුත්‍රයාය. මෙවන් උදාහරණ රාශියක් ගෙනහැර දැක්විය හැකග එජාපයේ නායකයින්ට රජයේ අමාත්‍යවරුන්ට සහ පක්ෂ මුලස්ථානයට නිරන්තරයෙන් සේවය කල මැරවරයින් මෙන්ම නිළ ඇඳුමින් සැරසුණු හමුදා සාමාජිකයින් සහ පොලීසියද පහරදිම් මෙහෙයවනු දක්නට ලැබුණි. ඔවුහු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (විෂයභාර අමාත්‍ය එමි. එචි මොහොමඩ් ) සහ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තු සහ සංස්ථා වලට අයත් වාහන පාවිච්චි කළහ. ලංකා පෙට්ට්‍රෝලියම් සංස්ථාවේ තෙල් පිරිපහදුවට අයත් ට්‍රක් රථ වැල්ලවත්තේ මහත් විනාශයක් කළ මිනිසුන් රැගෙන සැතපුම් ගණනක් දුර සිට පැමිණියේය.

අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ් සංචාරයෙන් පසුව නුවරඑළිය ප්‍රදේශයේ ජාතිවාදී කෝලහාලවලට බදුන් වූ ආකාරය ශ්‍රී ලංකාව – විනාශ වූ පරාදීසය (Sri Lanka : paradise in Ruins) යන්නෙහි දැක්වේ.( Sri lanka: Co-ordiítion Center , Kassel, 1983)

ද්‍රවිඩ ජාතිකයින් ප්‍රවාහනය නොකරන ලෙස බස් කොන්දොස්තර වරුන්ට නියෝග ලැබුණි. පක්ෂ සාමාජිකයින් සමඟ රැස්විමක් පැවැත්විමට අමාත්‍ය ගාමිණී දිසාණායක මහතා කොළඹ සිට නුවරඑළියට පැමිණ සිටියේය. පාර්ලිමෙන්තු මන්ත්‍රී හේරත් රණසිංහ ප්‍රකට මැරවරයින් පිරිසක් පූර්වෝපායක් ලෙස ඊට පෙරදින අත්අඩංගුවට ගෙන තිබුණි. ගාමිණී දිසාණායක මහතාගේ පක්ෂ රැස්වීම අවසන් වු සැනින් ඔවුන් මුදා හැරිණිග මොවුහු පෙටිට්‍රල් යකඩ පොලු සහ අනෙකුත් ආයුධ වලින් සන්නද්ධ වී නගරයේ දෙමළ පූජකවරුන් දෙදෙනෙකුට පහර දිමට සැරසුණාහ එහෙත් එම පූජකයෝ බේරී පලා ගියහ. අපේක්ෂා භංගත්වයට පත් ඔවුහු ඉදිරියට ඇඳුණහග තවත් මැර පිරිසක් ඔවුන්ට එක්වූ. ඔවුහු දෙමල වෙළඳ සැලක් වටලා පෙටිට්‍රෝල් ඉස එය ගිනිබත් කළහ.

මැතිවරණ ප්‍රචණ්ඩත්වය

මැතිවරණ ප්‍රචණ්ඩත්‍වය ශ්‍රී ලාංකික දේශපාලනයේ මුල් බැස ගිය ලක්ෂණයක් බවට පත්ව ඇත. එය මිනිසුන්ට සහ දේශපාලනය හා බලය පිළිබඳ ඔවුන්ගේ අවබෝධයට ගැඹුරු බලපෑම් ඇති කරයි. (Kristine hoglund of Uppsala university දක්වන ආකාරයට මැතිවරණ ප්‍රචණ්ඩත්‍වය විවිධ කාරණා සඳහා යොදා ගනු ලබයි. ඡන්ද දැමීමට බාධා කිරීමට අපේක්ෂකයින් ඡන්ද ව්‍යාපාරයේ යෙදීම වැලක්විමට මැතිවරණ ප්‍රතිපල පරාජය කිරීමට ආදී වශයෙනි.

ශ්‍රී ලංකාවේ සහ ග්‍රාමීය ප්‍රදේශවල දේශපාලනය

ශ්‍රී ලාංකික ජන ජීවිතයේ බොහෝ පැතිකඩවලට දේශපාලනය බලපෑම් ඇති කරයි. පිටිසර ගමක් පිළිබද මානව විද්‍යත්තමක අධ්‍යනයකදී ශ්‍රී ලාංකික දේශපාලනය විස්තර කරණු ලබන්නේ ජාතික සහ ආගමික අනන්‍යතාවක් නිර්මාණය කිරිමට සම්බන්ධවූ consuming passion ලෙසය (ස්පෙන්සර්ල 1990 ) රාජ්‍ය මුලික දේශපාලනික අනුග්‍රහය ශ්‍රී ලංකාවේ මුල් බැස ගෙන ඇත. පක්ෂ නායකයින් විසින් රාජ්‍ය සම්පත් තම පෞද්ගලික සුඛ විහරණයට තම දේශපාලන හිතවතුන්ට සංග්‍රහ කිරීමට බලයේ රැදි සිටීමට සහ විපක්ෂය දුර්වල කිරිමට යොදා ගනී. (Suri 2007, 46).

පාලක – අනුග්‍රාහක සම්බන්ධතා (Patron – client relationships ) ශ්‍රී ලාංකික පක්ෂ දේශපාලනයේ හා සංවිධානයේ මධ්‍යගත ලක්ෂණයකි. පක්ෂ ක්‍රියාකාරීන් හා ආධාරකරුවන් තමන්ට සහ තම පවුලේ අයට විවිධ ආකාරයේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙති. එවැනි දෑ අතරින් රැකියා අවස්ථා රාජ්‍ය කොන්ත්‍රාත්තු හා ණය හෝ රජයේ සුභසාධන ප්‍රතිලාභ ආදිය උදාහරණ ලෙස දැක්විය හැකග

1977 මැතිවරණයේදි ප්‍රචණ්ඩක්‍රියා මාලාවක් ඇතිවූ අතරල බොහෝ අය එහි ගොදුරු බවට පත්වූහග ඉන්පසු පැවැති මැතිවරණ වලදී මෙම ප්‍රචණ්ඩකාරි නැඹුරුව ප්‍රමුඛ අංගයක් බවට පත්වියග මින් මිණීමැරුම් පහරදිම් සහ ගිනි තැබීම් මැතිවරණ සමයේදී සාමාන්‍ය සිදුවීම් බවට පත් වියග 1999 නින්දිත වයඹ පලාත් සභා මැතිවරණයේදී ප්‍රාදේශීය දේශපාලඥයෙකු විසින් 52 හැවිරිදි කාන්තාවකට ප්‍රසිද්ධියේ පහරදී නිරුවත් කරණ ලදී.

2001 මහ මැතිවරණයේදී ශ්‍රී ලාංකික දේශපාලනයේ නව නැඹුරුවක් ඇති කරමින් දේශපාලකයින් විසින් මහා පරිමාන මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා ඇතිකිරීම සඳහා හිටපු හමුදා සාමාජිකයින් හා හමුදාවෙන් පැනගිය සෙබලුන් යොදා ගන්නා ලදී. මෙම ප්‍රචණ්ඩත්වයේ උච්චතම අවස්තාව මහ මැතිවරණ දින මහනුවරදී ඇතිවූ අතර මුසලිම් තරුණයින් 10 ක් උඩතලවින්න ප්‍රදේශයේදී වෙඩි තබා මරා දමන ලදි.

යුධ පීඩා අත්දැකීම් සහිත සෙබලු රැසක් 2001 සිට 2010 දක්වා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වලට සම්බන්ධ වූ අතර ඔවුන් අතරින් සමහරක් රෝග විනිශ්චය නොකළ PTSD රෝගීන් බවට විශ්වාස කෙරේ. හමුදා මනෝ විද්‍යාඥයින් දක්වන අන්දමට ක්‍රෝධය හා ප්‍රචණ්ඩත්වය PTSD සහිත සෙබලුන් තුල බහුලව දක්ණට ලැබෙන ආබාධ වේ.

ජැක්සන්හි මිසිසිපි වෛද්‍ය මද්‍යස්ථාන සරසවියේ ( Matthew Tull of the University of missisipi Medical center in Jackson) PTSD සහ සමාජ ප්‍රචණ්ඩත්වය පිළිබඳ දීර්ඝ අධ්‍යනයක් කරණ ලදී. ඔහුට අනුව PTSD සහිත පුද්ගලයින්ට තියුණු සහ පුරෝකතනය කළ නොහැකි භාවාත්මක අත්දැකීම් තිබිය හැකි අතර ක්‍රෝධය හා ප්‍රචණ්ඩකාරී හැසිරීම යනු එවා යම් පාලනයකට නතු කරවන මාර්ගයන් විය හැකිය. ක්‍රෝධය යනු PTSD සමඟ බොහෝ විට සැබැදී පවතින ලජ්ජාව සහ වරදට පසුතැවිලිවීම යනාදී චිත්ත පීඩා ඇතිකරණ භාවයන් හා සම්බන්ධ ආතතිය ප්‍රකාශ කිරීමේ හෝ මුදා හැරීමේ හෝ ක්‍රම වේදයක් විය හැකියග ඉරාක හා ඇෆ්ගනිස්ථාන යුධ ප්‍රවීනයින් පිළිබඳව ඔහු සිඳු කළ පර්යේෂණ මඟන් වාර්තා කෙරුනේ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ඡඔීෘ තිබු යුධ සොල්දාදුවන් කැපී පෙනෙන ලෙස ත්‍රීව්‍ර ක්‍රෝධයක් සහ සතුරු බවක් වාර්ථා කරණ ලද බවයි.

පීඩිත වූ (traumatized) සොල්දාදුවන් දේශපාලන සහ සමාජ ප්‍රචණ්ඩත්වයට යොදා ගත හැකි බව කවුරුත් දනුනා කරුණකි. මෙය සෝමාලියාවේ හා රුවන්ඩාවේ දක්ණට ලැබිණි. අන්තගාමී පිරිස් විසින් ආතතියට ලක්වූ මිනිසුන් (Traumatized people ) ප්‍රචණ්ඩත්වයේ වරදකැරවන් (Perpetrators of violence) බවට පත් කරති. ඇමරිකානු සිවිල් යුද්ධය අවසානයේදී අන්තවාදීන් KKK බිහි කල අතර එය හිටපු හමුදා සොල්දාදුවන් යොදවමින් ඇමරිකාවේ වාර්ගික ප්‍රචණ්ඩක්‍රියා මාලාවක් නිර්මාණය කළේය. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී සටන් කළ ලින්කන් බලකායේ ( Linkan Brigade) බොහෝ සොල්දාදුවෝ මහා ආර්ථික අවපාතයකට ( Great Depression) පසු සමාජ ප්‍රචණ්ඩත්වයේ නියලුනහ.

දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ සමාජ විරෝධි පෞරුෂ ලක්ෂණ ආභාදය (Anti – Social personality disorder / ASPD)

ජේ. ආර්. ජයවර්ධනගේ සිට වර්ථමාන නායකත්වය දක්වා සියලුම රාජ්‍ය නායකයින් සතුව දේශපාලන ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම සඳහා සහචරයෝ සිටියහ. ඔවුන් ඇමතිවරුන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හෝ දේශපාලන අනුග්‍රහය ලබන දාමරිකයෝ වූහ. මොවුන්ගෙන් බහුතරයකට තිබනේ අඩු අධ්‍යාපන මට්ටමක් වන අතර ප්‍රචණ්ඩතවයට නැඹුරු හැසිරීම් රටාවක්ද තිබුණි. මෙම කැරලිකාර කොටස් දාමරික සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා රාශියක් සිඳුකළ නමුදු තම දේශපාලන ස්වාමි වරු විසින් සැම විටම ආරක්ෂා කරණු ලැබූහ. මෙම ලක්ෂණය ශ්‍රී ලාංකික දේශපාලනයේ නිරුවත් යතාර්ථය බවට පත්ව ඇත. මොවුහු නිතරම නීතියට ඉහලින් සිටි අතර තම දේශපාලන නායකයින් වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය ඇතිකිරීමට බලපත්‍ර ලද්දෝ වූහ. මනෝ විද්‍යාත්මකව විග්‍රහ කරණ පරිදි මෙම චරිත අසාමාන්‍ය හැසිරීම් ( Deviant Behaviors) ප්‍රදර්ෂණය කරණ අතර සමාජ විරෝදී පෞරුෂ ලක්ෂණ ආබාදය (ASPD) සහිත කාණ්ඩය සමඟ සැසදේ.

සමාජ විරෝදී පෞරුෂ ලක්ෂණ අබාධය (Anti – Social personality disorder / ASPD)යනු අනෙක් පුද්ගකයින්ගේ අයිතීන් කිසිවිටක ගරු නොකරණ සහ උල්ලංඝනය කරණ තත්වයකි. වංචාව සහ රැවටිල්ල මෙහි මධ්‍යගත ලක්ෂණ වේ. ASPD සහිත පුද්ගලයෝ සමාජ සම්මත සහ නීති ගරුක හැසිරීම් නොසලකති. ඔවුහු ආවේගශීලී මෙන්ම ප්‍රචණ්ඩකාරීද වන අතර ඉතා සුලු පෙළබවීමකින් වුවද ප්‍රචණ්ඩත්වයට පෙළබේග තවද මොවුහු අපරීක්ෂාකාරීය තමන්ගේ හා අනුන්ගේ ආරකෂාවට ගරු නොකරති. වගකීම් පැහැරහරි. පසුතැවිලි නොවීම මොවුන්ගේ මූලික චරිත ලක්ෂණයකි. මොහු අත්මාර්තකාමී අනුකම්පා විරහිතවන අතර තම අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනිම සඳහා අන්‍යයන් නිර්දය ලෙස යොදා ගනී. මොවුන්ට ඇත්තේ නිධංගත ලෙස අස්ථායී (Chronically unstable), සමාජ විරෝධි සහ සමාජ විචල්‍ය ජීවන රටාවන්ය. මෙවැනි මාදිලියේ මිනිසුන් දේශපාලන වශයෙන් බලවත් වූ විට ඔවුනට රටට බලවත් අනර්ථයක් සිදුකළ හැකිය.

දේශපාලන ප්‍රචණ්ඩත්වයේ මානසික බලපෑම

දේශපාලන ප්‍රචණ්ඩත්වය මානසික සෞඛ්‍යය සහ මනෝ විඥාන හා සමාජ යහ පැවැත්ම (Psychosoicial Wellbeing) අතර කිට්ටු සබධතාවක් පවතී. දේශපාලන විශ්වාස සහ ආකල්ප හැසිරීම් සහ එහි අභිප්ප්‍රායන් චිත්තවේග සහ වෙනත් මනෝ විඥාන විචල්‍යයන් ( Psychosoicial Wellbeing) කෙරෙහි විවිධ වූ පැහැදිලි දීර්ඝ කාලීන බලපෑම් දේශපාලන ප්‍රචණ්ඩත්වය විසින් ඇති කරණු ලබයි. මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි එය මහත් ලෙස බලපෑ හැකිය. ප්‍රචණ්ඩත්වයට සහ පරිහානියට ලක්වන සමාජ තත්වයන් ට නිතර මුහුණ පාන මිනිස්සු චිත්තවේගාත්මකව අසංවේදී වන අතර සමාජ වටිනාකම් වලට ඔවුන්ගේ ඇති ගෞරවය හින වේග ප්‍රචණ්ඩත්ව සංස්කෘතිය විසින් බලය ලබා ගැනීමේ හා පවත්වාගැනීමේ මෙන්ම ප්‍රශ්න විසදා ගැනීමේද පිළිගත් මාර්ගයක් ලෙස කලහකාරී ආකල්ප සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම් සැලකීමට මිනසුන් පොළඹවයි. එබැවින් දේශපාලන ප්‍රචණ්ඩත්වය සමග මානසික පීඩා සහ මානසික ආබාධ මුසංහිතව පවතී.

ජොර්ජියාවේ ඇට්ලන්ටාවේ එමොරි සරසවියේ බ්‍රුන්ඩන් එග කෝර්ට් ( Brandon A.kort of the Emony University, Atlanta, Georgia) විසින් නේපාලයේ වසන භූතාන සරණාගතයින් සහ මාවෝවාදී යුද්ධයේ බලපෑම් පිළිබද සායනික පර්යේෂණයක් කරන්නට යෙදුණු අතර දේශපාලන ප්‍රචණ්ඩත්වය පවතින අවස්තාවන්හිදී මානසික පීඩා සහ මානසික ආබාධ ඇතිවන බව අනාවරණය කර ගත්තේය.

දුර්වල මානසික සෞඛ්‍ය ප්‍රථිඵල සමඟ දේශපාලන ප්‍රචණ්ඩත්වය පුද්ගල හා සමාජීය යන මට්ටමි දෙකේදීම බැදී පවතී. දේශපාලන ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් මිනිසුන් චිත්ත පීඩා මානසික අවපාත පසුතැවිලි වීම් කලහකාරී හැගීම් යන ලක්ෂණ ප්‍රදර්ශනය කරණ අතර මෙය තවදුරටත් ප්‍රචණ්ඩත්වය ඇති කරණ විෂම චක්‍රයකට මඟ පාදයි.

හෙල්සින්කි සරසවියේ Raija leena punamaki, පලස්තීන දේශපාලන ප්‍රචන්ඩත්වය පිළිබඳ දීර්ඝ අධ්‍යනයක් කළ අතර ඔහුට අනුව දේශපාලන පීඩාවලට ගොදුරුවීම මානසික සෞඛ්‍ය ප්‍රශ්න ත්‍රීව්‍ර කළ අතර එය දේශපාලන ප්‍රචණ්ඩත්වයට එරෙහි සටන් කිරීම වෙනුවෙන් මිනිසුන් ගෙවිය යුතු මුදල සිහිපත් කර දෙන්නකි.


ශ්‍රී ලංකා දේශපාලන ප්‍රචණ්ඩත්වයට තිත තැබීම

ශ්‍රී ලංකාව 91% ක ඉහල සාක්ෂරතාවයකට උරුමකම් කියන මනරම් දේශයකි. මෙම මිහිපිට පාරාදීසය දශක ගණනාවක් තිස්සේ දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් දරුණු ලෙස බැටකයි. ජන සමාජවල අභ්‍යන්තර ස්ථරයන්ට හානි කරමින් මෙම ප්‍රචන්ඩත්වය අවසන් කිරීම එහි සෑම පුරවැසියකූගේම වගකීමකි. දේශපාලන ප්‍රචණ්ඩත්වයේ හානිකර ස්වභාවය පිළිබඳව සිවිල් සමාජය දැනුවත් වූ විට ඔවුහු එවන් ක්‍රියාවලට සහයෝගය නොදක්වති. මිනිසුන්ට තීක්ෂණ බුද්ධිය ඇතිවිට ඔවුහු දේශපාලන ප්‍රචණ්ඩත්වයට පොළඹවන සුලු බොරු ප්‍රචාර වලට පහසුවෙන් නොරැවටෙති සිවිල් සමාජය ශක්තිමත් කළවිට සහ එය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කරණ විට දේශපාලන ප්‍රචණ්ඩත්වයට එතුල අවකාශයක් නොමැත.