සිංහල, Badulla, Democracy, Life quips, Transport

කොළඹට කිරි, ලඟට කැකිරි…

දිනය 2009 ජූනි 17වනදා ය. වේලාව ප.ව.2.45යි. ලංකා ගමනා ගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් බස් රථය ප.ව.2.45ට බදුල්ල සිට කොළඹ බලා ධාවනය කරන්නට විය. මද වේලාවකින් කොන්දොස්තර පැමිණ මෙසේ මොර දෙන්නට විය.

“කොළඹ යන අය ඉඳ ගත්තාට පසුව අනිත් අය ඉඳ ගන්න. ලඟට යන අය අතර මඟදී නගින කොළඹ යන අයට ඉඩ දෙන්න.”

බස් රථය ගමන් කරන්නට විය. දියතලාව, හපුතලේ බලංගොඩ දක්වා යන බස් මගීන් තම ආසන මතින් නැගිට්ටුවා අතර මඟදී බස් රථයට ගොඩ වූ මගීන්ට එම ආසන දෙන ලදි.

බදුල්ල මහ රෝහලේ සැත්කම් කර නිවෙස්වලට යන රෝගීන් මෙන්ම ශාරිරික ආබාධිත අයද තම ආසන දුන්නේ කොන්දොස්තරගේ පරුෂ වචන ඉවසාගත නොහැකිවය. ලංගම බස් ඇතැම් පෞද්ගලික බස් තත්වයට මේ කොන්දොස්තර ගෙන ඒම ගැන ඒම මගී ජනතාව දැඩි අප්‍රසාදයකින් කථා කලේය.

මුදලක් ගෙවා ටිකට් පතක් ගෙන බස් රථයේ යන මගීන්ට ආසනයක ඉඳගෙන යාමට ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ඇත.

නමුත් මේ කොන්දොස්තර එම අයිතිය බලෙන් උදුරාගෙන ඇත. එසේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මෙසේ උදුරාගැනීමට මොනයම් හෝ රාජ්‍ය හෝ පෞද්ගලික නිළධාරියෙකුට ඇති අයිතිය කුමක්ද..

සී. එස්. රත්න