Colombo, Featured Articles, Features

පක්ෂ නායකත්වය සහ ආධිපත්‍ය බලය

File photo
වර්තමානයේ සෑම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන්ගෙන් නිතර ඇසෙන්නට දකින්නට ලැබෙන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ දේශපාලන පක්ෂ නායකත්වය සහ දේශපාලන පක්ෂ ආධිපත්‍ය බලය ව්‍යාප්තිය පිළිබඳවයි. විශේෂයෙන්ම පක්ෂ නායකත්වය විසින් පක්ෂය තුළ ආධිපත්‍ය බලය වර්ධනය කිරීමට උත්සාහ ගන්නා ආකාරය ප්‍රබලව දැකිය හැකිය. උදාහරණ වශයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානත්මක වැඩපිළිවෙළක් පිළිබඳ මේ දිනවල වැඩියෙන් කතා බවට ලක් වෙමින් පවතී. නවකයන් හට දේශපාලන හුරුව දී මුලුමනින්ම පක්ෂය සංවිධානය කර ඉදිරි දේශපාලන අරමුණු ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන එක්සත් ජාතික පක්ෂය තුළ මේ කියන දේශපාලන ප්‍රතිසංවිධානය හිස් කතාවක් බවට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. මන්ද යත් එකී ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන ආකාරයක් දකිනට නොලැබෙන නිසාවෙනි. කෙසේ වුවද මෙයින් හෙළිවන යථාර්තය නම් දේශපාලන පක්ෂ ආධිපත්‍යයට වඩා දේශපාලන පක්ෂ නායකත්වයේ ආධිපත්‍ය බලය ඉතා බලවත්ව ගොඩ නැගී ඇති බවයි. මෙි පිළිබූඳ පාඨක ඔබට න්‍යායාත්මක විග්‍රහයක් ඉදිරිපත් කොට එහි යථාර්තය අවබෝධ කර දීම මෙි ලිපියේ ප්‍රධාන අරමුණයි.

දේශපාලන පක්ෂ නායකත්වය, නායකත්ව බලය පිළිබඳ න්‍යායාත්මක විග්‍රහයක් කරන රොබටි මිෂෙල් සමාජ විද්‍යාඥයා විසින් පෙන්වා දී ඇති න්‍යායාත්මක ප්‍රවෙිශයන් යථාර්ථයක් බවට නුතන දේශපාලන ක්‍රියාකාරිත්වය පත්ව ඇති. මෙකී විග්‍රහයෙන් පෙන්වා දෙන ආකාරයට දේශපාලන පක්ෂ නායකත්වය ස්වාභාවයෙන්ම අධිකාරී බලයක් අයත් කර ගැනීමෙි නැඔුරුවක් පවතින තත්වයක් දැකිය හැකිය. මෙයින් අදහස් වන්නේ දේශපාලන පක්ෂයක් තුළ ඕනෑම සාමාන්‍ය සාමාජීක බහුතරය ඉක්මවා ගිය ආධිපත්‍යය බලයක් පක්ෂ නායකත්වය වටා ගොඩ නැගී ඇති බවකි. මේ අනුව සෑම සමාජ සංවිධානයක් තුළ මෙන්ම දේශපාලන පක්ෂයක් තුළද නායකත්වයට පුද්ගලයන් තේරි පත් වන්නේ සාමාජීකයින්ගේ බහුතර බලයෙනි. එම නිසා නායකයන් හැසිරිය යුත්තේ සාමාජික බහුතරයේ අනුමැතියෙනි. මෙවැනී තත්වයක් තුළ නායකත්වයන් හැසිරිය යුත්තේ සාමාජික බහුතරයේ අනුමැතිය මතයි. මෙහිදී එසේ නොවන නායකත්වයන් ඉවත් කිරීම සඳහා බලයක් සාමාජීකයන් හට ඇති නමුත් න්‍යායාත්මකව ප්‍රකාශ වන මෙම තත්වය ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය තුළ දැකිය නොහැකියි. සැබෑ පසුබිම බවට පත්ව ඇත්තේ වරක් නායකත්වයට පත් වු පසු ලෙහෙසියෙන් සහ පහසුවෙන් නායකයන් ඉවත් කළ නොහැකි බවයි. එනම් සාමාන්‍ය සාමාජිකයින් කැමැති වුවත් අකමැති වුවත් බලයේ දිගටම රැදී සිටින බවයි. මෙයින් සිදුවන්නේ නායකයන් වෙනස් කිරීමට උත්සාහ ගන්නා සාමාන්‍ය සාමාජීකයින්ට පක්ෂය හැර යාමට සිදු වුවද නායකයන් පක්ෂ හැර යාම සිදු නොකරන බවයි. මෙය නුතනයේ මෙරට දේශපාලන ක්‍රමය තුලින් මනාව දැක ගත හැකියි. මෙවැනි තත්වයක් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වටා ගොඩනැගී පැවතීම ඛෙිදනීය තත්වයකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට අහිතකරව බලපාන්නකි. එසේම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව පවත්වා ගෙන යාම උදෙසා ශක්තිමත් විපක්ෂයක් ද අවශ්‍ය බැවිනි. මෙවැනි තත්වයක් තුළ සිදුව ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතිය තවදුරටත් මන්ද ගාමී විමකි.

උදාහරණ ලෙස පෙන්වා දෙන්නේ නම් ඉකුත් දින බ්‍රිතාන්‍ය පාර්ලිමෙින්තු මැතිවරණයෙන් ලේබර් පක්ෂය නියෝජනය කළ ගෝල්ඩන් බ්‍රවුන් මැතිවරණ පරාජය සමග ලේබර් පක්ෂ නායකත්වයෙන් ද ඉවත් විය. එය රටක දේශපාලන සංස්කෘතියේ ප්‍රමුඛතාව ලොවට ප්‍රකාශ කරන්නකි. නමුත් මෙරට මැතිවරණ ඉතිහාසයේ දිගින් දිගටම පරාජය වෙමින් බලයේ සිටින පිරිස් රොබට් ම්ෂේල් පෙන්වා දුන් න්‍යායයන් යාථාර්ථයක් බවට පත් කරමින් සිටිම තුළින් එක් අතකින් ලංකාවෙි දේශපාලන සංස්කෘතියේ මන්ද ගාමිත්වය ද හෙළි කරයි.

මෙහිදී විමසීමට බඳුන් කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වන නායකයන් මෙයාකාර ආධිපත්‍ය බලයක් හිමි කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. මේ පිළිබඳ විමසීමේදී පළමු වැන්න ලෙස හදුනා ගත හැක්කේ පක්ෂ තිරණ ගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය සමාජිකයින් ඉක්මවා ගිය බලයක් නායකත්වය සතු බවයි. නුතන දේශපාලන ක්‍රමය අනුව දේශපාලන පක්ෂයක් වු කලී ලක්ෂ සංඛ්‍යාත සාමාජිකයන්ගෙන් යුත් මහා පරිමාණ සංවිධානයකි. එවැනි පසුබිමක තීරණ ගැනීමෙි ක්‍රියාවලි සඳහා සියලුම සමාජීකයින්ගේ සහභාගිත්වය සිදු කළ නොහැකි වේ. එසේම මෙහිදී විශේෂයින් හඳුනා ගත හැකි කරුණු කිහිපයකි. එනම් පක්ෂ තීරණ ගැනීම සම්බන්ධ බලය, දේශපාලන බුද්ධිය හා දැනුම, නායකත්වයේ ආධිපතිත්ව බලය, ඉක්මනින් සහ පහසුවෙන් දේශපාලන තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව, නායකයන් සතු නායකත්ව ප්‍රාගුණ්‍යය, පක්ෂයේ අඛණ්ඩ පැවැත්ම ආරක්ෂා කර ගැනීමෙි අවශ්‍යතාවය, පක්ෂ වැඩ කටයුතු සම්බන්ධයෙන් සාමාන්‍ය සාමාජීකයා තුළ ඇති උදාසීනභාවය, රට තුළ ක්‍රියාත්මක වන නියෝජන ක්‍රමය තුලින් පක්ෂ නායකත්ව බලය වර්ධනය වීම ප්‍රමුඛව දැක ගත හැකියි. මෙවැනි තත්වයක් තුළ දේශපාලන පක්ෂ නායකත්වය තව දුරටත් වර්ධනය වීමක් සිදුවේ. මෙය එක්සත් ජාතික පක්ෂ නායකත්වය වටා ගොඩ නැගී තිබිම ඛෙිදනීය තත්වයක් ලෙස සැළකිය හැකියි.
විශේෂයන්ම පක්ෂ නායකත්ව බලය පිළිබඳ විමසීමට ලක් කිරීමෙිදී සාමාන්‍ය සාමාජීකයින් ඉක්මවා ගිය නායකයන් සතු වන දේශපාලන බුද්ධිය හා දැනුම නායකත්වයේ ආධිපතිත්ව බලය වර්ධනය කරන්නාවු ප්‍රධාන සාධකයක් ලෙස සැළකිය හැකියි. නායකයන් පුර්ණකාලීනව දේශපාලනයේ නියැලෙන වෘත්තීමය දේශපාලඥයෝ වන හෙයින් මෙන්ම නායකත්වයට පත් වන්නේ ද දිගු කාලයක් පක්ෂය තුළ වැඩ කිරීම තුළින් පක්ෂ නායකත්වයට හිමි දේශපාලන දැනුම, අත්දැකීම් සම්භාරය නිසා දේශපාලන බුද්ධිය නිතැතින්ම වර්ධනය වන බැවින් ද දේශපාලන පක්ෂ නායකත්වය සතු බලය සුළු පටු නොවේ. තමන්ට වඩා නායකයන් සියලු තොරතුරු දන්නා බව හා ඒ නිසාම සිත් හී හටගන්නා මානසික යටහත් බාවය නිසාම නායකත්වය සිදු කරනු ලබන්නේ සිය මතවාදය ඉතාම ලෙහෙසියෙන් සාමාන්‍ය මහජනයා වෙත පතිත කිරීමට උත්සාහ දැරිමයි. මින් සිදු වන්නේ සාමාන්‍ය ජනයා ඉක්මවා ගිය අසීමිත බලයක් දේශපාලන පක්ෂ නායකත්වය වටා ඒකරාශී වීමයි. එය නුතන දේශපාලන ප්‍රවාහය තුළ දිගින් දිගටම සිදු වෙමින් පවතින අතර එය ගැන පුදුම විය යුතුද නැත.

කෙසේ වුවද, දේශපාලන පක්ෂ නායකත්වය බලය වර්ධනය වීම සඳහා බලපාන ලබන තවත් කරුණක් ලෙස සඳහන් කළ හැක්කේ නායකත්වය සහ සාමාන්‍ය සාමාජීකයින් අතර පවතින දේශපාලන තොරතුරු ලබා ගැනීමෙි හැකියාවෙි පවතින වෙනසයි. විශේෂයෙන්ම පක්ෂයේ අභ්‍යන්තර දේවල්, පක්ෂයේ රහස්, පක්ෂයේ සන්නිවෙිදන කාර්යයන් සියල්ල පාලනය සිදු කරනු ලබන්නේ පක්ෂ නායකත්වයන් විසිනි. එපමණක් නොව තමන්ට එරෙහිව පක්ෂය තුලින් මතුවන විරෝධතා හා තර්ජන ආදිය මර්ධනය කිරීම මෙන්ම පාලනය කිරීමද සිදු කරනු ලබන්නේ පක්ෂ නායකත්වය තුළිනි. මින් ගම්‍ය වන්නේ දේශපාලන පක්ෂ නායකත්වය වු කලී අධි දේශපාලන බලය සංකේන්ද්‍රගත වුවක් ලෙසයි. මෙවැනි තත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ දැනට බොල් වු සිහිනයක් පමණක් වීම සාධාරණයි. මන්ද යත් නායකත්වය වු කලී බලයේ කේන්ද්‍රස්ථානයක් වන බැවිනි.

එසේම නායකත්වය තුල පවතින අසීමිත බල පරාක්‍රමය, ප්‍රාගුණ්‍යයන් තුලින්ද සිදුව ඇත්තේ නායකත්වය හා සාමාන්‍ය ජනයා අතර පැහැදිලි වෙන් කිරීමක් සිදු වීමකි. යම් නායකයකු බොහෝ කාලයක් පක්ෂ නායකත්වය දරා සිටින්නේ නම් එහිදී සිදුවන්නේ ඔහු විවිධාකාර නායකත්ව ප්‍රාගුණ්‍ය නැතැතින්ම වර්ධනය වේ. එබැවින් දේශපාලන පක්ෂ නායකත්වයට වෙන කිසිදු අධීකාරීයකට හිමි නොවන අසීමිත බල වපසරීයක් හිමිවේ. මීට අමතරව පක්ෂයේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව නායකත්වය හා සාමාන්‍ය සමාජීකයින් අතර බලය ව්‍යාප්ත වීම කෙරෙහි බලපානු ලබන අතර එසේම පක්ෂ වැඩ කටයුතු සම්බන්ධයෙන් සාමාන්‍ය සාමාජීකයා තුළ ඇති උදාසීනත්වය නායකත්වය හා පක්ෂ නායකත්වය අතර වෙනසක් ඇති වීම කෙරෙහි බලපානු ලැබේ. දාහර්න ලෙස මැතිවරණ අවස්ථාවලදී ක්‍රියාකාරීව හැසිරෙන ජනතාව ඉන් අනතුරු කාලවකවානුවෙිදී ක්‍රීයාකාරී නොවන අතර ඔවුන් සිදුකරනු ලබන්නේ නායකයන් කරන දේ අනුමත කරමින් නායකයන් ක්‍රියාකරන ආකාරය බලා සිටීම පමණි. මින් සිදු වන්නේ ශක්තිමත් බල අධිකාරීයක් තව දුරටත් වර්ධනය වීමයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක පැවැත්ම සඳහා සුදුසු වන්නේ නැත.

එසේම පක්ෂ නායකත්වය බලය වර්ධනය වීම උදෙසා බලපානු ලබන තවත් සාධකයක් ලෙස රටේ තිබෙන නියෝජන ක්‍රමය හදුන්වා දිය හැකිය. විශේෂයෙන්ම රටක පවතින්නා වු සරළ බහුතර නියෝජන ක්‍රමය තුලින් පක්ෂ නායකත්වයේ බලය අඩු වීම සිදුවන අතර සමානුපාතික නියෝජනය ක්‍රමය තුලින් තවදුරටත් පක්ෂ නායකත්වයේ බලය වර්ධනය විමක් සිදු වේ. සරළ බහුතර ක්‍රමය යටතේ ඕනෑම අයෙකුට පක්ෂයේ නාම යෝජනා නොමැති වුවද තරඟ කිරීමට අවස්ථාව උදා වන අතර නමුත් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පුද්ගලයා හා පෞද්ගලිකත්වය වැදගත් නොවන අතර පක්ෂය හා පක්ෂ නායකත්වය ඉතා වැදගත් වේ. පුද්ගලයන් ජන්දය දෙන්නේ පුද්ගලයාට නොව පක්ෂයට වන බැවින් පක්ෂයේ නාමයෝජනා සකස් කිරීම, ඔවුනට ලැයිස්තුවෙි කුමන ස්ථානය හිමි විය යුතුද, මෙි සියල්ල තීරණය කරනු ලබන්නේ පක්ෂ නායකත්වය විසින් වන බැවින් පක්ෂ නායකයාගේ හොඳ හිත පවත්වා ගෙන යාම අනිවාර්ය දෙයක් වේ. උදාහරණ ලෙස පක්ෂයේ නායකයා සමඟ යම් ගැටුමක් ආරම්භ කිරීම දේශපාලන වශයෙන් සිය දිවි හානී කර ගැනීමක් හා සමානය.

මෙවැනී තත්වයක් තුළ පක්ෂ නායකත්වයට වන්දනාමාන කරන යාදින්නන් පිරිසක් බිහි වීම තිතැතින්ම සිදු වේ. මින් සිදු වන්නේ මිනිසුන් විසින් මිනිසුන් උදෙසා, මිනිසුන් විසින් කරනු ලබන පාලනය ප්‍රජාතන්ත්‍රවාදය, ලෙස දුටු ඒබ්‍රහම් ලින්කන්ගේ මතය ප්‍රතික්ෂේපිත වන බවයි. නුතනයට අවශ්‍ය වන්නේ සත්‍ය ප්‍රජාතන්ත්‍රවදයකි. ඒ සඳහා පක්ෂ නායකත්වය සතු අධිපත්‍ය බලය නැති කළ යුතු යුගය දැන් පැමිණ ඇත. මින් එනයින් මෙරට ශක්තිමත් විපක්ෂයක් බිහි කර ගැනීමෙි අරමුණ සපථ කර ගත හැකි සේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද නැවත ශක්තිමත් කර ගත හැකිය.

නාලීකා දිල්රුක්ෂී බණ්ඩාර