උතුරේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඊයේ(26) දින, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවකට බාධා වන අන්දමින් කුලී විරෝධතාකරැවන් පිරිසක් විසින් සිදු කර ඇති ඊනියා විරෝධතාවය සහ එම වැඩමුලුව සදහා පැමිණෙමින් සිටි ජනමාධ්‍යවේදීන් ට අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන සිදුකර ඇති හිරිහැර පිළිබදව පැහැදිලි කිරීම සදහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී(SLPI) පැවැත්වීය.

එම පුවත්පත් සාකච්ඡාව පැවැත්වීමට පැයකට පමණ පෙර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරැ සුනිල් ජයසේකරට දුරකතන ඇමතුම් හරහා දිගින් දිගටම මරණ තර්ජන ඒල්ල කරන ලද අතර එහි දී ඔවුන් පවසා තිබුණේ ‘මාධ්‍ය සාකච්ඡාව තිබ්බොත් මරා දමනවා‘‘ යනුවෙන් ය. කෙසේ නමුත් එම මාධ්‍ය සාකච්ඡාව සැලසුම් කල පරිදි පැවැත් වූ අතර පහත දැක්වෙන්නේ එම මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ හඩපටයයි.