සිංහල, Batticaloa, Governance, Peace and reconciliation

දේශපාලන ක්‍රියාවලියේ තීන්දු ගැනීමේ අයිතිය දෙමළ ජනතාවට ලබාදෙනවා – පිල්ලෙයාන්

vikalpa-1.jpg
පසුගිය මාර්තු 7 වන දින සිය සන්නද්ධ අංශය විසුරුවා හැරීමෙන් පසු මඩකළපුව නගර ශාලාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නැගෙනහිර පළාතේ මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා කළ කතාවේ දළ සිංහල අනුවාදය.

“මෙම උත්සවය සඳහා පැමිණ සිටින සියළු දෙනාටම මම මගේ ස්තූතිය පලකරනවා. ඔබ සියලු දෙනාම දන්නව 1983 දී මෙරට දෙමළ ජනතාවට සිදුවූ අසාධාරණය නිසා තමයි දෙමළ ජනතාවට ආයුධ අතට ගන්න සිද්දවුනේ කියල.විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ මඩකළපුවේ ජීවත් වූ අපිට ආයුධ අතට ගන්න සිද්ධ වුනා. අපි ආයුධ අතට ගන්න වෙලාව වෙනකොට දෙමල ජනතාව වෙනුවෙන් සටන් කරපු තවත් සන්නද්ධ කණ්ඩායම් මේ පළාතේ තිබුන.

ඒවෙලේ ආයුධ ගන්න සිද්ධ වුනත් ආයුධ වලින් අපේ දෙවල් දිනාගන්න බැරිබව අපේ පක්ෂය අද වන විට තේරුම් අරගෙන ඉන්නව. ඒ අනුව අපි ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසුනත් අපගේ ආරක්ෂාව වෙනුවෙන් තව දුරටත් ආයුධ දරාගෙන සිටින්න අපට සිදුවුනා. අපි ආයුධ අතැතිව සිටියත් පසුගිය කාලය පුරාවටම අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලොකු වැඩ කොටසක් ඉටුකළා. අපේ එම තීන්දුව නැගෙනහිර ජනතාව පිලිගත්ත.

මෙම තීරණයෙන් පසුව අපට විශාල අභියෝග මෙන්ම බලපෑම් ද තිබුන. ඒ සියල්ල අතරතුර මැතිවරණ දෙකකට අප පක්ෂය මුහුණ දුන්නේ නැගෙනහිර ජනතාව වෙත විශ්වාස තබාගෙනයි. ජනතාව ඒ විශ්වාසය රකිමින් ඡන්දය ලබාදී නැගෙනහිර පළාත තුල අපිට ලොකු බලයක් ලබාදුන්න. ඒකට අපි ඔවුන්ට අපගේ ස්තුතිය ප්‍රකාශ කරමින් එයට ප්‍රතිඋපකාරයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු සිදුකරමින් සිටිනව. ප්‍රජාතන්ත්‍රවාදය, මහජන ආරක්ෂාව හා විශ්වාසය ගොඩනැගීමේ පියවරක් ලෙසයි අපි අපගේ පක්ෂයේ සන්නද්ධ අංශය විසිරුවා හැරියේ. අපිට එක්සත් ජාතීන්ට අනුබද්ධ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) උදව් කරන්න ඉදිරිපත්වෙලා තියෙනව අපේ සන්නද්ධ අංශයේ සාමාජිකයන්ව හා යුද්ධයෙන් තුවාල වූ තරුණයන් වෙනුවෙන් පුනරුත්තාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට. විශේෂයෙන්ම අපි අපගේ සන්නද්ධ අංශය විසිර වීම මඟින් මධ්‍යම රජයට හා ජාත්‍යන්තර ප්‍රජාවට පණිවුඩයක් ලබාදෙන්න සුදානම්.‛‛දේශපාලනයතුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමත්, ඒතුලින් ජනතාවට තමන් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ අයිතිය ලබාදීම’’ එම පණිවිඩයයි. 1983 ආයුධ අතට ගන්න දෙමළ ජනතාවට සිදුවුනේ ඔවුන් වෙනුවෙන් දේශපාලන විසදුමක් ලබානොදුන් නිසයි. එහෙත් දැන් තත්ත්වය වෙනස්. දැන් අපි හැමෝම එකම රටේ ජනතාවක් ලෙස පිළිගන්නා තත්ත්වයක් ඇතිවෙලා. ඒ කියන්නේ අපි ශ්‍රී ලාංකිකයන් ලෙස පිලිගන්නා තත්ත්වයක් ඇතිවෙලා තිබෙනව. මේ වෙනස් විම නිසා අපට අපගේ කාඩර්වරුන් මෙන්ම දෙමළ ජනතාවද සාමාන්‍ය ජීවත්වීමේ රටාවකට ගෙන එමේ හැකියාව උදාවෙලා තියෙනව.”