යෝජිත 19වන ව්‍යවස්ථා කෙටුම්පත වහාම සම්මත කර ජනතා අභිලාශයන් ඉෂ්ඨ කිරීමට බලකරමින් අද(27) රාජගිරියේ සිට පාර්ලිමේන්තුව දක්වා දැවැන්ත මහජන පාගමනක් පැවැත්වීය. දහස් ගණනින් සහභාගී වූ එම පාගමන සංවිධානය කර තිබුණේ සිවිල් සංවිධාන, සිවිල් ව්‍යාපාර සහ පුරවැසිියන්ගෙන් සමන්විත පුරවැසි සංවිධාන එකමුතුව විසින් වන අතර ආගමික නායකයින්, දේශපාලන නායකයින් ඇතුලු දේශපාලන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂවල සාමාජිකයන් විශාල පිරිසක් එම පාගමනට එක්වී සිටීම විශේෂත්වයකි.

ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ඉතාමත් ගැඹුරැ ලෙස ඛාදනයට ලක්කරමින්, ජනාධිපතිවරයාගේ බලතල අත්තනෝමතික ලෙස ඉහල දමා ගැනීම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුලු නඩය විසින් සම්මත කරගත් 18වෙනි ව්‍යවස්වථා සංශෝධනය බලරහිත කරමින් ගෙන ඒමට යෝජිත 19වන ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට පාර්ලිමේන්තුවේ විවාදයට ගනිමින් තිබේ. එසේම එම පනත් කෙටුම්පතට අදාළ විවාදය අද සහ හෙට පැවැත්වෙන අතර ඉන් පසු හෙට පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. එවැනි තත්ත්වයක් තුළ දහස් ගණන් පුරවැසියන් පාර්ලිමේන්තුව අසලට රැස්ව පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ට බලකර සිටියේ ජනමතයට ගරුකරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය වහාම සම්මත කර රටතුල ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය වඩා ශක්තිමත් කරන ලෙසයි.

පහත දැක්වෙන්නේ එම මහජන පාගමනේ අවස්ථා ‘විකල්ප‘ කැමරාවේ සටහන් වූ අයුරුයි

IMAG0283

IMG_2239

IMG_2238

IMAG0316

IMAG0304

IMAG0299

IMAG0290

IMAG0289

IMAG0285

IMG_2253

සම්පූර්ණ ඡායාරෑප සටහන @මාට්රම්