සිංහල, Colombo, Democracy, Human Rights, Media

ලසන්ත ඝාතනයට එරෙහි උද්ඝෝෂණය

lasantha-pic-photo.jpg
මාධ්‍ය මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (9)කොළඹ ලේක්හවුස් වටරවුමේ දී පැවැත්විණි. සන්ඩේ ලීඩර් පත්‍රයේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හා වර්ථමානයේ මෙරටතුළ ඇති වී තිබෙන අනර්ථකාලී තත්ත්වයන්ට විරෝධය දක්වමින් මාධ්‍ය සංවිධාන ජනමාධ්‍යවේදීන් වෘත්තීය සමිති දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන සාමාජිකයන් ඇතුලු විශාල පිරිසක් මෙයට සහභාගී වූහ.
මෙහිදී උද්ඝෝෂකයන් විසින් සෘජුවම ආණ්ඩුවට හා පොලීසියට ඇගිල්ල දිගුකල අතර මෙම ක්‍රියාවන්ට එරෙහිව නිතියේ අදිපත්‍ය ඇතිකරන ලෙසද ඉල්ලා සිටියාය.