සිංහල, Colombo, Human Rights, Stories from the silent

පොලිසියේ බලුවැඩ

මේ ළඟකදී අපේ රටේ පොලිස්පතිතුමා ගෙන් මාධ්‍යවේදියෙක් ඇහුව පොලීසිය බලුවෙලාද කියල ‛‛එවිට පොලිස්පති තුමා ප්‍රකාශකලේ පොලිසිය බලු වෙලා නැහැ බල්ලො පොලිසියට ඇවිල්ල කියලයි’’ පහත සිද්ධියට හේතුව මේ දෙකෙන් කෝකද?
මේ ලඟදී දවසක (හරියටම කියනවනම් 8/9/2008) අපේ කාර්යාලය අසල ඉන්න ත්‍රීවීල් සහෝදරයෙකුට අපූරු වැඩක් සිද්ධවුනා. අපේම කාර්යාලයේ ලියුමක් භාරදෙන්න තිබුන මොරටවේ පිහිටි ආයතනයකට. දහවල් 2.30 විතර ත්‍රීවීල් මිත්‍රය පිටත් වුනා මොරටුවට යන්න. එදා හෙඳටම වැස්ස දවසක් අපේ මිත්‍රයා ගල්කිස්ස උසාවිය පහුකරමින් ඉදිරියට යමින් සිටියදී හිටි හැටියේ ඔහුගේ වාහනය පිටිපස්සෙන් දිගට හරහට හෝන් ගහනව ඇහුන. කන්නාඩියෙන් බැලුවම පොලිස් ජීප් රථයක් ඔහු ත්‍රිරෝද රථය පාරේ අයිනට ගත්ත පොලිස් රථයට ඉඩදෙන්න කලබලය නිසා ඔහුගේ ත්‍රීරෝද රියේ රෝදයක් පාර මැද තිබුන වතුර පිරුන වලකට වැටුන. එයින් විසිවී ගිය වතුර පාරක් පොලිස් ජීප් රථය දෙසට විසිවූ අතර රථයේ ඉදිරි අසුනේ හිඳගෙන සිටි තරු පටි පැලඳ සිටි උසස් නිළධාරියාගේ ඇගට ද එයින් වතුර ටිකක් වැදුනි. අඩි දහයක් ඉදිරියට යන්නට නොලැබුනි පොලිස් ජීප් රියෙන් ත්‍රීරෝද රියට නවතින ලෙසට අණ ලැුබුනි.
‛‛ ඔහොමද මිනිහෝ වාහන එලවන්නේ. උඹ දන්නවද මම කවුද කියල? මම ගල්කිස්සෙ ඕ.අයි.සී ගනින් ලයිසන් එක’’
‛‛සර් සමාවෙන්න හිතල කලා නෙමෙයි සර්ලගෙ වාහනයට ඉඩදෙන්න ගිහින් වලක වැටුන’’ ත්‍රීරෝද රියදුරා පිංසෙන්ඩු වුනා
‛‛ඒකට කමක් නැහැ පොලිසියට ඇවිත් දඩකොලයක් ලියාගන්නවා’’ යයි පැවසූ නිළධාරියා ඔහුගේ රියදුරු බලපත්‍රයත් රැගෙන යන්න ගියේය.
ත්‍රීවීල් මිත්‍රයා පොලීසියට ගිහින් ඕඅයිසී මහත්තය මුණගැහිල තමන්ට සිදුවූ අත්වැරැදිදට සමාව ඉල්ලුව. ඕඅයිසී මහත්තය රාළහාමි කෙනෙකුට අඬගහල ත්‍රීවීල් මිත්‍රයගෙ රියදුරු බල පත්‍රය දීල රථවාහන අංශයට ගිහින් පොඩි දඩයක් ලියල දෙන්න කියල අණ කළා.
රාළහාමි රියදුරු බල පත්‍රයත් අරගෙන රථවාහන අංශයට ගිහින් එහි සිටිය රාළහාමි කෙනෙකුට ඒ වැඩේ බාර දුන්නේ ඕ.අයි.සී මහත්තයගෙ නියෝගයද සමගයි. රථවාහන අංශයේ රාළහාමි රියදුරු බලපත්‍රය අරගෙන දඩකොලය ලියද්දි අපේ මිත්‍ර ත්‍රීරේද රියදුරා ඔහුටත් තමන්ට වෙච්ච අවනඩුව ගැන කිවුව. රාළහාමිත් ඔහුට සුළු දඩයක් ලියන්න පොරොන්දු වුනා. එවිට එතැනට ආපු සාජන් මහත්තයෙක්
‛‛මූවගේ උන්ට දඩකොල ලියල හරි යන්නේ නැහැ ලියනව නඩුවක් ’’
ඒ නියෝගයට අනුව, ඒ වන විටත් සාමාන්‍ය ලෙස දඩය ගෙවන්න ලබාදෙන සති දෙකක කාලය සහිතව ලියා තිබූ දඩකොලයේ එම දිනය කපාහැර දින හතරක වලංගු කාලයක් සහිතව උසාවියට ඒමට දිනයක්ද යොදා ‛‛අන්තරායක ලෙස රිය පැදවීම’’ යනුවෙන් සඳහන් දඩකොලයක් ත්‍රීරෝද රියදුරාට නිකුත් කරනු ලැබීය.
වැහි වතුර ටිකක් ඇගට වීසිවු වරදට අහිංසක ත්‍රිරෝද රථ රියදුරෙකුට පොලීසිය සිය හයිය පෙන්නුවේ මේ විදිහටයි. අපේ මිත්‍ර ත්‍රීරෝද රථ රියදුරා තමන්ට වෙච්ච අවනඩුව ගැන කවූ විට මා ඔහුට යෝජනා කළේ මේ ගැන උසාවියට කියමු කියායි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.
‛‛ කාටද මහත්තය ඕව කරන්න පුලුවන්. අපේ උසාවි වල මේක අඩුම තරමේ අවුරුද්දක් වත් ඇදගෙන යයි. දැන් ලොයර් කෙනෙකුට දවසට රුපියල් 2000 විතර ගන්නව. දැන් උසාවි ගියොත් රුපියල් 5000/ දඩ ගහයි. ඒත් නඩුකියන්න ගියොත් මුදලුයි රස්තියාදුවයි දෙකම. ඊට වැඩිය හොඳයි මේ දවසට උසාවි ගිහින් ඒ කියන දඩය ගෙවන එක.

රම්පෙ