දේශපාලන පෞරුෂත්වය සංකල්පයක් ලෙස ගැනීමෙිදී මේ සඳහා ඉපැරණී
ඉතිහාසයක් ඇත. විශේෂයෙන්ම රටක දේශපාලන ක්‍රමය සංවර්ධනය වීම උදෙසා
නායකත්වයන් විසින් ගනු ලබන තීන්දු-තීරණ ඉතා වැදගත් කොට සැළකිය හැකි
අතර එකී තීන්දු-තීරණ සාර්ථක වීම උදෙසා සැබැවින්ම බලපානු ලබන සංකල්පයක්
ලෙස පුද්ගල පෞරුෂත්වය හදුන්වා දිය හැකිය. උදාහරණ ලෙස 1977 කාලපරාසයේ
වියට්නාම යුද්ධය සම්බන්ධව වීමසීමට ලක් කිරීමෙිදී ලෙනඩ් බී.ජෝන්සන්, ජෝන්
කෙනඩි වැනි දේශපාලන නායකත්වයන් හැරුණ කළ ඉන්දීය නිදහස් සටනේ
නියමුවන් වන මහත්මා ගාන්ධි, ජවහල්ලාර් නේරු වැනි නායකයන්ගේ පුද්ගල
පෞරුෂය ඉතා වැදගත් කොට සැළකිය හැකිය. මේකී පෞරුෂත්වයන් ගොඩ නැගීම
උදෙසා බලපානු ලබන කාරණු පිළිබඳ සමාජ සහ මනෝ විද්‍යාත්මක විග්‍රහයක් සිදු
කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණයි.
දේශපාලන නායකත්වයන්හි පුද්ගල පෞරුෂත්වය වර්ධනය වීම උදෙසා
බලපාන ලබන සාධක ලෙස ඵෙතිහාසික සන්දර්භය, සමාජ පසුබිම, දේශපාලන
සමාජානුයෝජනයේ කාරකයන්, ජීව විද්‍යාත්මක සාදක, දේශපාලන සාරධර්ම නැති
නම් දේශපාලන වටපිටාව වැනි සාධක නිතැතින්ම බලපානු ලැබේ. විශේෂයෙන්ම මේකී
තත්වයන් පිළිබඳ අධ්‍යයන සිදුකළ බොහෝ අධ්‍යයන ක්‍රම තුලින් මෙකී තත්ත්වය
පැහැදිලි කර ඇත. උදාහරණ ලෙස 1930 දී Psychology and Politics 1951 ගණන්
වලදී රචිත Democratic Character වැනි ග්‍රන්ථ වලින් මේ බව හෙළිදරව් වේ.
මේ විග්‍රහ අනුව දේශපාලන නායකත්වයන් තුළ පුද්ගල පෞරුෂය වර්ධනය වීම
උදෙසා බලපාන සාධක අතර වැදගත්ම සාධකයක් ලෙස ඓතිහාසික සන්දර්භය
ශඳුන්වා දිය හැකිය. මේ තුලින් කීමට උත්සාහ කරනුයේ ඓතිහාසිකව බලපාන ලද
සිදුවීම් යම් දේශපාලන නායකත්වයක් බිහිවීම උදෙසා බලපාන බවයි. විශේෂයෙන්ම
එරට පෙර පැවැති දේශපාලන, ආර්ථික, සමාජීය වටපිටාව මේ සඳහා බලපානු ලැබේ.
එසේම පුද්ගල පෞරුෂය හැඩ ගැසීම උදෙසා රටක පවතින අස්ථාවර
දේශපාලන, සමාජ වටපිටාවද බලපානු ලැබේ. උදාහරණ ලෙස ඇඩෝල්ඩ් හිට්ලර් වැනි
දේශපාලන නායකත්වයන් ජර්මනිය තුළ බිහි වීම උදෙසා බලපාන ලද ප්‍රධාන
සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය. එනම් දෙවන ලෝක යුද්ධයෙන් ජය ගත්
ඇමෙරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය වැනි රටවල් වර්සෙල්ස් සම්මුතිය, මගින් පරාජිත රටවලින්
නැවැත එවැනි යුද්ධයක් පැමිණීම වැළැක්වීම සඳහා වන්දි අය කරන ලදි. එවැනි
පසුබිමක ජර්මන් ආර්ථිකය අන්තයටම පිරීහීමට පත් විය. එසේම උද්ධමනය අහස
උසට නගින ලදි. ජර්මන් මාක් විල්බැරෝ එකක් ගෙන ගොස් එක් පාන් ගෙඩියක්
ගැනීමට හැකි ලෙස ආර්ථිකය බිඳ වැටිනි. මින් වැඩිම බලපෑම එල්ලවුයේ මේ වන
විට ජිවත් වු මධ්‍යම පාන්තිකයන්ට වන අතර ඔවුන් නිර්ධන පන්තිය ලෙසටද
නිර්ධන පන්තිය අනත් දුගී බාවයට ද පත් විය. එවැනි පසුබිමක හිට්ලර් වැනි
නායකත්වයන් බිහිව ඇත. මෙයින් කීමට උත්සාහ ගනු ලබන්නේ යම් නායකත්වයක්
ගොඩ නැගීම උදෙසා ඓතිහාසික සාධක ප්‍රබලව බලපානු ලබන අතරම එසේම
පුද්ගලයකුගේ සමාජ පදනමද පෞරුෂය ගොඩ නැගීම උදෙසා බෙහෙවින්ම බලපානු
බවයි. එනම් ඔහු හෝ ඇය හැදුනු වැඩුන සමාජ වටපිටාව, සමාජ පදනම ආදීය
බලපාන බවයි.
දේශපාලන නායකත්ව පෞරුෂය හැඩගැසීම සඳහා බලපානු ලබන සාධක
අතර දේශපාලන සමාජානුයෝජනය සිදු කරන සාධකයන් ද මේ සඳහා බලපානු
ලැබේ. උදාහරණ ලෙස පවුල, අධ්‍යාපනය, සමාජ සංවිධාන මේ ආදී දේශපාලන
සමාජානුයෝජනය සිදුකරන සාධකද ඒ සඳහා බලපෑමක් සිදුකරනු ලැබේ. මෙයින්
කෙනකු ලබන අධ්‍යාපනය මේ සඳහා ප්‍රබල බලපෑමක් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම
විධිමත් ලෙස මෙන්ම අවධිමත් ලෙස ලබන අධ්‍යාපනය මේ සඳහා බලපානු
ලැබේ. විධිමත් අධ්‍යාපනය ලෙස පාසල්,විශ්ව විද්‍යාල වැනි අධ්‍යාපන ආයතන මගින්
විෂයාත්මකව දේශපාලනය හදාරනු ලැබේ. එසේම තම විෂයභාර ගුරුවරයා විසින්
ලබා දෙන දේශපාලන දැනුම විධිමත් දැනුමක් වේ. නමුත් මෙහිදී ගුරුවරයාගේ
දේශපාලන දෘෂ්ටියද පුද්ලයකුගේ පෞරුෂය වර්ධනයට හේතුකාරක වේ. මෙයින්ද
පුද්ගල පෞරුෂය ගොඩ නැගීම සඳහා ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලබයි.
දේශපාලන නායකත්ව පෞරුෂය වර්ධනය සඳහා බලපානු ලබන සාධක අතර
ජීව විද්‍යාත්මක සාධකද ප්‍රබල සාධක වේ. විශේෂයෙන්ම පුද්ගලයාට ජානමය වශයෙන්
ගෙන එන ගුණාංග මානසික හා චිත්ත ස්වභාවය මෙහිදී වැදගත් වේ. එනම් තමාගේ
ජානමය බලපෑම්ද පෞරුෂය ගොඩ නැගීමට ඉවහල් වේ. මීට අමතරව දේශපාලන
අස්ථාවර බාවය, දුර්වල රාජ්‍ය පදනම ආදීය ද පෞරුෂය ගොඩනැගීම උදෙසා
බලපානු ලැබේ.
ඉහත දක්වන ලද සාදක, දේශපාලන නායකත්ව පෞරුෂය ගොඩ නැගීම
උදෙසා බලපානු ලබන අතර මෙවැනි පෞරුෂයක් හිමි නායකත්වයන් එක්කෝ අධිපති
වාදී නායකයන් බවට පත් වන අතර සමහරෙක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන හරයක්
සහිත නායකයන් බවට පත් වේ.
නාලීකා දිල්රුක්ෂී බංඩාර