Colombo, Poems

සුදු අලියගෙ ඇස් ඇරෙයිද

දේශ ප්‍රේමේ කොත්තු දාල

අමෙරිකාව මරන් කාල

මහජනයට සද්දෙ දීල

හිනා වෙනව පස්ස දාල
……………………………………..

ලොකු එවුන්ගෙ දූ දරුවෝ

අමෙරිකාවෙ පුරවැසියෝ

අනේ ගොබ්බ රට වැසියෝ

මෙය තේරෙන්නැති හැටියෝ
……………………………………..

යුරෝපයට වැඩ නැතුවට

ලංකාවට කෙලවන්නට

මේක නොදත් ගොන් හරක්ට

තණකොලවත් නැත ලාබෙට
……………………………………..

චීනා පෙනෙයි මහ ලොකුවට

ගෙන්නා ගෙන රට ඇතුලට

කොමිස් අරන් බදු දෙනකොට

දේශප්‍රේමෙ යයි ඇඳ යට
……………………………………..

සංසාරේ චක්‍රයක් ද

සංහාරය ධර්මයක් ද

නවත්වන්න එය සදහට

දඬුවම් දිය යුතු වරදට
……………………………………..

දකුණේ දරුවෝ මැරුවා

දුක් කඳුලැලි වැසි හැලුවා

හෙණ නැති අකුණුත් ගැහුවා

වග උත්තර නැති කෙරුවා
……………………………………..

වග උත්තර දැන් ඇතුවා

උතුරේ කළ කම් කෙරුවා

නවත්වන්න මින් මතුවා

වරදට දඬුවම් නැතුවා
……………………………………..

නීතිය නම් කාට උනත් කළුසුදු නෑ බොලව්

නිවැරදි නම් බය මොකටද තටමන්නේ කියව්

රවටාගෙන රට වැසියා උන්ම මරා දමව්

බත්බැලයෝ වාසි පතා උල්පන්දම් දියව්
……………………………………..

යූඑන්ඹ් සුදු අලියා කට බලියා ගෙන ඉඳී ද

මෙදා පාරවත් හරියට අලියගෙ ඇස් කණ් ඇරෙයිද

පීඩිතයගෙ කකියන හිත තවත් පාරවා දමයි ද

ගව් ගණනක් තව ඈතට යුක්තිය වළලා දමයි ද

උදය ආර්. තෙන්නකෝන්[Udaya R. Thennakoon]