සිංහල, Democracy, Human Security, Moneragala

මොණරාගල පොලීසිය හා කඩහිමියන් ගැටී පහක් රෝහලේ

මොණරාගල නගරයේදී ඊයේ රාත්‍රියේ (30.03.2009) පොලීසිය හා වෙළඳසැල්හිමියන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කඩහිමියන් 4 දෙනෙකු රෝහල්ගත කිරීමට විරෝධය පා මොණරාගල වෙළද සංගමය අද දින (31) මොණරාගල නගරයේ කලුකොඩි ඔසවා සියලූම කඩසාප්පු වසාදමා විරෝධතාවයක නිරතවූවාය.
මේම සිද්ධිය පිළිබඳව විකල්ප මොණරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ‛‛ මොණරාගල නගරයේ ආපන ශාලාවක් තුළ දී (මිහිර හෝටලය) මොණරාගල නගරයේ කඩහිමියන් කිහිපදෙනකු හා පොලිස් නිළධාරින් කණ්ඩායමක් අතර සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක් හටගත් බවත් එහිදී කඩහිමියන් 4 දෙනෙකු හා එක් පොලිස් නිළධාරියෙක් සිරිගල මූලික රෝහලට ඇතුලත් කරනු ලැබු බවත්ය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පොලිස් පරීක්ෂකවරයා පැවසූවේ ගැටුමට සම්බන්ධ පාර්ශවයන් දෙක සමග ම කථාබහ කොට මේවන විට සිද්ධිය සමථයකට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවයි.