සිංහල, Human Security, Life quips, Moneragala

බුත්තල වෙඩි තැබීමකින් 2ක් මරුට

බුත්තල ගෝනංආර ප්‍රදේශයේ 18 කණුව මුරපොල වෙත රාජකාරිය සඳහා යමින් සිටි සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් දෙදෙනෙකුට සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇත. මිය ගිය සිවිල් ආරක්ෂක බලකා භටයන් දෙදෙනාගේ සිරුරු බුත්තල දිසා රෝහල වෙත ගෙනවිත් ඇති බව එහි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා විකල්ප සමග ප්‍රකාශ කලේය. විකල්ප මේ පිලිබඳව බුත්තල පොලීසියෙන් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශකලේ වෙඩිතැබීමේ සිද්ධියකින් සිවිල් ආරක්ෂක බටයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බැවින් වෙනත් යමක් ප්‍රකාශ කළ නොහැකි බවත්ය. සිද්ධියෙන් මිය ගිය සිවිල් ආරක්ෂක බලකායේ බටයන් දෙදෙනා 18 කණුව පදිංචි ඩබ්.එම්.නිල් හා දියකිරිත්ත ප්‍රදේශයේ පදිංචි වික්‍රම සිල්වා ලෙෂ හඳුනාගෙන ඇත.