සිංහල, Eastern Elections, Governance, Peace and reconciliation

මේ වෙලේ මොන ඡන්දයක්ද?

බෙනඩික්ට් තනබාලසිංහම් (ප්ලොට්)

මේ වෙලේ මොකටද ඡන්දයක්. තවම ආයුධ සංස්කෘතිය ඉවර වෙලා නෑනෙ. මඩකළපු නගරෙ නම් ආයුධ ගත්ත අය නෑ. ඒත ටිකක් එහාට යන්න ඕන බලන්න. තුරෙයි නිලාවලි, කලවංචිකුඩි අපේ කාර්‍යාලවලට ආයුධ ගත්ත ටීඑම්වීපී පිරිස් ඇවිත් තර්ජනය කරා. පැමිණිළි දාල තියෙන්නෙ. බලහත්කාරය යොදවන ටීඑම්වීපී ප්‍රධානීන් ගැනත් අපි පොලිසියට කියළ තියෙන්නේ. නමුත් පොලීසිය උනන්දු නෑ. ඔවුන් ජනයාට කියන්නෙ අපට ජන්දෙ නොදුන්නොත් වැඩ වරදියි කියළ. නාවක්කුඩාවල ගෙවල් බින්දෙ ආයුධ සන්නද්ධ පිරිස්. පොලීසිය අහක බලාගෙන ඉන්නෙ. අන්තිමේදි මිනිස්සු අල්ලල දුන්න.

පොදු පෙරමුණයි ටීඑම්වීපී යයි කියනවා කොහොම හරි දිනනවා කියළ. ප්‍රශ්නෙ ඒකයි. ටීඑම්වීපී ය ඉන්නේ ආණ්ඩුවේ හමුදාව සමඟ. එක් ප්‍රසිද්ධ රහසක්නෙ. යුද්ධ ප්‍රධානින් ටීඑම්වීපී යට කිට්ටුයි. අපේ අපේක්ෂකයින්ට එහෙම තත්ත්වයක් නෑ. කළවංචිකුඩියේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය උනා විතරයි ටීඑම්වීපී ය ආයුධ අරන් බැස්සා පාරට. නිරායුධ වෙනවා කියන්නෙ ඒක ද? මඩකළපු ඡන්දෙ ලොකුම ප්‍රශ්නෙ ටීඑම්වීපී ය ආයුධ සන්නද්ධව ඉදීම.

අපට ඡන්ද පොළ නිරීක්ෂකයින් දා ගන්නවත් බැරිවේවි. ජනයා ඒ තරමට බය යි. අපේ සංවිධාන ටීඑම්වීපී එක්ක සංධානයකට යන්න හැදුවේ මේ බය නැති කරන්න. ඒත් ඔවුන් කැමැති වුනේ නැහැ. එදා එල්ටීටීඊ එකෙයි අද ටීඑම්වීපී එකෙයි වෙනසක් නෑ. එකම වෙනස එල්ටීටීඊ යට මීට වඩා විනයක් තිබුණ. ටීඑම්වීපී නායකත්වයට පාලනයක් නෑ. අපේ මිනිස්සුත් ටීඑම්වීපී ය බලයෙන් ඒ අයගෙ ලැයිස්තු වලට දා ගත්තා.

ආණ්ඩුවට ඕන නැගෙනහිරින් කොටි පැන්නුවා බලය අපේ අතේ කියළ පෙන්නන්න. නමුත් කොටි නැතිවෙලාම නෑ. අඩුම ගණනේ සියයට 20වත් එල්ටීටීඊයට සහාය දෙනවා. ඉස්සරහට සිදුවීම් වෙන්නත් පුළුවන්.

13වන සංශෝධනය මදි විතරක් නොවෙයි උතුරු නැගෙනහිර එක් පළාතක් වශයෙන් තියෙන්නත් ඕන. ප්ලොට් ස්ථාවරය ඒක යි.

මං පරණ මිනිහෙක්. ප්ලොට් එකට බැදුනේ 1983 දී. අව්රුද 25ක් විතර ව්‍යාපා්ෙර ඉන්නේ. සන්නද්ධ ඉතිහාසයක් අපටත් තියෙනවා. දැන් මඩකළපු අම්පාර ප්ලොට් දේශපාලන නායකත්වය දරන්නෙ මමයි.

සටහන – සුනන්ද දේශප්‍රිය