සිංහල, Features, Life quips, Matale, Stories from the silent

‛‛නකල්ස්’’ විකුණයි


ලංකාවේ ඉතා සංවේදී පරිසර කලාපයක් වන නකල්ස් රක්ෂිතයට අයත් රත්තින්ද දිය ඇල්ල සමීපයේ සංචාරක හෝටලයක් ඉදි කිරීම සදහා එම වනාන්තර කොටස හෙළි කර ඇතැයි වාර්තාවේ
නකල්ස් කඳු මුදුනෙන් ආරම්භ වන රත්තින්ද දිය ඇල්ල රත්තින්ද, පිටවල, මහලකොටුව වැනි ගම්මාන රැසක මිනිසුන්ගේ සහ සතුන්ගේ පිපාසාව සිඳින එකම දිය ඇල්ලයි.
පරිසරවේදීන් සහ ගම්වාසීන් පවසන්නේ ඉතාමත් සංවේදී කලාපයක මෙවන් ව්‍යාපාරයක් ආරම්භ වුවහොත් මෙම දිය ඇල්ලට සේම මිනිසුන්ගේ සහ සතුන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල විය හැකි බවයි. තව ද මෙම හෝටලය ඉදිකිරීමට මෙම සංරක්ෂිත කලාපයෙන් ඉඩම් ලබාගෙන ඇත්තේ කෙසේ ද? මේවාට ඔප්පු ඇතොත් ඒවා ලබා ගත්තේ කෙසේ ද? ප්‍රදේශවාසීන්ගේ මෙන්ම පරිසරවේදීන් නගන ප්‍රශ්ණය මෙයයි.මේ සම්බන්ධයෙන් ‛‛විකල්ප’’ වෙබ් අඩවිය ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය ලේකම් සම්බන්ධකර ගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යර්ත විය.
එසේම මේවන විට නකල්ස් රක්ෂිතයට ඇතුලුවන ඕනෑම අයෙකුට මේ දිනවල ඉතා සීග්‍රයෙන් රක්ෂිතය තුළ පුද්ගලික ඉඩම් යැයි කියා ගනිමින් ඉදිකිරීම් ගණනාවක් සිදු කර ඇති බව දක්නට ඇත. තව ද ඉතා දුර්ලභ පතනක් වන ‛පිටවල’ පතනෙහි පරිසරය ද සංචාරකයන් විසින් දූෂිත කොට දමමින් ඇති බවත් තව නොබෝ දිනකින් මෙම සංවේදී නකල්ස් පරිසර පද්ධතිය අනාගත පරපුරට දැක බලා ගැනීමටවත් ඉතිරිවේදැයි පරිසරවේදීන් සැක පලකරයි
Pic; by Sampath Samarakoon