සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

මහේෂ්වරන් ඝාතනය හා දෙමළ දේශපාලන අනාගතය


ශිරාල් ලක්තිලක

ඒස්.සිවකුමාර්

හතරවන ඊළාම් යුද්ධය ආරම්භවූ අවස්ථාවේ සිට මේ දක්වා ද්‍රවිඩ දේශපාලනඥයින් කිහිප පොළක්ම ඝාතනයට ලක්වූවා. ද්‍රවිඩ සංධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා නත්තල් දේව මෙහෙයක් අතරතුරදී ඝාතනය කළ අතර නඩරාජා රවිරාජ් මන්ත්‍රීවරයා කොළඹ අධිආරක්ෂිත කළාපය ආසන්නයේදී ඝාතනයට ලක්වූවා. ඉන්පසුව 2008 වසරේ ජනවාරි පළමුවන දින ආගමික වතාවත් සඳහා කොළඹ කොටහේනේ ශිවම් කෝවිලට ගිය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් මන්ත්‍රී ටී.මහේෂ්වරන් මහතාද ඝාතනයට ලක්වූවා.එසේම තවත් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වූ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාද සිය ජීවිතය බේරා ගැනීම සඳහා රටින් පිටවුවා. නඩරාජා රවිරාජ්, ටී.මහෙෂ්වරන් හා මනෝගනේෂන් යන මන්ත්‍රීවරු තිදෙනාම යුද්ධය හේතුවෙන් දෙමළ ජනයා පත්ව ඇති තත්ත්වයත්, ඔවුන්ගේ මානව හිමිකම් කඩවීමත් පිළිබඳව පාර්ලිමේන්තුව තුළදී මෙන්ම සිංහල සමාජය තුළදී ද ප්‍රභල හඬක් නැගුවන්ය. එසේම ජනාධිපතිතුමා ඇතුලු රජයේ පාර්ශවය පැවසූවේ 2008 වසර ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කරන වසර බවයි. මේ සියළු කාරණාත් සමග ටී මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ඝාතනයත්, දෙමළ දේශපාලනඥයන්ගේ ඉදිරි පැවත්ම පිළිබඳවත් විකල්ප පළපුරුදු දෙමළ ජනමාධ්‍යවේදියෙකු වන එස්.සිවකුමාර් හා නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් සමග කරන ලද සාකච්ඡා ඇතුළත් විඩියෝ පට ඉහත දැක්වේ