සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

නීතියේ ආධිපත්‍යය

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසිනි

රාජ්‍යයේ සවෛරීත්වයටත් ජාතික ආරක්‍ෂාවට ඇති තර්ජනයන්ට මුහුණදීමට රාජ්‍යයට ඇති හැකියාවටත් අත්‍යවශ්‍යවූ සාධකයක් වන්නේ නීතියේ ආධිපත්‍යය සහ එයට ගරු කරනු ලැබීමයි. එසේ නොවීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ සමාජය නැමති ව්‍යූහය නැවත පිරිද්දිය නොහැකි ආකාරයට ඉරීයෑම ය. පුරවැසියන්ට ආරක්‍ෂාව පතා නීතිය තමන්ගේ අතට ගැනීමට සිදුවීම ය.

මෙම තත්ත්වය තවත් සංකීර්ණ කරමින් වේගයෙන් පැතිරී යන සංජානනය නම් ජනවාර්ගික ගැටුමේ සන්ධර්භය තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විෂයෙහි පවතින දඬුවම් නොලබා වරද කිරීමේ හැකියාව නම්වූ පිළිකාව රාජ්‍යකරණයේ අන් සියලු ප්‍රදේශයන්ට ද පැතිරී ඇති බවයි.
පසුගිය සතියේ සිදුවූ සිද්ධීන් ගණනාවකින්ම මෙය ඉස්මතු කොට දක්වයි. ඒ සැම ඒකකම නීතියේ ආධිපත්‍යයට ගරු කිරීමේ කැමැත්තේ සහ හැකියාවේ සේයාවක් හෝ ප්‍රකෘතිමත් කොට පෙන්වන මෙන් පාලනයට කරන අභියෝගයක් ගැබ්වී ඇත. එම සිද්ධීන් නම්,
උතුරුමැද පළාතේ එ.ජා.ප. විපක්‍ෂ නායක ජනරාල් ජානක පෙරේරා මහතා හා ප්‍රදේශයේ ප්‍රමුඛ එ.ජා.ප. දේශපාලඥයන් ඇතුළු තවත් විසිහත් දෙනෙකු ඝාතනය කරමින් ඔක්තෝබර් 6 වන දින අනුරාධපුරයේ දී සිදුවූ බියකරු මිනිස් ඝාතනය. මෙය දිවිනසා ගන්නා බෝම්බ ප්‍රහාරයක් වූ බැවින් පුළුල් ලෙස ගත්කළ එල්.ටී.ටී.ඊ.ය වෙත වරද පැවරෙන්නක් වෙයි. ඒ මඟින් ඉස්මතු කර සිටින ප්‍රශ්ණය වන්නේ අද වැනි ආරක්‍ෂාව පිළිබඳ දැඩි අවධානයක් පවතින කාලයක දී සහ එහි යුධමය පරාජය අභිමුඛව සිටින විටක මේ සංවිධානයට මෙතරම් බිහිසුනු ලේ සෙලවීමක් කළ හැකි වූයේ කෙසේ ද යන්නයි. එය එල්.ටී.ටී.ඊ. විසින්ම කරන ලද්දකැයි පැහැදිලිව ම තහවුරු වන්නේ නම් එය නිසැකව ම දැඩි ලෙස හෙළා දැකිය යුතු වනවා පමණක් නොව එහි යුධමය සහ දේශපාලන පරාජය සඳහා ජනතා සහයෝගය ශක්තිමත් කරවන්නක් ද වෙයි. එල්.ටී.ටී.ඊ. යේ බියකරු මෘගත්වය නොතකා හැරිය ද ජනරාල් වරයාගේ ආරක්‍ෂාව සහ එම අවස්ථාවට සපයා තිබූ ආරක්‍ෂාව පිළිබඳව ද ප්‍රධාන ගැටළු ගණනාවක් ප්‍රහාරය මඟින් මතු කරවයි. මෙහි දී බොහෝ පිළිතුරු සැපයීමට රජයට සිදුවේ. මේ පිළිබඳව වන වගවීමෙන් මිදීමට රජයට නොහැකි වන අතර එසේ කිරීමට ඉඩදිය නොදිය යුතු ය.
ප්‍රමුඛ මානව හිමිකම් නීතිඥයෙකු හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රී ලාංකීය පාර්ශවයේ විධායක අධ්‍යක්‍ෂ වූ ජේ.සී. වැලිඅමුණ මහතාගේ නිවසට සැප්තැම්බර් 27 වනදා එල්ලවූ බියකරු අත්බෝම්බ ප්‍රහාරය. ට්‍රාන්ස්පේරන්සි ආයතනය වෙත වූ ඔහුගේ දූෂණ විරෝධී වැඩ කටයුතු වලට අමතරව වැලිඅමුණ මහතා ආරක්‍ෂක හා දේශපාලන බල ව්‍යූහයන්හී ජේ්‍යෂ්ඨ සාමාජිකයන් සම්බන්ධයෙන් වූ නඩු ගණනාවක් සම්බන්ධයෙන්ද කටයුතු කරමින් සිටියේය. සැප්තැම්බර් 30 වන දින අධි ආරක්‍ෂක කලාපයක පිහිටා තිබූ ට්‍රාන්ස්පේරන්සි කාර්යාලයට බලහත්කාරයෙන් ඇතළුවීමට යම් පුද්ගලයෙකු උත්සාහ කළේය. කාර්යාල සේවක මණ්ඩලිකයන් විසින් එම පුද්ගලයාගේ ඇතුළුවීම වලක්වන ලද අතර ඔහු මෝටර් සයිකලයක් පැදවූ පුද්ගලයෙකු සමඟ පලා ගියේය. වැලිඅමුණ මහතාට හා ඔහුගේ පවුලට දැන් සිදුව ඇත්තේ වෙනත් තැනක පදිංචි වීමට ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ගණනාවක් පැවැත්වෙන බව මෙම ලියුම්කරුට දැන ගැනීමට ලැබී ඇත. මෙම පරීක්‍ෂණයන් ඉබි ගමනින් සහ අවසානයකින් තොරව දිගින් දිගටම ඇදීයාමත් සහ මෙම අපරාධය සිදුකළවුන් හට දඬුවම් නොලබා වරද කිරීමේ පුළුල් පැතිරුණු සංස්කෘතියේ මුක්තියෙ හි රැකවරණය ලැබීම වැලැක්වීම ත් අතිශයින්ම වැදගත් වූවකි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේදී දොස්තර ඩබ්.ඩී.එල්. ඉඳුනිල් මෙනවිය විසින් තමාට සිදුකළ ශාරීරික ප්‍රහාරයක් පිළිබඳව කර තිබූ පැමිණිල්ලක චුද්‍රිතයකු වූ හමුදා නිලධාරීයෙකු විසින් ඇය, සැප්තැම්බර් 29 වන දින දුෂ්ඨ ලෙස මරා දැමීම. පහරදීමට පසුව මොහුට විරුද්ධව වෛද්‍ය ඉඳුනිල් විසින් නඩුවක් පවරා තිබුනු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට ඔහුගෙන් මරණ තර්ජන ගණනාවක් එල්ල වූ අතර ඒවා පිළිබඳව ඇය පොලීසියට වාර්තා කොට තිබිණි.
වෛද්‍යවරිය ගොදුරු වූ මෙම මනීමරුම පිළිබඳ සැකකරුවා අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුවහොත් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය :ඨඵධ්* විසින් තර්ජනය කරන ලදී. මෙම වැඩ වර්ජන තර්ජනය මඟින් පොලීසිය දැඩි පෙළඹීමකට ලක්වී හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පෙනී යයි.
මීගමුවේ ප්‍රසිද්ධ වීදියක සැප්තැම්බර් 20 වනදා මහදවාලේ සුගත් නිශාන්ත ප්‍රනාන්දු මරා දැමුනු කම්පාකරවන සුළු මිනීමැරුම. ප්‍රනාන්දු මහතා පොලීසියට එරෙහිව වූ අල්ලස් නඩුවක් හා වධහිංසා පැමිණවීම් නඩුවක පැමණිලි කරුවකු වූ අතර ඔහුට තම නඩු ඉල්ලා අස්කර ගැනීමට බලකරමින් මරණ තර්ජන එල්ලවී තිබිණි. මේ පිළිබඳව ඔහු විසින් අදාළ අධිකාරීනට වාර්තාකරමින් ආරක්‍ෂාව ඉල්ලා තිබිණි. අන්තර් ජාතික සංවිධානයන් විසින් ද ඔහු වෙනුවෙන් නියෝජනයන් ඉදිරිපත් කොට තිබිණි. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දෙදෙනෙකුට ද තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී තිබුණේ නඩුව අතහැර දමන ලෙස ඔවුනට බල කරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාව දිරිගන්වන සුළු සහ ප්‍රශංසා කටයුතු වෙයි. ඔවුන්ගේ එක් සාමාජිකයකු ජීවිතයේ උපරිම පරිත්‍යාගය සිදුකළ විට වෘත්තීය සංවිධානයන් සතු වූ බලපෑමේ හැකියාවක් පවතින බව පෙන්වා දෙමින් ඔවුන් නැගී සිටියහ. නිතියේ ආධිපත්‍යය පිළිබඳව වූ සිවිල් සමාජයේ බලපෑම් කිරීමේ හැකියාවෙහි ශක්‍යතාවය පිලිඹිබු කරමින් ඉහතකී සිදුවීමෙහිදී නීතිඥ සංගමය තම පූර්ණ ප්‍රමාණයෙන් ක්‍රියා නොකිරීම කනගාටුදායක වන්නේ නීතියේ ආධිපත්‍යය ඔවුන්ගේ වෘත්තීයට පදනම්ව තිබෙන සාධකයක් වන බැවිනි.
සත්‍ය වශයෙන්ම මෙම අපරාධයන් සිදුකළවුන්ගේ අභිප්‍රායය වූයේ තර්ජනය, බිය, අනාරක්‍ෂිත බව සහ දූෂණයෙන් තොරවූ සමාජයක් බලාපොරොත්තු වූ ශිෂ්ඨ සම්පන්න පුරවැසියන් නිහඬ කිරීම බවට විවාදයක් තිබිය නොහැකිය. මේ සම්බන්ධයෙන් යමක් කිරීමට රජය අසමත්වීම මඟින් තහවුරු කරන්නේ දඬුවම් නොලබා වරද කිරීමේ සංස්කෘතිය සමඟ එහි ඇති මුලික වගකිවයුතු භාවය පිළිබඳව වූ චෝදනාව සහ හවුල්කාරීත්වය සහ රහස් එකඟතාවය පිළිබඳව වූ චෝදනාවයි. එය අකමැත්ත සහ කැප – නොවීම නොවී නොහැකියාව හා අදක්‍ෂතාවය වී නම් අප ජීවත් වෙමින් සිටින්නේ අසමත් රාජ්‍යයක නොවේ නම් අසමත් වෙමින් පවතින රාජ්‍යයක බවට වන නිගමනයෙන් ගැලවීමක් තිබිය නොහැකිය.
මේ සියලු දෙයින් ඉහළටම පැමිනෙන්නේ කර්නල් කරුණාගේ පාර්ලිමේන්තු ආගමනයයි. ඔහු විසින් සිදුකළ බිය ජනක හා දුෂ්ඨ මිලේච්ඡ ක්‍රියාවන් පිළිබඳව වූ යුක්ති සහගත සහ ධාර්මික කෝපයට කුමක් සිදුවීද? කලගුණ සැලකීමේ ආශාව විසින් ගුණගරුක දේශප්‍රේමීන් නිහඬ කරවා ඇති සේය.
සාමාන්‍ය පුරවැසියන් නොපැකිලව අසනු ඇත්තේ විශාල පිරිසක් මරාදමා හා බලහත්කාරයෙන් හමුදාවට බඳවාගෙන ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ලන්ඩනයට ගියහොත් තමන්ටත් පාර්ලිමේන්තුවට යාහැකි වේද? යන්නයි.

ඔවුන් පෙරළා පිළිතුරු දෙනු ඇත්තේ තමන් මේ සියලු දේට එරෙහිව නැගී සිටිය හොත් තමන් පිලිගැනීමට බැල්කනියට උඩින් අත්බෝම්බ පැමිණෙනු ඇති බවත් තර්ජන හා බිය වැද්දීම්, චරිත ඝාතන සහ ඝාතකයක් ගේ වෙඩි උණ්ඩ වලට මුහුණ දීමට තමන්ට සිදුවනු ඇති බවත් ය.