සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‘චින්තනයේ‘ වෙබ් වාරණය යළිත්…


ලංකාව කුළ දෙමළ භාෂාවෙන් ප්‍රවෘත්ති සැපයූ වෙඩ් අඩවි ගණනාවක් 26 වනදා සිට ලංකාව තුළ පිවිසීමට ඇති හැකියාව අවහිර කර තිබේ. විශේෂයෙන් උතුරැ නැගෙණහිර ප්‍රදේශවල ඇති වී ඇති වර්තමාන තත්ත්වය ලෝකය හමුවට රැගෙන ගිය ජනප්‍රිය වෙබ් අඩවි වන,
http://www.tamilwin.com
http://www.athirvu.com
http://www.saritham.com
http://www.ponguthamil.com
http://www.pathivu.com
http://www.sankathi.com
යන වෙබ් අඩවි එම වාරණය කර ඇති වෙබ් අඩවි අතර වෙයි. විශේෂයෙන් උතුරේ මේ දිනවල හමුදාව විසින් සිය බලය යොදා ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම් පිළිබදව නිරන්තරයෙන් මෙම වෙබ් අඩවි අනාවරණය කළ අතර දකුණේ සිංහල මාධ්‍ය ඒ පිළිබදව කිසිදු සටහනක් නොතබමින් සිය මුග්ධ ලිං මැඩි මාධ්‍ය භාවිතාව සිදුකරගෙන ගියේය.

කෙසේ නමුත් ආණ්ඩුවේ මෙම වෙඩ් අඩවි වාරණය ආරම්භ වූයේ ටැමිල් නෙට් වෙඩ් අඩවියත්, ඉන්පසු ලංකා ඊ නිවුස් සහ පසුව වෙඩ් අඩවි 5ක් ලංකාව තුළ වාරණයට ලක් කරමින්ය.

මෙම තත්ත්වය විශේෂයෙන් ජනයාගේ තොරතුරැ දැනගැනීමට ඇති අයිතිය වාරණයට ලක් වීමක් යැයි පවසා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින්,

ලංකාව තුල හා ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළකරන වෙබ් අඩවිවලට ලංකාව තුලදී පිවිසීමට තිබූ හැකියාව අවහිරකරමින් ඒවාට පහසුවෙන් පිවසීමට තිබූ අවකාශය වලකාලමින් එම වෙබ් අවඩි සහමුලින්ම වාරණය කිරීමට විරැද්ධව ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කිසිදු හේතු දැක්වීමකින් තොරව පසුගිය මස 16වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් මෙවැනි ප්‍රතික්ෂේප කිරීමකදී එයට හේතු දැක්විය යුතුවිය නමුත් මෙහිදී කිසිදු හේතු දැක්වීමක් සිදු නොකර මෙය ප්‍රතික්ෂේප කිරීම තුල කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් අධිකරණයක් තුළ ගොනු කරන ලදි මූලික අයිතිවාසිකම් පිලිබදව පෙත්සම් මගින් යුක්තිය ඉෂ්ඪ කර ගැනීම පිළිබදව තත්ත්වය මනාව පිළිබිබු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නැවත වරක් එවන් වාරණයන් පැනවීමට බළධාරීන්ට හැකි වී තිබේ.

එසේම මෙම දෙමළ වෙබ් අඩවි අවහිරකිරීම ප්‍රථම පසුගිය 29 වනදා තායිලන්ත සංචාරයකට සහභාගීවෙමින් ජනාධිපතිවරයා “එකම ආයතනයකින් වෙබ් අඩවි 08 ක් පාලනය කරනවා. ශ්‍රී ලංකාවේ එක පුද්ගලයෙකු විසිනුයි ඒවා පාලනය කරන්නේ. මඩ ප්‍රචාර, රටට විරුද්ධව කරන ප්‍රචාර තමයි මේවායේ තියෙන්නේ. පිටරැටියන්ට ලංකාව පිළිබඳ තොරතුරු ගන්න තියෙන්නේ මේ වෙබ් අඩවි. මේවා මගින් ලංකාව පිළිබඳ වැරදි චිත්‍රයක් මවන්න උත්සහ ගන්නවා..”යයි පවසා ඇතැයි මාධ්‍ය වර්තා පල වී තිබිණි. එයින් ද හැගී ගියේ වෙනස් මතවලට ලංකාව තුළ කිසිදු අවකාශයක් නොමැති බවයි. එසේම ලංකාව තුළ තිබෙනවා යැයි පවසන ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස පිළිබදව ඉතාමත් පැහැදිලි චිත්‍රයක් ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරන අතර එහි නියම භාවිතාවද මෙවන් වෙබ් අඩවි අවහිර කිරීම තුලින් ලෝකය හමුවේ තබයි.

කෙසේ නමුත් පශ්චාත් යුධ ශ්‍රී ලංකාව තුළ නව මාධ්‍ය භාවිත කරමින් නව සංවාදයක් ඇති වෙමින් තිබියදී මෙන්ම එය බොහෝ විට ප්‍රධාන ධාරාව අමාන්ත්‍රණය නොකරන ඉසව් මෙම මාධ්‍ය තුලින් ආමත්‍රණ්ත්‍රය කරමින් තිබියදී මෙවැනි වාරණයන් පැනවීම තුලින් ලංකාව තුළ තිබෙන මාධ්‍ය ඒකාධිපතිත්වය නැවත වරක් මනාවට පිළිබිබු වේ. ඒසේම මෙවැනි අවහිර කිරීම් හෝ අඩපණ කිරීම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගරැ කරන ශිෂ්ඪ සම්පන්න කිසිදු රටක් ක්‍රියාකර නොමැති අතර ඒ සදහා ඉතාමත් අසාර්ථක උත්සහයන් පවා ගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, මූලික අයිතිවාසිකම්, තොරතුරැ දැනගැනීමේ නිදහස සහ පුරවැසියන්ගේ නිදහස පිළිබදව කිසිදු තැකීමක් නොකරන චීනය, මියන්මාරය වැනි රටවල් අතලොස්සක් පමණි.

එබැවින් මෙයින් ලංකාව නැවතත් ප්‍රදර්ශණය කර ඇත්තේ අදහස් පළකිරීමේ හා තොරතුරැ දැනගැනීමට පුරවැසියා සතු අයිතිය පිළිගැනීමට සහ භාවිතයට ඔවුන් තුළ අති අකමැත්ත සහ ඒ තුළින් ජනමාධ්‍ය මර්ධනය කිරීමට ඔවුන් තුළ ඇති දැඩි අභිලාෂයයි.