සිංහල, Democracy, Human Security, Moneragala

නානුනන තුවක්කුකරුවන්ගේ වෙඩි තැබිමකින් ඔක්කම්පිටියේ කිරිවාඩියක තුනක් මරුට

මාලිගාවිල, අළුගල්ගේ ප්‍රදේශයේ සද්ධාතිස්සපුර වාරි යෝජනා ක්‍රමයේ 12 ඇල ස්ථානයේ කිරි වාඩියකට කඩා වැදුනු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදහන් වි ඇත. මෙම අවස්ථාව වන විට වාඩිය තුළ 9 දෙනෙකු සේවයේ නිරතව සිට ඇත. මෙහිදී ආයුධ සන්නද්ධ පිරිස වාඩියට හා එහි තිබූ යතුරු පැදි හතරකටද ගිනි තබා විනාශ කොට තිබෙන බව එහි ගම්වැසියෙක් විකල්ප සමග පැවසූවා. සිද්දියෙන් තුවාල ලැබුවන් මොනරාගල හා ඔක්කම්පිටිය රෝහල් වල ප්‍රතිකාර ලබන අතර අතුරුදන් වූවන් සොයා පොලීය මෙහෙයුමක් අරඹා ඇති බව ඔක්කම්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසුහ. ඔක්කම්පිටිය පහලගම ප්‍රදේශයේ පදිංචි ජේ.එම්.යසපාල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්සේ පදිංචි රත්නවීරගමආරච්චගේ ධර්මසිරි ගුණරත්න යන අය සිද්ධියෙන් මිය ගිය අය වශයෙන් හඳුනාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා තවමත් හඳුනාගෙන නොමැත.