Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

ලසන්ත ඝාතනය කර වසර 2කයි. ඝාතකයින් කවුද?

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 2කක් ගත වේ. නමුත් මේ වසර දෙකක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ.

කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ ය. පසුව කලුබෝවිල රෝහලට ඇතුල් කිරීමෙන් පසුව ඔහු මෙලොවින් සදහටම සමු ගත්තේය. [මේ එහි වීඩියෝ දර්ශණයි Sunday Leader Editor in Chief Lasantha Wickremetunge murdered ඒ 2009 ජනවාරි 8 වනදාය.

අද 8 දා ඔහු ඝාතනය ලක් වී වසර දෙකක් ගත වෙමින් තිබේ. ඔහු ඝාතනය කර වසර දෙකක් ගත වෙන මේ මොහොතේ ඔහුගේ සමීපතමයින්, මාධ්‍ය මිතුරන්, මාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන එක් වී ඔහු සිහි කිරිමත් ඉතා ඉක්මනින් ඔහුගේ ඝාතකයින් රටට හෙළි කිරීමටත් බල කරමින් ලසන්ත වික්‍රමතුංග මහතා මිහිදන් කළ බොරුල්ල සුසානභූමියේ දී සැමරීමක් පැවැත් වීය.

මේ එහි අවස්ථාවන් කිහිපයකි