සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights

FUTA සහ කලාකරැවන් [‘ඊනියා වාමාංශිකයො එනවා නම් ඒ තැන්වලට අපිව ගෙන්වන්න එපා.‘] වීඩියෝ සටහන්

”මම 1970 දශකයේ ලිපිකාරයෙක් විදිහට කලා නිර්මාණ කරගෙන එනකොට, ඒ හිටපු පේ‍්‍රක්ෂකාගාරයට ගහපු මහ හෙනේ තමයි 80 ජූලි වර්ජනය. එදා නාට්‍යාගාර පිරිලා ඉතිරිලා ගියේ සාමන්‍යයෙන් පහළ මැදපාන්තික ප්‍රේක්ෂකයන්ගෙන් සමන්විත ඒ වෘත්තිකයන්ගෙන්. ඒ පේ‍්‍රක්ෂකාගාර වල ආමි එකේ අය හිටියා. පොලීසියෙ අය හිටියා, ගුවන් හමුදාවෙ අය හිටියා. මගේ නාට්‍ය වල ගුවන් හමුදාවෙ අය රඟපෑවා. ඒ තිබුණු සංයුතිය බිඳ වැටුණෙ ඒ 80 ජූලි වර්ජනයේ මර ලතෝනිය විසින් හැම මිනිහෙක්ගෙම ජීවිතය විනාශ කළා. පා පහරින් මේ මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම රැකියාවෙන් ඉවත් කළා. ඒ හෙනේ අද දක්වාම පවතිනවා. ඊට පස්සෙ 83 එනවා. 83 සිනමාශාලාවල් වලට, චිත‍්‍රාගාර වලට කෙලලා ඇරියා. ඒ හෙනේ අද දක්වාම පවතිනවා. ඊයේ පෙරේදා ඉසෙඞ් ස්කෝර් අර්බුදය හින්දා, දරුවො අඬ අඬා අපි ඉගෙන ගෙන වැඩක් නැහැ කියලා කියනවා. ඒ මේ රටේ තරුණ පරම්පරාව. ”

‘රාජ්‍ය අධ්‍යාපනය රැුකගනිමු’ යන තේමාව යටතේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගෙන යන වැඩ වර්ජනය සම්බන්ධයෙන්, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය හා කලා කරුවන් අතර ඊයේ (19) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති හමුවේදී, ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවා විසින් සිය අදහස් මෙසේ ඉදිරිපත් කළේය. රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීම සම්බන්ධයෙන් කලා කරුවන්ගේ මැදිහත් වීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ධර්මසිරි බණ්ඩාරනායක,

”මේ සටන පරාජය වුණොත් ඒක 80 ජූලි පරාජයට වඩා දැවැන්ත පරාජයක්. ඒ නිසා මේ සටන ඇතුළෙ ජාත්‍යන්තරභාවයක් තිබිය යුතුයි. අද ඇමරිකානු ශිෂ්‍යයො තමන්ගෙ අරගලය ගැන ජිනීවා වලට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක ජාත්‍යන්තර අරගලයක් බවට පත් විය යුතුයි. ඒ වගේම ලංකාවේ හිටපු ඊනියා වාමාංශිකයො මේවට සහයෝගය දෙනව නම් ඒ තැන්වලට අපිව ගෙන්වන්න එපා.”

විකල්ප මත දරන කලාකරුවන් රාශියක් මෙම අවස්ථාවට සහභාගී විය. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ලේඛක ජයතිලක කම්මැල්ලවීර, සිනමාවේදී ධර්මසේන පතිරාජ, රංගන ශිල්පී ජයලාල් රෝහණ, අචාර්ය මයිකල් ප‍්‍රනාන්දු, රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ වැනි කලාකරුවන් මෙම අවස්ථාවේ තම අදහස් ඉදිරිපත් කළ අතර, ලේඛක ජයතිලක කම්මැල්ලවීර සිය අදහස් පළ කළේ මෙසේය.

”මම ඊයේ ගියා ඉතාම දුෂ්කර පාසැලක් වන පුත්තලම දිස්ත‍්‍රිකක්යේ තබ්බෝව මහා විද්‍යාලය කියන පාසැලට. ඒ පාසැලේ තිබුණු සාහිත්‍ය උත්සවයෙදි අපි කතා කළාට කිසි වැඩක් වුණේ නැහැ. මොකද ළමයි හිටියෙ සම්පූර්ණයෙන් වෙනත් මානසික තත්ත්වයක. සමහර අය නැගිටලා දුවනවා, ආයිත් එනවා. මොකද ඊට කලින් දවසේ උසස් පෙළ පන්තියෙ ශිෂ්‍යාවක් සහ ගුරුවරියක් අතර ඇතිවුණ බහින් බස් වීමක් දුර දිග ගිහිල්ලා, ඒ ශිෂ්‍යාවගේ නෑකමක් තියෙන හමුදා භටයෙක් ඇවිල්ලා අර ගුරුවරියට ගහලා.”

කලාකරුවන් ඉදිරිපත් කළ අදහස් වල සම්පූර්ණ වීඩියෝ සඳහා පහත බලන්න.

[youtube]http://www.youtube.com/watch?v=-vTFwUlsAiA&feature=plcp[/youtube]

[youtube]http://www.youtube.com/watch?v=AylIfNHdSdg&feature=plcp[/youtube]

[youtube]http://www.youtube.com/watch?v=LFQkvrr5RNE&feature=plcp[/youtube]

[youtube]http://www.youtube.com/watch?v=ZatEIp7wBTY&feature=plcp[/youtube]

[youtube]http://www.youtube.com/watch?v=XeqxZEjMWe8&feature=plcp[/youtube]

@VIKALPA