සිංහල, Education, Life quips, Matale

කොන්ඩේ වැඩියි කියා ගුරුවරයා සිසුවාට ‛කන’ පැලෙන්න පහරදෙයි

විල්ගමුව, නුගගොල්ල මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකුට පසුගිය සිකුරාදා(15)එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහර දීමකින් රෝහල්ගත කර ඇත. මෙසේ රෝහල් ගතකර ඇත්තේ එම විද්‍යාලයේ ඉන්දික ලක්මාල් නැමති ශිෂ්‍යාය. මෙම පහර දීමෙන් එම ශිෂ්‍යාගේ කන් බෙරයට බරපතල ලෙස හානි සිදුවී ඇති අතර දින 05ක් මහියංගනය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් බවත්, තවමත් ඉන්දික ලක්මාල් ශිෂ්‍යාගේ එක් කනක් එතරම් නොඇසෙන බවත් එම ශිෂ්‍යාගේ මව වන යූ. ජී කුමාරිහාමි මහත්මිය පවසයි.

මෙසේ පහර දී ඇත්තේ නුගගොල්ල මහා විද්‍යාලයේ ශ්‍රීමාල් සේනානායක නැමති ගුරුවරයා බවත් මෙම පහරදීම සම්බන්ධව විල්ගමුව පොළීසියට පැමිණිලි කර ඇති බවත් ඇය බවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් 50කට අධික පිරිසක් ඊයේ(18) දින එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට මෙම සිද්ධිය පිළිබද දැනුම් දීමට ගිය අවස්ථාවේ ‛‛මම විදුහල්පතිවරයා විදිහට අධ්‍යාපන කාර්යාලට දැනුම්දී මෙම සිද්ධිය පිළිබද විමර්ශනයක් සිදුකරන බවට දෙමාපියන්ට පවසා ඇති බව ඉන්දික ලක්මාල්ගේ මව ‛‛විකල්ප’’ සමග වැඩිදුරටත් පැවසී ය.

‛විකල්ප’ මේ සම්බන්ධයෙන් විල්ගමුව පොළිසියේ ස්ථානාධිපති අයි. පී. ජයරත්න මහතාගෙන් විමසීමක් කල විට ඔහු පවසා සිටියේ මේ පිළිබදව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් උපරීම නීතිය ක්‍රියාත්මක කරන බවත් ය. ‛‛ළමුන්ට අවවාද කරන විදිහක් තියනවා. ළමයෙකුගේ ජීවිතයට බලපාන අයුරින් අවවවාද කිරීම නොකල යුතුයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් පොළිසිය විදිහට ගත හැකි උපරිම පියවර ගන්නවා. ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.