සිංහල, Batticaloa, Education, Life quips

අහාර විසවීමකින් වාලච්චේනේ, අන්නූර් විද්‍යාලයේ සිසුන් 31ෙදනකු රෝහලේ

වාලච්චේනේ, අන්නූර් විද්‍යාලයේ සිසුන් සඳහා රජය මඟින් ලබාදෙන අමතර ආහාර වේලක් විසවීමෙන් 3වන ශ්‍රේණියේ සිසුන් 31 දෙනෙකු ඊයේ උදෑසන රෝහල් ගත කර ඇත. පාසල් ආරංචි මාර්ග පවසන්නේ මෙම ආහාර ගැනීමෙන් පසු එම සිසුන්ගේ උදරයේ වේදනාවක් හට ගැනීම නිසා එම සිසුන් රෝහල් ගත කිරීමට සිදු වූ බවයි. මේවන විට සිසුන් 7දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපු රෝහලට මාරුකර යවා ඇති බවත් 6 දෙනකු මේවනවිටත් රෝහලෙන් පිටව ගිය බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසී ය. තව ද මෙම සිසුන් රෝගී වීමට බලපෑ හේතුව මේවන විටත් සොයාගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.