Colombo, Featured Articles, Features

ලෝක ළමා දිනය සහ 14හැවිරිදි දැරියක දරුවෙකු ප්‍රසූත කීරීම – එකිනෙකාට මල් හුවමාරැ කරගන්නා ළමා අධිකාරිය


අද ලෝක ළමා දිනයයි. ‛හොඳම දේ ළමුන්ට’ යනු ඕනෑම ශීෂ්ඨ සමාජයක් අනුමත කරන සංකල්පයකි. ක්‍රියාකාරීත්වයකි. අද ලෝක ළමා දිනය රාජ්‍ය අංශ මෙන්ම, රාජ්‍ය නොවන අංශ ද විවිධ දේ ළමුන්ට පෙන්නා, විවිධ වැඩ දමමින් සමරනු ලබයි. ඇතැම් ආයතන ළමයි සත්තු වත්ත බලන්න රැගෙන යයි. ඇතැම් අය විහාර මහා දේවී උද්‍යානයේ කෝච්චියේ යන්න එක්කගෙන යයි. තවත් අයෙක් ‛යමු ළමයි මුහුද බලන්න…’ කියා ගෝල්ෆේස් රැගෙන යයි. හවස්වන විට සියලු දේ හමාර වී තවත් එක් ළමා දිනයක් සැමරූවා යැයි සිතා දාඩිය පෙරාගෙන, නිදිකිරා වැටෙමින් වැඩිහිටියන්ගේ අතල් එකට බයිට් වූ ළමයි ගෙදර යයි. එතනින් ළමුන්ගේ දිනය හමාර වෙයි. ඉන් පසුව අයෙත් පටන් ගන්නේ තමන්ගේ දේශපාලනයට හෝ මොනයම් කාරණාවකට බයිට් එකට ළමුන් පාවිච්චි කරනා වැඩිහිටියන්ගේ දිනවල් ය. තමන්ෙග් ෙද්ශපාලනෙයෙ ෙප්‍රාපගැන්ඩාවට ළමන් වඩා ගන්නා, ඉඹ ගන්නා, සිංහළ ලමුන්ෙග් නලලෙ ෙමාට්ටු තියා ෙදමළ යයි ෙපන්නන අාඩම්බරකාර තාත්තලාය, මාමලාය.(අද ළමා දිනය වගේම, වැඩිහිටියන්ගේද දිනයයි..ජෝක් එකටද මන්දා…)

ෙම් සියලු ෙද් මැද වැඩිහිටියන්ට වැඩදමන ලෝකයේ ළමුන්ට සිදුවුනු මහා අපරාධ දෙකක් ඊයේ(30) දිනමිණ වර්තා කළේය. එකක් ළමා විවාහ 300ක් රෙජිස්ටර් කර රෙජිස්ටාර් වැඩිහිටිෙයක් පිළිබඳවය. අනෙක අවුරුදු 14ක කුඩා දියණියක් කළ දරු ප්‍රසුතියක් ගැනය.

පළමු පුවතට අදාළ රෙජිස්ටාර් වැඩිහිටියා අත්අඩංගුවට ගත් බවත්, එවන් විවාහයන් සිදුකිරීමේ දී උප්පැන්න සහතිකයත්, හැඳුනුම්පතත් පරීක්ෂා කරන ලෙසට ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය නියෝග කර ඇති බව දිනමිණ පවස යි. ගැටඑව වන්නේ එවන් ළමා විවාහ 300ක් සිදු කරන තෙක් මෙම අධිකාරිය සිටියේ කොහේද යන්නයි. කිසිදු අයුරකින් මෙම තත්වය ඔවුන්ට දැන ගැනිමට ලැබුනේ නැති ද? මෙයින් පැහැදිලි වන්නේ අපේ රටේ ළමුන් වෙනුවෙන් ඇති ආයතනය වැඩ කරන්නේ මෙළෙස බව ය.

දිනමිණ පලකල අනෙක් පුවත එයට වඩා වෙනස්ය. එය ළාබාල දැරියක දූෂණයයට ලක් විෙම් සිද්ධියකි. එම පුවත සදහන් කරන්ෙන්, මෙම අදාළ දැරිය විසූ නිවසේ සිට සේවයට ගිය මේසන් වැඩ කරන්නෙකු ඇයව දූෂණයට ලක්කර ඇති බවයි. දිනමිණ එම පුවත මෙසේ වාර්තා කරයි. ‛‛ පසුගිය වසරේ ජූලි මාසයේ සිදු වූ මෙම සිදුවීමෙන් තෙමසක් ඉක්ම යනවිට ඇය, මවක වීමේ ලකුණු පහළ වූ පසු ඇයගේ නිවැසියන් මෙම මේසන් බාස් මාමා පිළිබඳව සොයා බැලුවද ඔහු සොයාගැනීමට බැරි විය.

පියකු නොමැතිව දරුවකු බිහිකරන්නට කඳුළු හෙළන මේ දැරිය පිළිබඳව කරුණාබරිත වූ දැරියගේ මස්සිනාගේ මිතුරකු ඇයට පිහිට වන බවට ප්‍රතිඥා දුන්නේ එයින් පසුවය. “එහෙත් පෙරේදා (28) උපන් මේ බිළිඳාට රැකවරණය සපයන්නට ඔහුට නීතිය හරස් වී ඇත්තේය. දැරිය අඩුවයසේ පසුවන බැවින් ඔහුට ඇය හා විවාහවීමට නොහැකිය. එහෙත් ඇයටත් බිළිඳු පුතුටත් තෑගි රැගෙන ඊයේ (29) ඔහු කාසල් රෝහලට පැමිණ සිටිනු දක්නා ලදී.

“ඇයට සෙනෙහෙබර සැමියකු වීමට තමන් කැමති බවත්, මේ දක්වා ඇයව ආදරයෙන් රැකබලා ගත් බවත් ඔහු ළමා අරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරිනියනට පැවැසුවේය.”

දැන් ළමුන් වෙනුවෙන් වැඩකරනා ලංකාවේ රාජ්‍ය ආතනයේ නිළධාරීන් ඉදිරියේ මේ ළාබාල දැරිය රැක බලා ගන්නා ලෙසත් ඇයට සෙනෙහෙබර සැමියෙකු වන ලෙසත් එම දැරියගේ මස්සිනාගේ මිතුරා ඉදිරිපත් වී ඇත. අධිකාරියේ සියලු දෙනාටත් අස්වලට කඳුලු උනා ඇත. මොන තරම් හොඳ පිරිමියෙක් දැයි නිතිඥ අනෝමාටත්, එතන හිටපු දොස්තර නොනලාටත් සිතෙන්නට ඇත. එහෙත් යථාර්තය ඇත්තේ ඔවුන්ගේ සිතුවිලිත්, අසරණ දැරියව භාර ගන්නා ලෙස කඳුලු සලමින් එන තරුණයාටත් බොහෝ දුරකිනි.

ලාංකීය පිරිමියා යනු ස්ත්‍රීන් ‛බඩුවක්’ යැයි සළකන සහ තම ගැහැණියගේ කන්‍යාභාවය තමන්ට ලැබුණ උතුම්ම දායාදයක්(බොහෝ පිරිමින්) යැයි සළකා(ලේ බැලීමේ උමතුවෙන් පෙළෙන), බොහෝවිට තම බිරිඳව වහලියක කර ගන්නා අසංස්කෘතික සිරුරකි.(එය පසුගිය දා ජයවර්ධන පුර සරසවියේ උපකුලපතිවරයාගේ කන්‍යාභාවය පරීක්ෂාවෙන් නැවතත් තහවරු විය.) මෙවන් පිරිමින් සිටිනා සමාජයක මේ තරුණයාගේ කිඹුල් කඳුලු අසරණ දැරියගේ අනාගතය අතික්‍රමණය කලේ ය. එතන සිටි ළමා ආරක්ෂක අධිකාරියටවත්, පොළීසියටවත් මෙයත් අපයෝජනයක් යැයි පෙනුනේ නැත්තේ එබැවිනි. මෙවන් අධිකාරියක පිහිට පතන ලංකාවේ ළමුන්ට සහ ගැහැණුන්ට දෙයියන්ගේම පිහිට ය.

මෙවන් අවස්ථාවකදී මෙවැනි ආයතනයකට කලයුතුව තිබුනේ මෙය අසා සිටීම ද, නැතහොත් මෙම දැරිය දූෂණයට ලක් කළ එම බාස් මාමා යැයි හඳුන්වන තැනැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න සෙවීමත්? මෙම දැරියගේ අනාගතය, විශේෂයෙන් ඇයට අහිමි වූ අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේ ද? වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම නොවේ ද? එසේම මෙවන් අසාධාරණ සහ අනාරක්ෂිත ගැබ් ගැනීමක් (විශේෂයෙන් කුඩා දැරියක්) සිදු වූව හොත් ආරක්ෂිත ගබ්සාකිරීමක් සිදුකර ගැනීමට පහසුකම් සළසා දෙන්නේ කසේ ද යන්නත් පිළිබඳව අවධානය යොමු කරවන්නේ කසේ ද යන්නත් පිලිබදව සොයා බැලීමත් ය. නමුත් ළමා අධිකාරියත්, රෝහල් බලධාරිනුත් සිදු කළේ තමන් මහා ලොකු වැඩක් කල යැයි සිතා එකිනෙකාට මල් හුවමාරැ කරගනිමින් සතුටු වීමය.

එම අවිචාරවත් සතුට වෙනුවෙන් බුද්ධිකා ඉඹුලාන දිනමිණට තම පෑන හසුරුවමින් පුවත් පත තුළ නැවතත් මෙම දැරිය අපයෝජනයට ලක් කලේ ය. ඒ මෙසේ ලියමින් ය. ‛‛කඩුවෙලට නොදුරු තම මවුපියන් හා සොහොයුරන් සමඟ කෙලිදෙළෙන් ජීවත් වූ ඇයට ඒ අවාසනාවන්ත ඉරණම අත් වූ දිනයේදී පාසල් යාමට අවිදි වුයේ බොහෝ ප්‍රමාද වීය. නංගීලා ද පාසල් ගොසිනි. මව ද පුංචි අම්මාගේ නිවසට යන බව කියා ගියා ය. නිවසේ ඉතිරි වූයේ ඇයත් ඇයගේ නිවසේ නතර වී රැකියාවට ගිය මේසන් වැඩ කරන්නෙකුත් පමණි. මේ පුද්ගලයාට වතුර වීදුරුවක් ලබා දීමට කාමරයට ගිය ඇයව මේ ‛ම්සන් බාස් මාමා’ ඔහුගේ යහන මත දී දූෂණය කළේ ය.’’(මෙය වඩා අවධානය පිණීසය – මේ පුද්ගලයාට වතුර වීදුරුවක් ලබා දීමට කාමරයට ගිය ඇයව මේ ‛ම්සන් බාස් මාමා’ ඔහුගේ යහන මත දී දූෂණය කළේ ය.’’) දැන් ලිපිය ලියන මේ වාර්තාකාරිනිය සිදුවීම හරියටම තම දෑස් ඉදිරිපිට සිදු වූවා සේ විස්තර කරයි. එය ලංකාවේ අවිචාරවත් ලාංකීය පාඨකයාට මේ සිදුවීම අවිචාරවත් ලිංගික චිත්‍රපටයකි. දිනමිණ පාඨකායාත් මෙය රසකර බලනු ඇත. නමුත් ප්‍රශ්ණයක් පවතී. ඇය මේ සිදුවීම එලෙසම ලියූවත් මේ දැරියගේ අනාගතය මේ දුෂණය සිදුකළ පුද්ගලයා, සිදුවීමෙන් පසු පොලීසියට කරන ලද පැමිණිල්ල දැරිවියගේ දෙමාපියන් විසින් ඉලාල් අස්කර ගැනීම, එවැනි පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගැනීමට නීතියේ ප්‍රතිපාදන තිබේ ද?, පොලීසියේ දමා පසුව ඉල්ලා අස්කර ගැණුනු පැමිණිල්ලත් සහ ඒ පිළිබදව ළමා ආර්ක්ෂක අධිකාරිය ගන්නේ කුමන තීන්දුවක්ද?, යන්න දිනමිණේ ලේඛිකාවට ලියැවෙන්නේ නැත. ඒ තරමටම මාධ්‍ය ආචාරධර්ම සහ ගවේශණාත්මක මාධ්‍ය කලාව දිනමිණෙන් වාෂ්පව ගොසිනි.

අනෙක නම් මේ කුඩා දැරියට සිදු වූ අසාධාරණය පිළිබඳව මේ ලේඛිකාව එම පුවතට භාවිතා කරන්නේ පෙර සටහන් කළ එකිනෙකාට මල් හුවමාරැ කරගනිමින් වන උත්කර්ෂවත් මොහොතක සිනාමුසු ඡායාරූපයකි.

අවුරුදු 14ක දැරිය දූෂනයට ලක්වීමත්, එම දැරිය දරුවෙකු බිහි කිරීමත් ඒ තරමටම රෝහලටත්, ළමා ආරක්ෂක අධිකාරයටත් සාමාන්‍ය දෙයක් වී තිෙබ්ද. එය සැමරීමකට අවස්ථාවක්ද? කළ යුතු වන්ෙන් දැරියෙග් අනාගතයත් අාරක්ෂාවත් බළිබදව කටයුතු කිරීම ෙනාෙව්ද, වාර්තා කළ යුතු වන්ෙන් ද එම සිදුවීම නැවතත් චිත්‍රයට නංවනවා ෙවනුවට විසදුම් ෙසවීෙම් ක්‍රියාවලියකට සහෙයෝගය දක්වන වාර්තාවක් ෙනාෙව් ද..

එහෙයින් අප අද ළමා දිනය සමරන්නේ අවුරුදු 14ක දැරියක් දූෂනයට ලක් කර දරුවෙකු බිහි කල පසු ඒ පිළිබදව විදිමිත් පරීක්ෂනයක් සිදු කරනවා වෙනුවට, එය වෘත්තීය ලෙස මාධ්‍ය මගින් වාර්තා කරනවා වෙනුවට එකිනෙකාට මල් හුවමාරැ කරගනිමින් සමරණ ළමා දිනයට පෙර දිනයකි.

සංවාදයට විවෘතයි.

-විශ්ව-
ෙම් එ මල් හුවමාරැ කරගන්නා ඡායාරෑපයයි.