සිංහල, Colombo, Democracy, Features, Governance, Peace and reconciliation

ඒකීය රාමුව තූළ බලය බෙදීමක්, ගම් සභා ක්‍රමය අදට ඔබින ආකාරයට, සමගාමී ලැයිස්තුව ඉවතට….මහාචාර්ය තිස්ස විතාරණ


Picture by INTERNET

ඒකීය රාමුව තූළ බලය බෙදීමක්, ගම් සභා ක්‍රමය අදට ඔබින ආකාරයට,
සමගාමී ලැයිස්තුව ඉවතට..

මහාචාර්ය තිස්ස විතාරණ

කළ යුත්තේ කුමක්ද? යන තේමාව ඔස්සේ සම සමාජ තරුණ සමිති මහා සංගමය විසින් සංවිධානය කරන ලද සංවාදයක් පසුගිය 23වනදා කොළඹ සමසමාජ මූලස්ථානයේදී පැවැත්විනි. එම සංවාදය සදහා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු ප්‍රධාන කථිකයන් ලෙස සහභාගී විය.

එහිදී මහාචාර්ය තිස්ස විතාරණ මහතා අදහස් දක්වමින් “බලය බෙදීම සම්බන්ධව තිබෙන අවිශ්වාසය නැතිකරලා යමි කිසි යෝජනාවලියක් ක්‍රියාත්මක කරන තැනට ගෙන යා යුතුයි. මම කනගාටුවෙනවා ප්‍රසිද්ධියේ එම යෝජනා ගැන අදහස් දක්වන්න විදිහක් නැති වීම ගැන. සියලු පක්ෂ අත්සන් කලාට පසුව මට එය කියන්න පුලුවන් වෙයි.”

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ..
“දැනට මට යම් දෙයක් කියන්න පුලවන්. යෝජනාවලියේ ඇති යෝජනා ගැන..ඒකීය රාමුවක් තුළ යම් බලය බෙදාගැනීමක් ගැන සඳහන් වන මතය තමා දැන් පිළිගන්නට පුඑවන් වෙලා තියෙන්නේ. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනයේ සමගාමී ලැයිස්තුව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මහා ආණ්ඩුවකට ලැයිස්තුවකුත්, පළාත් සභාවලට ලැයිස්තුවකුත් යෝජනා වෙනවා. බලය බෙදීම පළාත් මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ පළාත් පාලන ආයතනවලට තමන්ගේ වැඩ ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. එසේම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පාළාත් පාලන ආයතනවල පරිපාලන ඒකකය ලෙස සම්බන්ධ කරනවා.

මෙහිදී මෙම යෝජනාවලියේ පිටු 12ක් මුදල් පරිපාලනය සම්බන්ධව වෙන් කරලා තියනවා. මුදල් හා සැළසුම් කොමිසමට පළාත්වල අයත් ඇතුල් කරනවා.

අපේ පැරණි ගම් සභා ක්‍රමය අදට ඔබින ආකාරයට ක්‍රියාත්මක කිරිමට මෙහිදී යෝජනා කර තිබෙනවා. ගමට ගෙනියන ප්‍රජාතන්ත්‍රවාදයත්, බලය බෙදීමත් තමා මේ යෝජනාවලියෙන් ඇති කරලා තියෙන්නේ. එය තමන්ගේ ප්‍රශ්න තමන්ගේ නායකයින් මඟින් විසඳා ගන්නා ක්‍රමයක්. ඒ නිසා ඒ තුළින් නැවත බෙදුම්වාදයක් ඇති වෙන්නේ නෑ. එසේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන අතර කැබිනට් පාර්ලිමේන්තුව විධායක බලය අති තැනකට ගේන්න යෝජනා කර තිබෙනවා.

සෙනෙට් සභාවක් පත් කරන්නත් යෝජනා කරනවා. එහිදී එයට ඇතුලත් වෙනවා පළාත්වලින් පිරිසක්. නමුත් මේ අය මංත්‍රීලා නොවයි. ජන අනුපාතය අනුව තමා ඔවුන් මෙයට පත්වෙන්නේ.

ඉන්දීය දමිළ, වතු දමිළ සහ මුස්ලිම් ජනයා සඳහා වෙනම ප්‍රාන්තයක් දෙන්න යෝජනා කරා. එය කොමිටිය ප්‍රතික්ෂේප කරා.

බෙල්ජියමේ තිබෙන කොමියුනිටි කවුන්සිල් ක්‍රමය පදනම් කරගෙන උතුරු නැගෙණහිර දමිළ සහ මුස්ලිම් ජනයා සඳහා සභා දෙකක් යෝජනා කර තිබෙනවා.

විශේෂයෙන් සෙනෙට් සභාවල නීතියක් සංශෝධනය වෙනවා නම් එය කිරිමේදී 2/3කක බලයක් අවශ්‍ය වෙනවා. දෙන බලතල නැති කරන්න මෙමගින් ඉඩක් ලැබෙන්නේ නෑ.

පොළිස් සහ ඉඩම් බලතල පිළිබඳ යෝජනා කරලා තියෙන්නේ පළාත් මට්ටමින් ඒවා ක්‍රියාත්මක කරන්නන්ට දෙනවාත් සමගම මධ්‍යම ආණ්ඩුවේ යම් අධීක්ෂණයක් සමග ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙනවා.”

කෙසේ වෙතත් මාහාචාර්ය තිස්ස විතාරණ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින්. “උතුරු අයර්ලන්තයේ විරුද්ධවාදීන් දෙපිරිස අද එකතුවෙලා පාලනය කරනවා….”

මෙම සංවාදයට 100කට ආසන්න පිරිසක් සහභාගී වු අතර මේ සඳහා අදහස් දැක්වීමට නියමිතව තිබු අචාර්ය සුනිල් විජෙසිරිවර්ධන මහතාගේ අදහස් දැක්වීමෙන් පසු කෙටි සංවාදයකින්, කලයුත්තේ කුමක්ද? අවසාන විය.