සිංහල, Colombo, Human Security, Peace and reconciliation

මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයාගේ රථ පෙළට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

imeg-re-size.jpg

අද (9) සවස එකයි තිහට පමණ බොරලැස්ගමුව පිරිවෙන පාර හන්දිය ආසන්නයේ දී සිදුකල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම බෝම්බ ප්‍රහාරයෙන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රංජිත් විජේතිලක මහතා ද තුවාල ලබා ඇත. මෙම ප්‍රහාරය එල්ල වුයේ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් ගත් රථ පෙළක් ඉලක්ක කරගෙනයි. තුවාල ලැබූවන් අතර අමාත්‍යවරයාගේ ජ්‍යේෂ්ඨ උපදේශක ආනන්ද විතාන මහතාද වෙයි.
ඉහත දැක්වෙන්නේ බෝම්බ ප්‍රහාරයෙන් පසු එම ස්ථානයේ සිදුවීම් ඇතුලත් විඩියෝ පටයයි.