සිංහල, Human Rights, Life quips, Matale

අද ලෝක පරිසර දිනය යි. එකම රටේ පරිසරයන් දෙකක් ගැන….

vikalpa-envirmant-day
අද ලෝක පරිසර දිනය යි. මේ රූප පෙළෙන් දැක්වෙන්නේ එකම රටේ දෙකොනක පරිසරයයි.
එකක් මෙබිම පෝෂණය කරන සුන්දර නකල්ස් වනය. සීතල මීදුම, ඇස් පිනා යන සුන්දරත්වය, මෙහි එන සියල්ලක්ම වසඟයට ගනු ඇති. කවුරුන් හෝ ඒ පොළවේ අඩිය තියනකොට කකුල් සිපගන්න කට්ටියක් බලාන ඉන්නවා. ඒ, ඒ පොළව සාරවත් කරන කූඩැල්ලන්. නකල්ස් පොළව විනාශ කරන මිනිස් ක්‍රියාකාරකම්වලින් තවමත් එය ආරක්ෂාකරගෙන ඉන්නේ මේහි ඇති විවිධත්වයයි. එපමණක්ම නොවේ, මේ වනපෙත එකිනෙකා මරා ගන්නා සමාජයට මහා ආදර්ශයක් සපයනවා. නිදහස, ප්‍රේමය, ආදරය, ආරක්ෂාව ගැන.
අනෙක මේ බිමේම.. නිදහස, ප්‍රේමය, ආදරය, ආරක්ෂාව අහිමි වූ මහපොළවක සිදුවු මහා විනාශයක්. සීතලක් නැති උණුසුම් සුලඟ, ගිනි ගත් මහපොළව, කූඩැල්ලන් වෙනුවට තාමත් මරු වැල්, ඒ පොළොව උදුරාගෙන. එබැවින් මෙවර පරිසර දිනය වඩාත් අර්ථවත් වන්නේ මේ ගිනිගත් මහපොළව සුවපත් කිරීමට දායක වීමෙනි. එහි ජීවත්වන මිනිසුන්ට යළි හුස්ම දීමෙනි.

ඡායාරූප – http://www.defence.lk/picturegallery/picc.asp?tfile=Final_Assault&cat=ACHI
Sampath Samarakoon