බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් තහවරු කිරීමටත්, වැළිකඩ සමූහ ඝාතනයේ මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමටත් ‘යහපාලන‘ ආණ්ඩුවට බලකරමින් අද(14) උදෑසන වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබූ අතර, එයට 2012 වර්ෂයේදී බන්ධනාගාරය තුළ සිදුකල සමූහ ඝාතනයේදී මිය ගිය රුදවියන්ගේ පවුල්වල සමාජිකයන්ද, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද එයට සහභාගී වී සිටියේ ය.

පහත දැක්වෙන්නේ එම විරෝධතාවයේ අවස්ථා කිහිපයකි.

එම විරෝධතාවය විකල්ප වෙබ් අඩවිය විසින් සිය ට්විටර් ගිණූම හරහා සජීවව ප්‍රචාරය කළ අතර පහත දැක්වෙන්නේ එහිදී අදහස් දැක්වූ, එවකට රැදවියෙක් ව සිටි සහ එම සමූහ ඝාතනය සියැසින් දුටු නන්දිමාල් ද සිල්වා සහ අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් සිදුකල අදහස් දැක්වීම්ය.


මේ එම විරෝධතාවයේදී භාවිතා කල සටන් පාඨ කිහිපයකි.

රනිල් – මෛත්‍රී – මේ අහන්න
උඹලා කිව්ව – යහපාලනේ
සිරකරුවට – නැත්තේ මොකද
උන් ඕනෑ – නැති නිසාද

සිරකරුවන් – මරා දාපු
මහින්දලගේ – අඩිපාරේ
තව කොපමණ – දුර යන්නද
උඹලා ඔය – බලන් ඉන්නේ

මිනී මැරුම – යටගහන්න
ඩීල් දාන – යහපාලනෙ
ගෙදර යන්න – ලෑස්තිවෙයව්
නොකෙරුවොතින් – සාධාරණේ

මිනී මරුවො – බේරගන්න
වන්දි දෙන්න – කවුද කිව්වේ
දෙන්නෙම නෑ – යට ගහන්න
වැළිකඩ වුන – මහ ඝාතනෙ

වන්දි දී අපරාධකරුවන් සැගවීම

යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ 2012 වර්ෂයේ දී, (එවකට පැවති රාජපක්ෂ පාලන සමයේ) ආයුද සන්නද්ධව වැලිකඩ බන්ධනාගාරයට ඇතුලු වූ විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 800කට අධික සංඛ්‍යාවක් සිදුකල මෙහෙයුමේ දී හට ගත් නොසන්සුන්තාවයේදී රැදිවියන් 27 දෙනෙක් ඝාතනයට ලක්ව විශාල ප්‍රමාණයක් තුවාල ලැබීය. බන්ධනාගාර අචාරධර්ම සහ නීතිය නොසලකා හරිමින් සිදුකල එම මෙහෙයුම හිතාමතාම රැදවියන් ඝාතනය කිරීම සදහා රාජපක්ෂ ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදු කල අපරාධයක් බව රාජපක්ෂ පාලනයට චෝදනා එල්ල විය. නමුත් නව පාලනය පත්වීමට පෙර පවසා සිටියේ එම ඝාතනයේ අපරාධකරුවන්ව නීතිය හමුවට පමුණුවන බවය. නමුත් අද වන විට ඝාතකයන් නිදැල්ලේ සිටියදී, ඝාතනයට ලක්වූ රැදවියන්ගේ පවුල්වලට වන්දි පමණක් ලබා දී අපරාධකරුවන් සැගවීමට ගන්නා ලැජ්ජා සහගත උත්සහයක් ‘යහපාලන ආණ්ඩුව‘ තුළ දක්නට ලැබෙන බව අද පැවති විරෝධතාවයේදී, රැදිවියන්ගේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීන් ප්‍රකාශ කළේය. එහිදී ඔවුන් ඉතා ප්‍රභලව යහපාලන ආණුඩුවට බල කර සිටියේ,

‘මිනී මරුවො – බේරගන්න
වන්දි දෙන්න – කවුද කිව්වේ
දෙන්නෙම නෑ – යට ගහන්න
වැළිකඩ වුන – මහ ඝාතනෙ‘
කියාය.


සැබැදි සටහන්

[Video] වැලිකඩ ඝාතනය | ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [රැදවියන් ඝාතනය, ඇසින්දුටුවෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව..]