Colombo, Poems

මුදලට දෙන උපාධි කඩ…

මුදලට දෙන උපාධි කඩ…

බට හිර වෙදකම මුදලට දෙන උපාධි කඩ
අට වන්නට අසූව දශක‍යෙ නොමදුන් ඉඩ
කට යුතු කළ වෙනුර ත්‍රීමා දෑ විරුවන් හඬ
යට වෙන්නට මේ පරපුර ඇයි තැබුවේ ඉඩ

හිස් මුදුනින් පරාලඇණ මොලේ මැදින් ගියේ
උස් අරමුණ පාවා දුන්නද ත්‍රීමා බයේ
ඇස් මොළගෙඩි නැති පරපුරකට වෙදකම නොයේ
වස් තර නැති ඵස්.බී ලට ඵ්කයි තැන ගියේ

කණ පසාරු කළ පෑනෙන් වෙනුර දුන්නු පාඩම්
දෙන වෙලාව පැන්නා දැන් ගිය හකුරට නාඩම්
පණ බයේම වෙද සිසුවනි බැඳගෙන මුඛ වාඩම්
වන ගත වීමට සැරසෙමු දෙපයට බැඳ ලාඩම්

හැට පන්ලක්ෂෙට විකිනෙණ වෙද උපාධි කඩේ
වැට මායින් තර කරවයි ඵස්. බී ලගෙ නඩේ
පිට වෙන නඩයට රජයේ රැකියා ටික වැඩේ
හෙට දුප්පත් අපි යමු රැකියා නැති කුණු ගොඩේ

රටේ අනාගතය තවත් මුල්ලට ඇද දමා
කටේ පාන්කඬය ඔබා හිටියොත් හිස නමා
කොටේ හුඟක් දුරට අදින මේ අලියට තමා
බැටේ දෙන්නෙ ධනපතියන් රැළ උඩ දම දමා

දිනා ගන්න බැහැ කිසිවක් නැතුව සටන් බිම
මනා ලෙසම පසක් කලා ත්‍රීමා වෙනුර ලැම
ගෙනා හකුරු ලෙහාබලා වක්කඩ ලඟ දිම
දිනා ගන්න සටන් කරමු පැරදුන මොහො තම

අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව