iMAGE : Vikalpa (EasterSunday Attacks – Zion Church, Batticaloa)

“ළමයි කෑ ගැහුවා ඒ වෙලේ,  මට ළමයින්ගේ සද්දේ  තමයි දැනුත් ඇහෙන්නේ මගේ කනට”

“මං ටීෂර්ට් තුනක් මාරු කළා එදා…”

අදට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙමසක් ඉකුත්ව ගොස්ය.අප්‍රේල් 21 දින කුරිරු මතකයේ ශේෂයන් තවමත් මිනිසුන්ගේ හදවත් වල නොමැකෙන රිදුම් ඉතුරු කොට තිබේ. මිනිසුන්ගේ හදවත් පසාරු කොට ඇති මතක සුවපත් කිරීමට තවමත් විධිමත් වැඩ පිළිවෙලක් රජය වෙතින් ක්‍රියාත්මක නොවේ.

ප්‍රහාරයෙන් මියගිය හා විපතට පත් වූවන්ගේ පවුල් වෙත සේම, තුවාල ලැබූ සහ ප්‍රහාරයේ සෘජු වින්දීතයින් නොවුවද, එකි අත්දැකීමට මුහුණ දීමට සිදුවීම හේතුවෙන්, එම ස්මරණයන් සමඟ ජීවත්වෙන පිරිස් හි මානසික සුවතාවය සම්බන්ධ සුපරීක්ෂා වීම සම්බන්ධයෙන් සමාජයේ  ඇත්තේ අල්ප අවධානයකි. එහෙත් එය වඩාත් අවධානයට ලක් විය යුත්තකි.

මඩකලපුව, සියොන් දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ තමන්ට  මුහුණ දීමට සිදුවූ අතිශය සංවේදී අත්දැකීම් එහි අසල්වැසි නිවැසියන්  වන නගුලේශ්වරන් මහතා සහ ප්‍රමිලා මහත්මිය විසින් විකල්ප වෙත මෙසේ විස්තර කරන ලදී.

“අපේ ගේ ඉස්සරහා ඩොන් ගලා සද්දයක් ඇහුනා .   ඊට පස්සේ මන්  දුවගෙන ආවා වටෙන්, මිනිස්සු අඩනවා , බේරගන්න බේරගන්න කියලා. පැයකට පස්සේ තමයි අපි දැනගත්තේ මේකත් සුවිසයිඩ්  එකක්  කියලා ”

සම්පුර්ණ වීඩියෝව නැරඹීම සඳහා පිවිසෙන්න