Colombo, Democracy, Governance, Media

‛‛වාසුදේව නානයක්කාර මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදීයි.’’ වාමාංශික ව්‍යාපාරය

විධායකය පිළිබද වමාංශීක ව්‍යාපාරය මීට පෙර කළ ප්‍රකාශ

2005 දී වාමාංශික පක්ෂ එකතුව
http://www.mahindarajapaksa.com/PENews/oct2905_01.php

වමාංශික පක්ෂ පහේ එකතුව (ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයල ශ්‍රී ලංකා මහජන පක්ෂයල දේශ විමුක්ති ජනතා පක්ෂයල සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ) ජනාධිපති අපේක්ෂකල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තනය ප්‍රතිපත්ති ප්‍රකාශනයල වමේ පක්ෂවලට පූර්ණ වශයෙන් එකඟවිය නොහැකි යම් යම් කාරණා තිබුණා වුවත් මූලික වශයෙන් ජනතා හිතවාදි ප්‍රතිපත්ති මාලාවක් ලෙස සලකන බව ඊයේ නිකුත්කළ පුවත් පත් නිවේදකයකින් කියා සිටියේය. එම නිවේදනයේ මෙසේ සඳහන් විය. ‛ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මහින්ද චින්තනයේ ඇතුළත් වන පොරොන්දු වාමාංශික පක්ෂ අගය කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමත් ඒ පොරොන්දු අතර ප්‍රධාන වෙනවා’’.

2010 මැයි මාසයේදී වාසුදේව නානායක්කාර
http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/11251-vasu-wants-executive-presidency-abolished.html

බලයේ සිටින ජනාධිපතිවරයෙකුට වාර දෙකකට වඩා එම ධුරය සඳහා තරඟ කළ නොහැකි වන ලෙස ව්‍යවස්ථාවෙන් පනවා ඇති සීමාවන් අවලංගු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට වමේ පක්ෂ විරුද්ධයි. ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයල සහ ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ යන පක්ෂවලින් සමන්විත වන වමේ පොදු පෙරමුණ මැයි 31 වන දා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී සම්මන්ත්‍රණයක් පවත්වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ විධායක ජනාධිපති ධුරය වෙනුවට විධායක අගමැති ධුරයක් ස්ථාපිත කිරීමට වමේ පොදු පෙරමුණ සිය විරෝධය පළ කරන බවයි.

2010 ජූනි වාසුදේව නානායක්කාර
http://www.bbc.co.uk/sinhala/news/story/2010/06/100610_unpcon.shtml

විධායක ජනාධිපති ධුරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරකට තමන් විරුද්ධ වන බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය. තමන් ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම විධායක ජනාධිපතිධුරයට විරුද්ධව පෙනී සිටි බව ඔහු කියා සිටියේය. ආණ්ඩුවත් සමග සිටිමින්ම ජනාධිපතිට තවත් ධුර කාලයක් බලයේ සිටීම සඳහා ඉඩ ලබා දෙන ක්‍රියාමාර්ගයකට තමන් විරෝධය පළ කරන බව ඔහු ප්‍රකාශ කළේය.

දින කීපයකට ඉහතදී වාසුදේව නානායක්කාර මහතා අද දෙරණට කළ ප්‍රකාශයක්
http://www.adaderana.lk/news.php?nid=9651

වමේ පක්ෂ 1978 ව්‍යවස්ථාවට එරෙහි වූණා සේම මේ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලටත් එරෙහි වන වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මහ ලේකම් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නායක වාසුදේව නානායක්කාර මහතා මීට ටික මොහොතකට පෙර අද දෙරණට කියා සිටියේය.

වාසුදේව නානායක්කාර අද ලංකාදීප

වමේ පක්ෂ එකතුව 18 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේදි ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ පැවසීය.

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද මාධ්‍ය නිෙව්දනය – වාමාංශික ව්‍යාපාරය

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීමට සමාජවාදී ජනතා පෙරමුණ ගත් තීන්දුව ලංකා සම සමාජ පක්‍ෂයේ හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ බහුතර තීන්දුව නොවේ.

සමාජවාදී ජනතා පෙරමුණ සමන්විත වන පක්‍ෂ 2ක් වන ලංකා සම සමාජ පක්‍ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනයට පක්‍ෂව ඡන්දය භාවිතා නොකිරිමට තීරණය කර තිබියදීත් එම තීරණ නොතකා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීමට ලසසප හා ප්‍රවාපෙ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගත් තීන්දුව අප තරයේ ප්‍රතික්‍ෂේප කරමු. සමාජවාදී ජනතා පෙරමුණ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතයට විරුද්ධවූවත්, මේ අවස්ථාව සලකා එයට පක්‍ෂව ඡන්දය ලබාදෙන බවට වාසුදේව නානයක්කාර සහෝදරයා මාධ්‍යයට කල ප්‍රකාශය අවස්ථාවාදී මෙන්ම එම පක්‍ෂවල බහුතරයේ තීන්දු උල්ලංඝනය කිරිමකි.

සමාජවාදී ජනතා පෙරමුණ මෙම සංශෝධනයට සහය පලකිරිමට ඉදිරිපත්වීම අනාගතයේදී රටතුල අධිකාරිවාදී පාලනතන්ත්‍රයක් ඇතිකිරිමට අනුභලදීමක් ලෙස සැලකිය යුතුවේ. විශේෂයෙන්ම දීර්ඝ කාලයක් පුරා වාමාංශික ව්‍යාපාරය ගෙනගිය අරගලය හා වාමාංශික හෘදසාක්‍ෂිය අමු අමුවේ පවා දීමක්ය. මෙම තීරණයත් සමඟ සමාජවාදී ජනතා පෙරමුණේ නායකත්වයේ අවස්ථාවාදී භාවය හා දේශපාලනික බෙලහීනභාවය පෙන්නුම් කරයි. කෙසේවූවත් මෙම ව්‍යවස්ථා සංශෝධනයට හා එමගින් ඇතිවිය හැකි දේශපාලන අධිකාරිවාදය පරාජය කිරිමේ වාමාංශික ව්‍යාපාරයේ අරගලය දිගටම ගෙනයන අතර එම සාමුහික අරගලයට සියළුම ප්‍රගතිශීලී බලවේගවලට ආරාධනා කරමු.

අත්සන් කලේ

අධිනීතිඥ අශෝක වීරසිංහද සිල්වා (ල.ස.ස.පෙ භාණ්ඩාගාරික හා දේශපාලන මණ්ඩල සභික)
විමල් රුද්‍රිගූ (ල.ස.ස.පෙ නි. ලේකම් හා දේශපාලන මණ්ඩල සභික)
අධිනීතිඥ ලාල් විජේනායක (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
අධිනීතිඥ පර්සි වික්‍රමසේකර (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න (ල.ස.ස.පෙ දේශපාලන මණ්ඩල සභික)
ටී. එම් රෂ්ඩීන් (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික හා සභාපති ලංකා කම්කරු සම්මේලනය)
චමීර පෙරේරා (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික හා ප්‍රධාන ලේකම් සම සමාජ තරුණ සමිති මහා සංගමය)
හෙළරුවන් සේනාරත්න (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික)
ඒ. ඇස්. ඇම්. ෆාරුක් (ල.ස.ස.පෙ මධ්‍යම කාරක සභික)
ආචාර්‍ය කුමාර් ඩේවිඩ් (ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
ආර්. පී. ලංකාලෝක ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
කුවින්ටස් ලියනගේ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩඩ්ලි කලන්සූරිය ආරච්චි ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩබ්. කේ. විලේගොඩ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික හා විධායක සභික)
ඩිශාන් ධර්මසේන ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
තිසුන් වනසිංහ ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)
එච්. ඒ. ඒ. චන්ද්‍රපාල ( ප්‍ර.වා.පෙ. මධ්‍යම කාරක සභික)