සිංහල, Gampaha, Human Rights, Life quips, Peace and reconciliation

සාක් ආරක්ෂාවට මිගමු ධීවරයන්ට තහංචි

මෙරටදී පැවැත්වෙන 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව ආරක්ෂාව හේතුවෙන් මිගමුව කලපුව හා අවට ධීවර රැකියාවේ යෙදීම තහනම් කර තිබේ. ජූලි 28 වන දින සිට 30 වන දින දක්වා සවස 6 න්පසුවත් 30 වන දින සිට 3 වන දින දක්වා සම්පූර්ණයෙනුත් මෙම තහනම ක්‍රියාත්මක වන බව බළධාරින් විසින් ධීවරයන්ට දන්වා ඇත. මේ හේතුවෙන්මිගමුව,වැල්ලවිදිය,මහවිදිය,පිටිපන,දූව,තලාහේන,දුන්ගල්පිටිය,සෙත්ප්පාඩුව,කැපුම්ගොඩ, කුරණ හා කටුනායක ආදී ප්‍රදේශ වල ධිවර පවුල් 3000 කට පමණ සිය රැකියාව කරගැනිමට නොහැකි වි ඇත. මෙම තිරණය හේතුවෙන් දැඩිලෙසම පිඩාවට පත්ව සිටින්නේ එදිනෙදා කුලියට ධීවර රැකියාවේ යෙදෙන පිරිසයි. ධීවර යාත්‍රා මෙන්ම නොගැඹුරු කලපුවේ සිදුකරන කට්ටු දැල්,විසිදැල් හා මස් අටු එලිමද මෙමගින් සම්පූර්ණයෙන් තහනම් කර ඇත. මෙම තීරණයෙන් තමන්ට සිදුවන අසාධාරණය පිළිබඳව ධීවර සමිති ධීවර අමාත්‍යවරයාට කරුණු දැක්වුවද ඔහු පවසා ඇත්තේ මෙය ආරක්ෂක අමාත්‍යාංශයේ තීන්දුවක් නිසා තමාට මැදිහත් විය නොහැකි බවයි. මේ පිළිබඳව විකල්ප සමග අදහස් දැක්වු මීගමු ධීවරයන් පැවසුවේ සාක් නිසා තමන්ට හා තම දරුපවුල් වලට බඩගින්නේ සිටින්නට සිදුවි තිබෙන බවයි. ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ කියන්නේ මෙවාට බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා.