සිංහල, Colombo, Democracy, Human Rights, Media

යුක්තිය සිරගත වී දින 300 – මාධ්‍යවේදීන් නිදහස් කරනු

edit-1.jpg
ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින මාධ්‍යවේදි තිස්සනායගම්, ජේසීහරන් හා වලර්මදි අත්අඩංගුවට ගෙන දින 300 පිරීම නිමිති කොටගෙන ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා යුක්තිය සමානාත්මතා ව්‍යාපාරය විසින් ඊයේ (1) කොලඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත විය. මෙම උද්ඝෝෂණය සඳහා මාධ්‍යවේදින්, සිවිල් සංවිධාන සාමාජිකයින්, නීතිවේදින් හා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වුහ. චෝදනා ඇතිනම් ඉදිරිපත් කරන ලෙසත් එසේ නොමැතිනම් මෙම මාධ්‍යවේදින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගෙන ඔවුන්ව නිදහස් කරන ලෙසත් මෙහිදී උද්ඝෝෂණ කරුවන් රජයෙන් ඉල්ලා සිටියාය. සන්ඩේ ටයිම්ස් පුවත් පතේ තීරු ලිපි රචකයෙකු හා අවුට්රීච් වේබ් අඩවියේ සංස්කාරකවරයාද වන ජේ.තිස්සනායගම් මහතා හා අවුටුරිච් වෙබි අඩවිය හිමි සමාගමේ අධ්‍යක්ෂක වරුන් වන ජසීකරන් හා වී.වලර්මදී යන තිදෙනාත් ඇතුළු පිරිසක් පසුගිය වසරේ මාර්තු මස 8 වන දින ත්‍රස්ත විමර්ෂණ අංශය විසින් අත් අඩංගුවට ගන්නා ලදි. මෙම තිදෙනා හැර අනෙකුත් අය පසුව නිදහස් කරන ලදි. දැනට තිස්සනායගම් ජසීහරන් හා වලර්මදී යන තිදෙනා බන්ධනාගාර ගත කර සිටී.