සිංහල, Colombo, Featured Articles, Features

ලාංකීය මානව හිංසනයේ අයිස් බර්ගය (වව්නියාවෙන් හැරී බැලීමක්)


වව්නියාව බන්සනාගාරයේ රැඳවියන් හා බන්ධනාගාර පරිපාලනය අතර අතිව තිබූ ගැටුම නිමාවට පත්වූයේ, රාජයේ හමුදාව් මැදිහත්වීම හා ඉන්පසුව විසඳුමක් වශයෙන් සිද්ධියට සම්බන්ධ සිරකරුවන් නැවත වතාවක් ත්‍රස්තවාදීන් බවටත්, එල්ටීටීඊ ය නැවත හිස ඔස වන්නේ යැයි යන මතය සමාජ ගතකොට භීතිකාවක් ඇතිකර ඔවුන්ව වැරදි කරුවන් කරමිනි. ඊට ඇති විසඳුම් සහිත දඬුවම් වන සාහසික හිංසනය සිරකරුවන් වෙත මුදා හැර විශාල පිරිසකට බරපතල ‍ලෙස පහර දී වධ හිංසා කොට, එක් පුද්ගල‍යෙකුගේ ජීවිතය අහිමිකිරීමට හා තවත් බොහෝ දෙනෙකු සදාකාලිකව අකර්මන්‍ය කිරීමට තරම් මලේච්ඡ සත්වයින් යන්න මනුෂ්‍යත්වය අගයන, මනුෂ්‍යත්වයට ගරු කරන මිනිසුන්ගේ සිත් කම්පා කරවමින් මලේච්ඡත්වය ‍පෙන්නුම් කරන්නට විය.

ඝාතනය කරනු ලැබූ නිමලරූබන් සිරකරුවා ඇතුලු සිද්ධියට සම්බන්ධ පහර කෑම්වලට ලක් වූ ‍සෙසු සිරකරුවන්ගෙන් යුතු වව්නියා සිදුවීම තවත් එක් බහුවිධ ආක්‍යානයන්ගෙන්(Multi monologue Narrative) යුත් ආඛ්‍යානයක් වී ඇත. මෙ‍ලෙස එය ඉතිහාසයට එකතුවුවද , සිරගෙවල් තුල දී පහර කෑමට ලක්ව මිය ගිය, බරපතල තුවාල ලැබූ සිරකරුවන්ගෙන් යුතු සිදුවීම්වලින් යුක්ත අවිච්ඡින්න ඉතිහාසයක් ලාංකාව සතුවන අතර ‍මෙම සිද්ධිය වනාහී, කලින් කල ඉතිහාසගත වූ සිද්ධීන්ගෙන් තවත් එකක් පමණක් වුවද, යම් හා සමාන වාර්ගික අනන්‍යතාව විෂය වූ 83 ජූලි හර්තාලයේ දී වැලිකඩ හා කොළඹ බන්ධනාගාරවල දී ඇති වූ මලේච්ඡ හිංසනය ද, බිඳුනුවැව රැඳවුම් කඳවුරෙහි සිදුකළ හිංසනයන් ද ප්‍රධාන සිද්ධීන් වෙති. මෙම සම්පූර්ණ ලිපිය කියවීමට මෙයට පිවිසෙන්න

ලාංකීය මානව හිංසනයේ අයිස් බර්ගය (වව්නියාවෙන් හැරී බැලීමක්)