සිංහල, Colombo, Democracy, Human Rights, Media

සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා මරාදමයි

lasnatha-pic.jpg

අද උදෑසන 10.15 පමණ අත්තිඩිය බේකරි හන්දිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාට නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මරාදමනු ලැබුවා. සිය කාර්යාලය වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ වික්‍රමතුංග මහතා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරු ව අද දහවල් 2.15 පමණ ජීවිතක්ෂයට පත් විය.

මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් වන සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධාන පාලක මැදිරිය නාදුන අවිගත් පිරිසක් විසින් විනාශ කර පැය 48 ගතවිමටත් මත්තේන් දැඩි ආරක්ෂාවක් යටතේ පවතින කොළඹ ප්‍රදේශයේදී මහ දහවල් මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍යවේදීයෙකු වෙඩි තබා ඝාතනය කිරිම මගින් පෙන්නුම් කරන්නේ නීතියේ පාළනය ඇඳ වැටී ඇති බරපතල තත්ත්වයයි. එසේම විරුද්ධ මත දැරිමටත් නිදහස් මාධ්‍ය භාවිතයටත් ඇති අයිතිය විනාශකරමින් ප්‍රජාතන්ත්‍රවාදයට ඇති සියළු ඉඩකඩ අහුරමින් තිබෙන බවයි.
මෙයට අදාල විඩියෝ දර්ශන http://www.youtube.com/watch?v=mXpzWjh_gTg අඩවියෙන් නැරඹිය හැක