සිංහල, Colombo, Democracy, Human Rights, Media

මර්වින්ගේ මැරක්‍රියාවට එරෙහි වු මාධ්‍යවේදීන් දඩයම ඇරඹේ




කම්කරු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වා මහතා පසු ගිය දෙසැම්බර් 27 වන දින ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට ඇතුළුවී එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහර දුන් සිද්ධියට අදාලව අමාත්‍යවරයා සම්බන්ධයෙන් විනයානූකූල පියවරක් ගන්නවා වෙනුවට රූපවාහිණී සංස්ථාවේ සේවකයින් හා ඒ අවස්ථාවේ එහි ගොස් මැදිහත්කරුවන් ලෙස ක්‍රියාකළ මාධ්‍ය සංවිධාන නියෝජිතයින් දඩයම් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ප්‍රධාන මාධ්‍ය සංවිධාන පහ අද පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාකදී පැවසූවා. එහිදී අදහස් දැක්වු වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසූරිය මහතා පැවසූවේ මර්වින් සිල්වා ඇමතිවරයාට එරෙහි උද්ඝෝෂණයට සහය පළකල හා එය වාර්තා කල මාධ්‍යවේදීන්ට මේ වනවිට ජීවිත තර්ජන එල්ලවන බවයි. මෙහි ආසන්න සිදුවීම ලෙස වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පෝද්දල ජයන්ත මහතාගේ නිවසට ඊයේ අළුයම තුනට පමණ පොලිස් ජීප් රථයකින් හා වෑන් රථයකින් පැමිණි 16 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීම සඳහා නිවසින් එලියට එන ලෙසට ඔහුට බලකර ඇත. මේ අවස්ථාවේදී ඔහුගේ අසල්වාසීන් එහි පැමිණි නිසා ඔවුන් පලාගොස් ඇතැයි ද වාර්ථා වේ. මේ සිදුවීම් පිළබඳව මෙරට සියළු දේශපාලන පක්ෂ,බහුජන සංවිධාන මෙන්ම සියළු රටවල තනාපති කාර්‍යයාල දැනුවත් කරන බව මාධ්‍ය සංවිධාන නියෝජිතයින් පැවසූවා. මෙම මාධ්‍ය හමුවේ විඩියෝ පට ඉහත දැක්වේ.