සිංහල, Batticaloa, Governance, Human Rights, Peace and reconciliation

රත්නායක විමලාවතී දෙමළ වූවාය

පසුගිය මාසේ මා මඩකළපුවට ගියේ සමීක්ෂණයක් සඳහායි. එහිදී සමීක්ෂණයට බඳුන් වූ එක් තරුණ කණ්ඩායමක් හදුනාගැනිමේ දී එහි සිටි එක් තරුණියක් ඇයව හඳුන්වා දුන්නේ රත්නායක විමලාවතී ලෙසයි.
නංගි සිංහල ද ? ඇය උත්තර නොදුන්නාය. ඇය සමග සිටි අනෙක් තරුණිය ඇයට සිංහල නොදන්නා බව පැවසූ නිසා ඇයගේ තතු විමසීමට හිතුවෙමි. භාෂා පරිවර්ථකගේ උදවුවෙන් මම ඇයත් සමග දොඩමළු විමී.
ඇයගේ හැඳුනුම්පතේ සිංහලෙන් සඳහන් වී තිබෙන්නේ රත්නායක විමලාවතී කියාය. එහෙත් ඇයට සිංහල වචනයක් හෝ අකුරක් බැරිය. ඇයගේ හැඳුනුම්පත ඇයට කියවීමට බැරිය. එහෙත් නම සිංහල නිසා ඇයට ලැබි තිබෙන්නේ සිහල හැඳුනුම් පතකි.
මගේ අම්මා දෙමළ තාත්තා සිංහල තාත්තාගේ ගම දකුණු පළාතේ මාතර.ඔහු ධීවරයෙක් අම්මාගේ ගම මඩකලපුවේ කෝට්ටෛ් කල්ලාර් ප්‍රදේශයේ. තාත්තා මාළු රස්සාවට මෙහෙට ආපු වෙලාවේ තමයි අම්මව මුණ ගැහිල තියෙන්නේ. පස්සේ ඒ දෙන්නා කසාද බැදල පදිංචි උනේ මඩකලපුවේ කල්ලාර් වල. මම ඉපදුනේ 1985 වසරේයි. මට වයස අවුරුද්දක් වෙනකොට සන්නද්ධ දෙමළ කණ්ඩායමක් විසින් අපේ තාත්තාව ඝාතනය කළා. ඒ මගේ තාත්තා එල්ටීටීඊ එකේ කියල සැක කරල. ඊට පස්සේ අපේ අම්මා මාවත් හදැගෙන මඩකලපුවේම නතර වුනා. ඒ දවස් වල අපේ තාත්තා අම්මව මාතර එයාගේ ගමේ එක්ක ගිහින් තිබුන. එහේ අපේ නෑයෝ තවම ඉන්නව ඒත් අපි එහේ යන්නේ නැහැ බයට. මම හැදුනේ අම්මගේ ගමේ නිසා මට සිංහල බැහැ. ඉගෙන ගත්තේත් දෙමල භාෂාවෙන්. මගේ තාත්තා සිංහල උනාට මට සිංහල බැහැ.
මම ආසයි අපේ තාත්තාගේ පැත්තේ නෑයන් මුණගැහෙන්න. ඒත් ඒ අය මවත් අම්මවත් කෙසේ පිළිගනිද දන්නේ නැහැ.
මෙහේ චෙක් පොයින්ට් වලදි මට හරියට කරදරයි. ඒඅ ය අහනව සිංහල නම් මොකද සිංහල දන්නේ නැත්තේ කියල. සමහර වෙලාවට කියනව අපිට සැකයි මෙයාව මේක බොරු අයිඩෙන්ට් එකක් ද දන්නේ නැහැ කියල. මොකද මට ඒකේ තියෙන නම වත් කියවන්න බැහැනේ.

රසික