iMage: Sri Lanka Mirror

“ඉතාම ඛේදවාචකයක් මේක. අපි ඒ ආණ්ඩුව ඉවත් කරේ වතුර බොන්න, වතුර ඉල්ලපු මිනිසුන්ට පහරදුන්න නිසා. මෙතනදී අපිට උනේ ගොවිතැන් කරන්න තියන වතුර ටික උදුර ගන්න එකට විරෝධය පළකිරීම, විරෝධය පළකල අපිට පහර දුන්නා. වෙනස එක්කනෙක් වත් මැරුන්නැති එක විතරයි. නැතිනම් දෙකම එක හා සමානයි. පහර දෙන්න එයාලා සැළසුම් සහගතව හිටියේ, වතුර, කදුලු ගෑස්, සිවිල් පිරිසක් ගෙනත් තියාගෙන. එදා අපි මහපාරේ ගුටි කෑවා. අර සිවුරු දාගත්ත අය සහ එවැනි චන්ඩින්ගෙන් ගුටි කන එක වළක්වගන්න තමයි අපි මේ ආණ්ඩුව ගෙනාවේ. දැන් බලපුවාම අපිට නිළ ඇඳුම ඇදගෙන ඇවිල්ලා කෙළිනවා.”

රාජාංගනය වැවේ ජලය තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතියට ලබා ගැනීම නිසා රාජාංගන ව්‍යාපාරයේ ගොවි ජනතාවගේ ජල අයිතිය අහිමි වීම හේතුවෙන් අගතියට පත් ගොවි ජනතාව සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයට පහර දෙන ලද්දේ පොලීසිය බලා සිටියදී, සිවිල් ඇදුමින් පැමිණි මැරයින් විසින් පසුගිය පෙබරවාරි 28 දාය. එම පහර දීමෙන් විශාල පිරිසක් තුවාළ ලැබූ අතර ඉන් කිහිප දෙනෙක් තවමත් පසුවන්නේ බරපතල තත්ත්වයේ ය. එම අමානුෂික පහර දීමෙන්ම පසුවද විවිද ආකාරයට එම ගොවි ජනතාව නැවත නැවත හිංසනයට ලක් කරන බව ගොවීන් මෙන්ම, ගොවි සංවිධාන සහ සිවිල් සංවිධාන පවසයි.

ඒ බව සදහන් කළේ, නිහාල් වන්නිආරච්චි, සභාපති, රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානය, ටී. ටී. ගාමිණී ද සිල්වා, සභාපති, සාලියගම ගොවි සංවිධානය, චින්තක රාජපක්ෂ, මෙහෙයුම්කරු, ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ලීනස් ජයතිලක, සභාපති, එක්සත් කම්කරු සම්මේලනය, ජෝසප ස්ටාලින්, ලේකම්, ලංකා ගුරු සංගමය, හර්මන් කුමාර, ජාතික සංවිධායක, ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ටී. ජී. ඩබ්. ගුණවර්ධන, සභාපති, ලංකා බැංකු සේවක සංගමය, ලහිරු වීරසේකර, කැදවුම්කරු, අන්ත3ර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, සිල්වෙස්ටර් ජයකොඩි, ලේකම්, ලංකා පොදු වෙළෙ`ද සේවක සංගමය, සදුන් තුඩුගල, විධායක අධ්‍යක්ෂ, නීතිය හා සමාජ භාරය, එම්. කේ. ජයතිස්ස – උතුරුමැද පළත් ජනතා සංසදය ඇතුලු සංවිධාන එක්ව අද(21) කොළඹදී පැවති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදීය.

මේ ඒ පිළිබද අදහස් දක්වන ගොවි සංවිධාන නායකයින්, බලන්න