Colombo, end of the War, Featured Articles, Features

LLRC නිර්දේශ, ජිනීවා සහ මව්බිම[Video]


උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] වාර්තාව සහ විශේෂයෙන් එහි නිර්දේශයන් පිළිබද සමුලුවක් ඊයේ(16) ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවත්වීය. නිදහසේ වේදිකාව සංවිධානය කළ එම සමුලුවට ආරම්භ කිරීමට පෙර දෙමළ සහ සිංහල භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කිරීම සුවිශේෂී විය. එම සමුලුවට ලංකාවේ විවිධ පලාත් නියෝජනය කරමින් සිවිල් සංවිධාන නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.

වත්මන් රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] වාර්තාව පසුගිය 2011 දෙසැම්බර් 16 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ නමුත් මේවන විටත් එම වාර්තාව පළවී ඇත්තේ ඉංග්‍රීසි බසින් පමණක් වීම නිසා සිංහල සහ දෙමළ ජනයාට එහි අභ්‍යන්තර තත්ත්වය දැන ගැනීමට සීමා පැනවී තිබීම පිළීබදව එම සමුලුවේදී දැඩි විවේචනයට ලක්විය.

පහත පළවන්නේ උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] වාර්තාව සහ විශේෂයෙන් එහි නිර්දේශයන් පිළිබදව කථිකයින් කිහිපදෙනෙක් එම සමුලුවේදී දැක්වූ අදහස් කිහිපයකි.

[youtube]http://www.youtube.com/watch?v=h77rvACI2dY[/youtube]

[youtube]http://www.youtube.com/watch?v=QNzX3pNZXtc[/youtube]