සිංහල, Democracy, Economic issues, Life quips, Matale, Transport

ත්‍රීරෝද රථ සේවයට ‛ආචාරධර්ම’ පද්ධතියක්.

ශ්‍රි ලංකාවේ යහපත් ප්‍රවාහන සංස්කෘතියක් බිහිකිරීම සඳහා තම දායකත්වය සැපයිමේ අරමුණින් පන්නම්පිටිය ත්‍රිරෝද රථ සංගමය තම සාමාජිකයන් සඳහා අචාරධර්ම පද්ධතියක් කෙටුම්පත් කර ඇත.

මාස 6කට ආසන්න කාලයක් තිස්සේ එම සංගමය, මෙයට මූලිකව දායකත්වය සපයන මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදය හා එක්ව, විවිධ සංවිධාන සහ වෘත්තිකයන්ගේ ද දායකත්වය ලබා ගනිමින් මෙම ආචාර ධර්ම පද්ධතිය කෙටුම්පත් කර ඇති අතර, එය රටේ විවිධ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ප්‍රජා නායකයන් වෙත පිළිගන්වමින් පෞද්ගලිකව අදහස් ලබා ගැනීමට නියමිතය. එසේම මෙම ආචාරධර්ම පද්ධතිය අගෝස්තු මස අවසානයේ දි දඹුල්ලේ දී එළිදැක්විමට ද සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබේ.

ලංකාවේ දැනට ත්‍රීවිල් රථ 450000 කට අධික සංඛ්‍යාවක් ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසන අතර, එම ත්‍රිරෝද රථ භාවිතය හා රියදුරන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සමාජයෙන් බොහෝ විට නොයෙකුත් විවේචන එල්ල වෙමින් තිබේ. ඊට විසඳුමක් වශයෙන් එම වෘත්තියේ නියැලි සිටින අයගේම මූලිකත්වය හා එකඟත්වය මත මෙවැනි ආචාර ධර්ම පද්ධතියක් සකස්කර ගැනීම මගින් ආදර්ශමත් ත්‍රිරෝද රථ සංස්කෘතියක් මේ රටේ ඇති කර ගැනීමට හැකි වනු ඇතැයි පන්නම්පිටිය ත්‍රිරෝද රථ සංගමයත්, මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදයත් ප්‍රකාශ කරයි.

එහි ආරම්භක පියවර වශයෙන් පන්නමිපිටිය ත්‍රීරෝද රථ සංගමයට මුල්වරට මෙම ආචාරධර්ම පද්ධතිය සකස් කිරීමෙන් පසු ඉදිරියේදී මෙය දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත්, එමඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සංස්කෘතියේ විශාල ප්‍රවර්ධනයක් සිදු සිදුකිරීමට හැකිවනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

එසේම ත්‍රීරෝද රථ සේවය සඳහා මෙවැනි විධිමත් ආචාර ධර්ම පද්ධතියක් සැකසෙන්නේ ලොව ප්‍රථමවරට බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ෙකටුම්පත් කරන ලද එම අාචාරධර්ම පද්ධතිෙය් ෙතාරත=රැ සදහා – http://lanka3wheel.wordpress.com/2010/08/20/cord-of-ethics/

පහත දැක්ෙවන්ෙන් දඹුල්ෙල් දී පැවති අාචාරධර්ම සකසා ගැනීම පිළිබද වැඩමුලුෙව් ඡායාරෑප කිහිපයකි.

Pic by – YRDGLanka – Matale