සිංහල, Education, Human Rights, Kandy

දහම් පාසල් ගොඩනැගිල්ල ගිනි තබා විනාශ කරයි.

මහනුවර, උඩගුන්නෑපාන, ගුන්නෑපාන සංඝමිත්තා ආරාමයට අයත් සංඝමිත්තා දහම් පාසල හා සඟමිත් පෙර පාසල් ගොඩනැගිල්ලට 2009 මාර්තු 30 වැනි දින රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා අලාභානි කර ඇත. මෙම ගිනි තැබිම සිදු කර ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත බව ප්‍රදේශවාසීන් පවසයි.

ගින්න දුටු අසල්වැසියන් පිරිසක් පැමිණ ගින්න නිවා දමා, සිදු විමට ගිය විශාල විනාශයක් වලක්වා ඇත. එම අවස්ථාවේම ප්‍රදේශවාසින් විසින් වත්තේගම පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් අනතුරුව පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්‍ෂණ පවත්වා ඇති බවත් දින දෙකකට පසුව මහනුවර පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකය පැමිණ විමර්ශන සිදු කර ඇත.

මෙම සිදු විමට තමාගේ මාමා හා මස්සිනා සැක කරන බවට පෙර පාසල් ගුරුවරිය වන වාසනා මහත්මිය පොලීසියට කටඋත්තරයක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. වත්තේගම පොලිසිය ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳ තවදුරටත් විමර්ශණ සිදු කරන බවයි. මෙම ගිනි තැබිම නිසා පෙර පාසලේ ළමා පුටු, මේස සියල්ල ගිනි ගෙන තිබේ. ආලාභය තක්සේරු කර නොමැති බව දහම් පාසලේ ප්‍රධානාචාරිනී සිල් මාතාව ප්‍රකාශ කර සිටියි.

සංඝමිත්තා දහම් පාසලේ ප්‍රධානාචාරිනී ගරු කපිලානි සිල් මාතාව ප්‍රකාශ කර සිටින්නේ මෙම ගොඩනැගිල්ල 1988 වර්ෂයේ දී ඉදි කරන ලද බවත්, සඟමිත්තා දහම් පාසලේ ළමුන් 250 ට අධික පිරිසක් ඉගනුම ලබන බවත් ය. මෙම දහම් පාසල ප්‍රාදේශිය දහම් පාසල් තරඟ වලින් ප්‍රථම ස්ථානය ලබන දහම් පාසලක් බවත්, උඩගුන්නෑපාන, ගුන්නෑපාන, නපාන, සිරිමල්වත්ත, බෝධිමළු වැනි ප්‍රදේශ වල සිට ළමුන් පැමිණෙන ෙමම සඟමිත් පෙර පාසලේ ලමුන් 22 පමණ ඉගනුම ලබන අතර ප්‍රදේශයේ වැදගත් නමක් හිමි කරගෙන තිෙබන බව ප්‍රධානාචාරිනී වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ඒෙස්ම මෙම ගොඩනැගිල්ල ප්‍රදේශයේ සමිති පැවැත් විමටත්, ළදරුවන්ගේ සෞඛ්‍ය වැඩසටහන් සහ මුතුහර ළමා සමාජය පැවැත් විමටත් උපයෝගිකර ගන්නා බවයි. විාශ්ෂෙයන් මෙම සිදු විමට වගකිව යුත්තන්ට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නා ලෙස, නීතිය ක්‍රියාත්මක කරන සියලු පාර්ශවයන්ගෙන් සංඝමිත්තා දහම් පාසලේ ප්‍රධානාචාරිනී ගරු කපිලානි සිල් මාතාව ඉල්ලා සිටියි.

චන්දන තෙන්නකෝන් – මහනුවර