සිංහල, Colombo, Democracy, Human Rights, Poems

මෙපුර

විසල් කොන්ක්‍රීට්
පුරයේ කොණක
පුරයේ නිර්මිතයන්
කල් ගෙවූ
ටකරන් ගැසූ
…මඩ ගැසුනු
ඉටි රෙද්ද පාමුල
අදුරු ඇබිති
ගුලක වෙසෙන
කළු කූබියෙක් මී මම

පිට්සා සුවඳ හමනවා
පුරය දසත
කටට කෙළ ඉනුවත්
පාන් කැබිලිත්තක් නෑ
මෙනුවර
කිසි තැනක

රෑළේම
බඩ ඇලුනත් පිටට
පෙළට කෑමක්
සොයන් යනු බෑ
කැමරා නෙත් යොමා
සිටිනවා දසත

හන්දියක් හන්දියක් පාසා
වතුරෙනුත්
මල් පිපෙනා
මෙපුර
කළුම කළු
කූඹියෙක් මි මම
දිව ගිලෙන්න පිපාසිත

KriShan Rajapaksha