Colombo, Featured Articles, Features

ශ්‍රී ලංකාවේ ආගමික අන්තවාදයට එරෙහිව…..

මගේ නාමයෙන් නම් නොවේ: ආගමික අන්තවාදයට එරෙහිව

ඔබේ නම ඇතුළත් කර, ප්‍රචණ්ඩත්වයට එරෙහි වන්න!

සිදුවූයේ කුමක්ද?

මීට සතියකට ඉහතදී බෞද්ධ භික්ෂූණ් වහන්සේලා ඇතුළු සිංහල ජාතිකයින් 2000කින් පමණ සමන්විත වූ මැර කණ්ඩායමක් දඹුල්ලේ මුස්ලිම් පල්ලියට කඩා වැදුණහ. මේ මැර කණ්ඩායමේ පෙරමුණ ගත්තේ දඹුලු රංගිරි පාර්ශවයේ මහානායක ඉනාමලුවේ සුමංගල ස්වාමීන් වහන්සේයි. මුස්ලිම් පල්ලිය අනවසර ඉදිකිරීමක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි. නමුත් මෙය කෙතෙක් දුරට නිවැරදි කරුණක්ද යන්න තවමත් පැහැදිලි නැත.

එම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජාතික රුපවාහිනී නාලිකාවල ප්‍රචාරය වුණු, මේ වන විට ශදම එමඉැ චැනලය හරහා ලෝකයටම විවෘත වී ඇති, වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරන ප්‍රචණ්ඩත්වයේ තරම සහ ස්වභාවය අදහාගත නොහැකි තරම්ය. භික්ෂූණ් වහන්සේලා කිහිප නමක්ම තර්ජනාත්මකව අත පය විසිකරමින්, සහ පරුෂ වචනයෙන් කෑ ගසමින් හැසිරෙන ආකාරය ඒ වීඩියෝ දර්ශන වලින් දැක ගත හැකියි. එක් භික්ෂුවක් මුස්ලිම් පල්ලිය ඉදිරියේ තම සිවුර ලිහා දමා උඩුකය නිරාවරණය කර පෙන්නවමින් කෑ ගසයි. ඒ උන්මත්තක මැර ක්‍රියාවලිය, ශ්‍රමදානයක් ලෙස හඳුන්වන ඉනාමලුවේ සුමංගල ස්වාමීන් වහන්සේ, පල්ලිය කඩා දැමීම සඳහා ආණ්ඩුවේ සහය ලැබිය යුතුයැයි කියා සිටින ආකාරය එක් වීඩියෝ පටයකින් පෙන්නුම් කෙරේ.

භික්ෂුණ් වහන්සේලා හමුදා භටයින් සහ පොලිස් නිලධාරින් සමග පොර බදිමින් ඉතා අශෝභන ලෙස හැසිරෙන අකාරය සේම, මුස්ලිම් පල්ලියට සහ අසල ඇති හින්දු කෝවිලට පරිභව කරමින් ඉනාමලුවේ සුමංගල ස්වාමින් වහන්සේ සහ අනෙක් භික්ෂූණ් වහන්සේලා විසින් මුදා හළ අතිශය වර්ගවාදී ප්‍රහාරාත්මක භාෂාව අසා සිටින්නන් තැතිගන්වන සුළුය. දහස් ගණනින් සක්‍රිය සාමාජිකයින් සම්බන්ධ වී සිටින මුස්ලිම් විරෝධී, අධිපතිවාදී සිංහල බෞද්ධ ෆේස් බුක් කණ්ඩායම් විසින් අන්තර්ජාලයට මුදාහරින ලද කියුම් සහ ප්‍රකාශයන් අතිශයින් භයංකාර ඒවාය.

සිදුවීමෙන් සතියක් ඉකුත් වී ගොස් ඇති නමුත් ඒ දරුණු, වර්ගවාදී හැසිරීම, තවමත් ජනාධිපති හෝ ආණ්ඩුව හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් හෝ හෙළා දැක නැත. කතා කරන දේ එතරම් පැහැදිලිව ඇසෙන්නේ නැති, වීඩියෝ දර්ශන වලට ප්‍රතිචාරයක් ලෙස, පූජ්‍ය ඉනාමලුවේ සුමංගල ස්වාමීන් වහන්සේ, ඊඊක්‍ යට කියා ඇත්තේ, රූපවාහිනියේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන, ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා බවයි. උත්ප්‍රාසය වන්නේ, එම සිදුවීමේ වඩා විස්තරාත්මක වීඩියෝ දර්ශන උන් වහන්සේගේ මාධ්‍ය අංශයේ වෙබ් අඩවියේමත් පළ කර තිබීමයි. අප්‍රේල් 25 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් , සිංහල භාෂාවෙන් පමණක් නිකුත් කළ ප්‍රකාශයේ මේ ප්‍රචණ්ඩත්වය ගැන සඳහන් කර තිබුණේ ‛‛ සුළු අනවබෝධයක්’’ හැටියටයි. එසේ නමුත් ”‛‛ලංකාව බහු ආගමික, බහු වාර්ගික, ජන සමාජයක් සිටන රටක්’’ බවත් එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම, රජයේ ප්‍රතිපත්තිවලට ද, අනුකූල වෙමින් දිගු කලක් රටතුළ පැවත එන සම්ප්‍රදායන්වලටද ගරුකරමින්, ශ්‍රී ලාංකික සමාජය කටයුතු කරන්නේ අනෙකා පිළිබඳ ගෞරවනීය හැඟීමෙන්’’ බවත් එහි නැවත නැවතත් සඳහන් වෙයි.

ප්‍රතිවිපාකයන් මොනවාද?

දඹුල්ලේ ප්‍රචණ්ඩත්වය ගැන ඡායාරූප, හඬ පට සහ වීඩියෝ දර්ශන ලෝකය පුරාම සංසරණය විය. ඒවා මකා දැමිය හැකි නොවේ. සුළු පිරිසක් විසින් දියක්කළ මේ ක්‍රියාව බහුතරය විසින් අනුමත නොකරන බව අවධාරණය කරමින්, මුස්ලිම් කවුන්සිලය ඇතුළු සංවිධාන සහ පුද්ගලයින් ගණනාවක්ම, මේ අවස්ථාවේදී ඉවසිලිවන්තව කටයුතු කරමින්, අර්බුදය විසඳීමට සාමකාමී සහ බුද්ධිමත් ප්‍රවේශයක් ගත යුතුයැයි මහජනයා වෙත ඉල්ලීම් නිකුත් කර ඇති නමුත්, මේ සිදුවීම සහ එය මෙහෙය වූ අයවලුන් විසින් ප්‍රකෝපයට පත් කරවන ලද මුස්ලිම් ප්‍රජාවේ ඇතැම් කොටස් ප්‍රති ප්‍රචණ්ඩත්වයට යොමු වීමේ අවදානමක් ගොඩනැගෙමින් පවතී.

මේ සම්බන්ධව ප්‍රබල මැදිහත්වීමක් සිදු නොවුණහොත්, නැතිනම් සුළු සිදුවීමක් යැයි සලකා මතුපිට තාවකාලික විසඳුම් ඉදිරිපත් කර මගහැර යාමක් සිදුවුවහොත්, මේ සටන්කාමී ආගමික අන්තවාදය ඉතා සුළු කලකින් රටේ විශාල ප්‍රදේශයක පැතිරී යනු ඇති අතර, එය ප්‍රශ්චාත් යුද ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය කෙරෙහි බරපතල අභියෝගයක් එල්ල කරනු ඇත. සිංහල බෞද්ධ ප්‍රජාවේ සහ මුස්ලිම් ප්‍රජාවේ අන්තවාදීන්ට දඹුල්ලේ ඇති වූ මේ ගිනි අවුලුවන සුළු සිදුවීම, ජාතීන් අතර උද්වේගකර ආතතියක් ඇති කොට ජනයා උසිගැන්වීමට පාවිච්චි කළ හැකිය. එසේ වුවුහොත් සමාජයේ භීතිය සහ අනාරක්ෂිතභාවය තව තවත් ඉහළ යෑමට ඉඩ ඇත.

අපට කළ හැක්කේ මොනවාද?

රංගිරි දඹුලු පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ විසින් නායකත්වය දුන් භික්ෂු කණ්ඩායම සහ මැර කල්ලිය හැසිරුණු ලජ්ජා සහගත අකාරයත්, පරුෂ වචනයෙන් කෑ ගසමින් ඔවුන් කියූ දේවලුත් බුදුන් දෙසු ධර්මයට කිසි ලෙසකින්වත් පෑහෙන්නේ නැත. ඔවුන්ගේ හැසිරීම බෞද්ධ දර්ශනයට අනුව, බෞද්ධ භික්ෂුවක් හැසිරි යුතු ආකාරය හෝ කතාකල යුතු ආකාරයට සම්පූර්ණයෙන් පරස්පරය. ශ්‍රී ලංකාව නැවතත්, මාධ්‍යවල කතා බහට ලක්වෙන ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් කරමින්, සුළු පිරිසක් විසින් දියත් කළ මේ නින්දා සහගත ක්‍රියාව පිළිබඳ තමන්ගේ බලවත් කණස්සල්ල පළ කරමින් මේ වන විටත් බොහෝ දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ අදහස් පළ කර ඇත.

මේ මොහොතේ කරන්නේ කුමක්දැයි අපට තෝරාගැනීමක් කළ හැකියි, නමුත් කාලය වේගයෙන් ගෙවී යයි. ඔබගේ නම, ඔබට කියන්නට ඇති අදහසක් සමග ඉංග්‍රීසියෙන්, සිංහලෙන්, හෝ දෙමළෙන් පහත සඳහන් කරන්න. නොවැදගත් සුළු පිරිසකගේ උන්මත්තක ක්‍රියාවන්ට සහ වර්ගවාදයට එරෙහි වන්න. පහතින් ඔබේ නම සඳහන් කර, මැර ප්‍රචණ්ඩත්වය මුදා හැරීම සහ ස්වමතයේම ගිලී අන් සියල්ල හෙළා දැකීමේ පිළිවෙතට විරෝධය පළ කරන්න.

අප සටන් කළ යුතු නම්, විනාශ කර දැමිය යුතුයැයි තමන් කියා සිටින දේ පමණක් නොව, තමන් ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා යැයි කියන දේත් අනතුරේ හෙළන අන්තවාදින්ගෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීම උදෙසා ඒ සටන දියත් කරමු.

ඔබේ නම මෙහි ඇතුළත් කර, අනෙක් අය වෙතත් මේ පණිවුඩය යවන්න.

ඉදිරියේදී මොනවද කෙරෙන්නෙ?

මාසයකට පසුව අත්සන් කළ සියලු දෙනාගේම නම් සහ ඔවුන් පල කල අදහස් මුද්‍රණය කර, ජනාධිපති ලේකම් කාර්යාලයට, අගමැති කාර්යාලයට, ආගමික කටයුතු සහ සදාචාර වර්ධන අමාත්‍යාංශයට, සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට, හින්දු ආගමික සහ සංස්කාතික කටයුතු දෙපාර්තමේන්තුවට සහ මුස්ලිම් ආගමික සහ සංස්කාතික කටයුතු දෙපාර්තමේන්තුවට ලබා දෙනු ඇත.

ඔබේ නම ඇතුලත් කිරීම සදහා මෙය click කරන්න