සිංහල, Governance, Nuwara Eliya

වලපනේ කුරුපනාවල ආයුර්වේදය වැසී යාමෙන් රෝගීන් අපහසුතාවයට

වලපනේ ප්‍රාදේශීය සභාව මඟින් පාලනය කරනු ලබන කුරුපනාවල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව ආයුර්වේද වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් වසා දමා ඇති බව විකල්ප වෙත වාර්ථාවේ.
මේ පිළිබඳව විකල්ප වලපනේ ප්‍රාදේශීය සභාවෙන් විමසූ විට එහි නම හෙළිකිරීමට අකමැති වූ ප්‍රකාශිකාවක් පැවසූවේ ප්‍රදේශීය සභාව මේ වන විට දෛනික වැටුප් පදනම මත වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගැනිම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවයි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ මීට පෙර ආයුර්වේද අමාත්‍යාංශය මඟින් වෛද්‍යවරු දෙදෙනෙකු කුරුපනාවල ආයුර්වේදය වෙත ලබාදුන්නද ඔවුන්ගේ වැටුප් මුදල් ප්‍රතිපුරනය නොකිරිම හා ඉතා දුෂ්කර පලාතක් වූ කුරුපනාවල ප්‍රදේශයෙන් මාරුවීම් හදා ගැනිමට අදාල වෛද්‍ය වරුන්ට අවශ්‍ය වු නිසා ඔවුන්ගේ සේවය ගබාගැනිමට නොහැකි වු බවයි.
මෙම වෛද්‍යවරු දෙදෙනාට මාසිකව රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැයකිරීමට සිදුවු බවත් එම මුදල් ප්‍රතිපූරනය කිරීමට යාමේදී පළාත් සභාවට මුදල් නොමැති නිසා අදාල මුදල් ලබාගැනීමට නොහැකි වූ නිසා ඔවුන්ව නඩත්තුකිරිම ප්‍රාදේශීය සභාවට නොහැකි වු බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.
මේ අතර පලාත් රාජ්‍ය සේවය මගින් දැන්වූයේ මෙම තනතුරු දෙක අනවශ්‍ය නිසා එම තනතුරු අහෝසි කල බවයි. තත්ත්වය මේසේ වූවද ප්‍රාදේශීය සභාව යෝජනාවක් සම්මත කරගනිම්න් මෙම සේවාව පවත්වාගෙන යාමට තින්දු කල බව ඇය ප්‍රකාශ කර සිටියය.