සිංහල, Economic issues, Features, Life quips, Moneragala

දෙඹරවැව අනාථයි….

Dembara Wava Pic
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දෙඹරවැව ව්‍යාපාරයට අයත් ගොවිපවුල් 68ක් මෙතෙක් නොවිසඳුනු ගැටලු රැසක් නිසා බරපතල අසීරුතාවයකට ලක්ව සිටිති. එහි ප්‍රධානම ගැටලුව ලෙස ගොවීන් පවසන්නේ තමන්ට ගොවිතැන් කරගෙන යාමට නිසි ලෙස ජලය නොමැති බවයි.
වසර 35ක් තිස්සේ මෙම ගැටලු බලධාරීන්ට ඉදිරිපත්කළද මෙතෙක් විස දී නොමැත.
1973 දී මෙම ව්‍යාපාරය ආරම්භ වී ඇත්තේ දෙබරවැව කේන්ද්‍ර කරගෙනය. පහත් බිම් අක්කර 250ක් මේ ව්‍යාපාරය යටතේ අස්වද්දනු ලබන අතර ජල ගැටලුව නිසා දැන් වගාකල හැක්කේ එක් කන්නයකදී පමණක් බැව් ගොවීන් පවසයි.

’‛මේ පළාතේ ගොවීන්ට කුඹුරු වැඩ කරන්නට ඇත්තේ මේ ගොවි ව්‍යාපාරය පමණයි. තවම මෙකේ ඇල මාර්ග හරියට හදලා නෑ. ඒවා ගැන කිව්වාහම නිළධාරින් කියන්නේ ලබන අවුරුද්දෙ හදනවා. ඊළග අවුරුද්දේ හදනවා. මුදල් නෑ. මුදල් ලැබුනම කරන්නම්….කියලා. මේවා බොරු කතා. අපි මේ පිළිබඳ ගොවි සංවිධානයේ රැස්වීමේදී කතා කරලා ඇමතිවරුන්ට, නිළධාරීන්ට ලිපි යැව්වත් පලක් උනේ නෑ.’’ ප්‍රදේශයේ ගොවීන් මෙසේ පවසයි.

මේ පිළිබඳ දෙබරවැව ගොවි සංවිධානයේ ලේකම් ඩී. එම්. ගුණතිලක(70) මහතාගෙන් විමසීය. ඒ පිළිබදව ඔහු පැවසුවේ මෙවැන්නක්. ‛‛මේ ව්‍යාපාරයේ වම් ඇල සහ දකුණු ඇලත් හරියට කරලා නෑ. කුඹුරුවලට දාලා තියන බටත් කැඩිලා. ස්පිල් එකේ වැඩත් අවසන් නෑ. මේ වැවෙන් වතුරත් කාන්දු වෙනවා. ඉතිරි වැඩටික කරන්න වාරිමාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ සල්ලි නැතිලු. මුලින්ම කරපු වැඩ ඇරෙන්න වෙන කෙරුනු කිසිම දෙයක් නෑ. යල මහ වැඩකරන්න බැහැ. එක් කන්නයයි වැඩ කරන්න වෙන්නේ. ඒවගේම දවසින් දවස වැව ගොඩවෙනවා. විසඳුමක් නෑ.

වැල්ලවාය – දඹේගොඩ ජිනදාස
Picture by Sampath Samarakoon